14.2.12

පකිණ්ණ වග්ගො 13

දුප්පබ්බජ්ජං දූරභිරමං
දුරාවාසා ඝරා දුඛා
දුක්ඛො සමාන සංවාසො
දුක්ඛානුපතිතද්ධගු
තස්මා න චද්ධගු සියා
න දුක්ඛානුපතිතො සියා

පැවිද්ද දුෂ්කර ය. එහි සිත් ඇලවීමත් දුෂ්කර ය. ගිහිගෙයි වාසයත් දුක් සහිත ය. අසමාන අදහස් ඇත්තන් හා එක්ව විසීමත් දුකකි. සසර ද ඉතා දිග හෙයින් දුක් සහිත ය. මේ නිසා සසර මඟට පිළිපන්නෙකු නො විය යුතු ය. දුකින් ලුහුබඳිනා ලද්දකුත් නොවිය යුතු ය..