12.10.12

බ්‍රාහ්මණ වග්ගො 41

පුබ්බේ නිවාසං යො වෙදි
සග්ගාපායං ච පස්සති
අථො ජාතික්ඛයං පත්තො
අභිඤ්ඤාවොසිතො මුනි
සබ්බවොසිත වොසානං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් පෙර විසූ පිළිවෙල දනී ද, දෙව්ලොව හා අපායත් දකී ද, රහත් බවටත් පැමිණියේ ද, දත යුතු දේ මනාව දැන නිම කළේ ද, මුනි බවට පත්වී ද, බඹසර වැස නිම කළේ ද ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

- - - - - - - - - බ්‍රාහ්මණ වර්ගය නිමි - - - - - - - - -


      රත්නාත්ථි සූධනී නම් වූ ධර්ම පද භාවය නිම   

බ්‍රාහ්මණ වග්ගො 40

උසභං පවරං වීරං
මහෙසිං විජිතාවිනං
අනෙජං නහාතකං බුද්ධං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

අජානීය වෘෂභයකු බඳු වූ, උතුම් වූ වීර්යවත් වූ, මහාර්ෂි වූ, මරුන් දිනූ, අචල වූ, කෙලෙස් මල නැති වූ, චතුරාර්ය සත්‍යය දත් පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 39

යස්ස පුරෙ ච පච්ඡා ච
මඡ්ඣෙ ච නත්ථි කිංචනං
අකිංචනං අනාදානං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමකුගේ සිතේ අතීත, අනාගත, වර්තමාන ස්කන්ධයන් පිළිබඳ හැඟීමක් නැද්ද, ආශාව නැති, ආත්ම ආදී වශයෙන් කිසිවක් නොගන්නා ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 38

යස්ස ගතිං න ජානන්ති
දේවා ගන්ධබ්බ මානුසා
ඛිණාසවං අරහන්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

දෙවියෝත්, ගන්ධර්වයෝත්, මිනිස්සුත් යමකු උපදිනා තැන නොදනිද්ද, කාමාදී ආශ්‍රව නැසූ, රහත් වූ ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 37

චුතිං යො වෙදි සත්තානං
උප්පත්තිං ච සබ්බසො
අසත්තං සුගතං බුද්ධං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් සත්වයන්ගේ ව්‍රතියත්, පිළිසිඳ ගැනීමත් හැම අතින් ම පිරිසිඳ දනී ද, කිසි භවයෙක නොඇලුණු පිළිවෙත් මඟ මනාව ගිය චතුරාර්ය සත්‍යය දත් ඔහු ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

7.10.12

බ්‍රාහ්මණ වග්ගො 36

හිත්වා රතිං ච අරතිං ච
සීතිභූතං නිරූපධිං
සබ්බලෝකාභිභූං විරං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

පංච කාමයෙහි ආශාවත්, මහණකමේ නො ඇල්මක් දුරුකොට, සිහිල් වූ කෙලෙස් රහිත වූ සියලු ස්කන්ධයන් මැඩ පැවැත්වූ වීරයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 35

හිත්වා මානුසකං යොගං
දිබ්බං යොගං උපච්චගා
සබ්බයොගවිසංයුත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් මිනිස් ආයුෂය හා මිනිස් පස් කම් සැපය හැර දමා, දිව්‍ය ආයුෂය හා දිව්‍ය කාම සම්පතත් ඉක්මවී ද, සියලු බැමිවලින් මිදුණු ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..