න අත්තහෙතු න පරස්ස හෙතු
න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්ය අධම්මෙන සමිද්ධිමත්තනො
න සීලවා පඤ්ඤවා ධම්මිකො සියා
යමෙක් තමා නිසා හෝ අනුන් නිසා හෝ පවක් නොකරයි ද,වැරදි පිළිවෙලකින් පුතකු හෝ ධනය හෝ,රටක් හෝ නොපතයි ද,අධර්මයෙන් තමාගේ වැඩි දියුණුවක් බලාපොරොත්තු නොවෙයි ද,එවැනි පුද්ගලයා සිල්වතෙකි,නුවණැතියෙකි,දැහැමියෙකි..