1.8.12

බ්‍රාහ්මණ වග්ගො 13

පාංසුකුලධරං ජන්තුං
කීසං ධමනිසන්ථතං
එකං වනස්මිං ඣායන්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

පාංශුකුල සිවුර පොරවමින්, පිළිවෙත් පිරීම නිසා කෙට්ටුව ගිය, නහර වැල් ඉපිලී ගිය ශරීරය ඇතිව, තනිව වනයෙහි හිඳ භාවනා කරන පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..