4.8.12

බ්‍රාහ්මණ වග්ගො 14

නචාහං බ්‍රාහ්මණං බ්‍රෑමි
යොනිජං මත්තිසම්භවං
භොවාදී නාම සො හොති
සචෙ හොති සකිංචනො
අකිංචනං අනාදානං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

බමුණු යෝනියෙහි උපන් පමණින් වත්, බැමිණියක මව වූ පමණින් වත්, කෙනෙකු බ්‍රාහ්මණයකු වෙතැයි මම නොකියමි. බමුණු කුලයෙහි උපන්නත් යමෙක් රාගාදී වූ පලිබෝධවලින් යුක්ත නම්, ඔහු දුටු දුටු තැන අනුන්ට හෝ, ( පින්වත, පින්වත ) කියන හේවාදියකු වෙනවා මිස නියම බමුණෙක් නොවේ. රාගාදී පලිබෝධ නැති, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක් නොගන්නා වූ පුද්ගලයා පමණක් බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..