15.6.12

භික්ඛු වග්ගො 14

සුඤ්ඤාගාරං පවිට්ඨස්ස
සන්තචිත්තස්ස භික්ඛුනො
අමානුසී රතී හොති
සම්මා ධම්මං විපස්සතො

ශූන්‍යාගාරයකට ගිය, සන්සුන් සිත් ඇති මනාවූ දහම් විමසා බලන භික්ෂුවට අමානුෂික වූ රතියක් ( විදර්ශනාව පිළිබඳ ඇල්මක් ) ඇති වේ..

13.6.12

භික්ඛු වග්ගො 13

නත්ථි ඣානං අපඤ්ඤස්ස
පඤ්ඤානත්ථි අජ්ඣායතො
යම්හි ඣානං ච පඤ්ඤා ච
ස වෙ නිබ්බානසන්තිකෙ

අනුවණයාට ධ්‍යානයක් නැත. ධ්‍යානයක් නැත්තාට නුවණ නැත. යමකු තුළ ධ්‍යානයත් නුවණත් ඇද්ද හේ ඒකාන්තයෙන් ම නිවන ළඟ ය..

10.6.12

තණ්හා වග්ගො 12

ඣාය භික්ඛු මා ච පමාදො
මා තෙ කාමගුණෙ භමස්සු චිත්තං
මා ලොහගුලං ගිලී පමත්තො
මා කන්දි දුක්ඛමිදන්තී ඩය්හමානො

මහණෙනි, ධ්‍යාන වඩන්න පමා නොවන්න. ඔබගේ සිත කාමයෙහි නො බමවන්න. පමා වෙමින් අපායෙහි ලෝහ ගුලි නො ගිලින්න.මේක දුක යයි කියමින් නො හඬන්න..