30.6.12

බ්‍රාහ්මණ වග්ගො 1

ඡින්ද සොතං පරක්කම්ම
කාමෙ පනුද බ්‍රාහ්මණ
සංඛාරානං ඛයං ඤත්වා
අකතඤ්ඤූ සි බ්‍රාහ්මණ

බ්‍රාහ්මණය, තණ්හාව නමැති දිය පාර සිඳින්න. කාමයන් දුරු කරන්න. සංස්කාරයන්ගේ විනාශය දැනගෙන නිවන ද අවබෝධ කරගන්න..

24.6.12

භික්ඛු වග්ගො 23

යො භවෙ දහරො භික්ඛු
යුංජති බුද්ධ සාසනේ
සො ඉමං ලොකං පභාසෙති
අබ්භාමුත්තොව චන්දිමා

යම් භික්ෂුවක් ළදරු වූවත් බුදු සස්නෙහි මනාව යෙදේ ද ඔහු වළාකුළින් නික්මුණු පුන් සඳ මෙන් මේ ලොව බබුළුවයි..

- - - - - - - - - භික්ඛු වර්ගය නිමි - - - - - - - - -

භික්ඛු වග්ගො 22

පාමොජ්ජ බහුලො භික්ඛු
පසන්නො බුද්ධ සාසනේ
අධිගච්ඡෙ පදං සන්තං
සංඛා රූප සමං සුඛං

අධික වූ ප්‍රීති ප්‍රමෝදයෙන් යුත්, බුදු සස්නෙහි පැහැදුණු භික්ෂුව සංස්කාරයන්ගේ සංසිඳීමෙන් ලබන සැපය වූ නිවනට පැමිණේ..

භික්ඛු වග්ගො 21

අත්තා හි අත්තනො නාථො
අත්තා හි අත්තනො ගති
තස්මා සඤ්ඤමය'ත්තානං
අස්සං භද්‍රං ව වාණිජො

තමාට පිහිට තමා ම ය. තමාට පිළිසරණත් තමා ම ය. ඒ නිසා වෙළෙන්දා හොඳ අශ්වයා රැක ගන්නාක් මෙන් ආත්මය තැන්පත් කමින් දියුණු කර ගන්න..

භික්ඛු වග්ගො 20

අත්තනා චොදයත්තානං
පටිමාසේ අත්තමත්තනා
සො අත්තගුත්තො සතිමා
සුඛංභික්ඛු විහාහිසි

මහණෙනි, තමා විසින් තමාගේ අඩුපාඩු බලා තමාට චෝදනා කරගත යුතුය. තමා විසින් තමා වැඩ කරන පිළිවෙල හරිදැ' යි විමසිය යුතුය. එසේ කරමින් තමා රැකගන්නා වූ මනා සිහිය ඇති භික්ෂුව සුවසේ වසන්නේ ය..

භික්ඛු වග්ගො 19

සන්තකායො සන්තවාචො
සන්තවා සුසමාහිතො
වන්තලොකාමිසො භික්ඛු
උපසන්තොති වුච්චති
ශාන්ත වූ කයත් , ශාන්ත වූ වචනයත්, ශාන්ත වූ සිතත් ඇති ඉතාම තැන්පත් වූ ලෝකාමිෂය ( පස්කම් සුව ) දුරු කල භික්ෂුව උපශාන්තයෙකැයි කියනු ලැබේ..

භික්ඛු වග්ගො 18

වස්සිකා විය පුප්ඵානි
මද්දවානි පමුංචති
එවං රාගං ච දොසං ච
විප්පමුංචෙථ භික්ඛවො

මහණෙනි, යම් සේ දැසමන් වැල පරව ගිය මල් නටුවලින් මුදාලයි ද, එසේ ම රාගයත් ද්වේෂයත් මුදාලන්න..