18.2.12

නිරය වග්ගො 1

අභූතවාදී නිරයං උපෙති
යො චාපි කත්වා න කරොමීති චාහ,
උභොපි තෙ පෙච්ච සමා භවන්ති
නිහීනකම්මා මනුජා පරත්ථ

බොරු කියන පුද්ගලයා අපායට යයි. යම් පවක් කොට එය නො කළේ යැයි කියන්නාත් අපායට යයි. පහත් ක්‍රියා ඇති ඒ මිනිස්සු දෙදෙනා පරලොව දී ද ගති වශයෙන් සමාන වෙත්

15.2.12

පකිණ්ණ වග්ගො 16

එකාසං එකසෙය්‍යං
එකො චරමතන්දිතො
එකො දමයමත්තානං
වනන්තෙ රමිතො සියා

තනිව ආත්ම දමනය කරන්නා තනිව ම විසිය යුතුය. තනිව ම නිදිය යුතුය. තනිව ම හැසිරිය යුතුය. නොමැළිව වනයෙහි සිත් අලවා විසිය යුතුය...

- - - - - - - - - ප්‍රකීර්ණක වර්ගය නිමි - - - - - - - - -

පකිණ්ණ වග්ගො 15

දූරෙ සන්තො පකාසෙන්ති
හිමවන්තො ව පබ්බතො
අසන්තෙත්ථ න දිස්සන්ති
රත්තිඛිත්තා යථා සරා

සත්පුරුෂයෝ කොතරම් දුර සිටියත් හිමාලය පර්වතය මෙන් ප්‍රකටව පෙනෙත්. අසත් පුරුෂයෝ ලඟ සිටියත් රාත්‍රියෙහි විදින ලද ඊතල මෙන් නොපෙනෙත්.

පකිණ්ණ වග්ගො 14

සද්ධා සීලෙන සම්පන්නො
යසොභොග - සමප්පිතො
යං යං පදෙසං භජති
තත්ථ තත්ථෙව පූජිතො

ශ්‍රද්ධාවත්, සිල්වත්, කීර්තිමත්, භෝග සම්පත් ඇති පුද්ගලයා යම් යම් පෙදෙසකට යයි ද, ඒ හැම තැන දීම (හේ මහජනතාව විසින්) පුදනු ලැබේ..

14.2.12

පකිණ්ණ වග්ගො 13

දුප්පබ්බජ්ජං දූරභිරමං
දුරාවාසා ඝරා දුඛා
දුක්ඛො සමාන සංවාසො
දුක්ඛානුපතිතද්ධගු
තස්මා න චද්ධගු සියා
න දුක්ඛානුපතිතො සියා

පැවිද්ද දුෂ්කර ය. එහි සිත් ඇලවීමත් දුෂ්කර ය. ගිහිගෙයි වාසයත් දුක් සහිත ය. අසමාන අදහස් ඇත්තන් හා එක්ව විසීමත් දුකකි. සසර ද ඉතා දිග හෙයින් දුක් සහිත ය. මේ නිසා සසර මඟට පිළිපන්නෙකු නො විය යුතු ය. දුකින් ලුහුබඳිනා ලද්දකුත් නොවිය යුතු ය..

12.2.12

පකිණ්ණ වග්ගො 12

සුප්පබුද්ධං පබුජ්ඣන්ති
සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච
භාවනාය රතො මනො

යම් කෙනෙකුන්ගේ සිත දිවා රෑ දෙකේහි භාවනාවෙහි ඇලුණේ ද (කරුණා භාවනාව වඩන ලද ), ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමදා සුවසේ නිදා මනාව පුබුදිත්..