23.5.11

චිත්ත වග්ගො 3

දුන්නිග්ගහස්ස ලහුනො
යත්ථ කාමනිපාතිනො
චිත්තස්ස දමතො සාධු
චිත්තං දන්තං සුඛාවහං

අල්ලා ගැනීමට අපහසු වූ,වහ වහා ඉපිද නැසෙන සුලු වූ,කැමති හැම අරමුණකට ම වැටෙන සුලු වූ මේ සිත දමනය කිරීම යහපත් ය.දමනය කරන ලද සිත සුව ගෙනදේ..