17.8.12

බ්‍රාහ්මණ වග්ගො 19

වාරි පොක්ඛරපත්තෙව
ආරග්ගෙරිව සාසපො
යො න ලිප්පති කාමෙසු
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් නෙළුම් පතෙහි ජලයත්, ඉඳිකටු අග අබ ඇටයත් මෙන් කාමයන්හි නො ඇලේ ද ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

16.8.12

බ්‍රාහ්මණ වග්ගො 18

අක්කොධනං වතවන්තං
සිලවන්තං අනුස්සුතං
දන්තං අන්තිමසාරීරං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

ක්‍රෝධ නොකරන, ව්‍රත පුරන, සිල්වත්, තෘෂ්ණාවෙන් තෙත් නොවූ, දැමුණා වූ, අන්තිම ආත්ම භාවය දරන පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 17

අක්කොසං වධබන්ධං ච
අදුට්ඨො යෙ තිතික්ඛති
ඛන්තීබලං බලාණීකං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

ද්වේෂ රහිත වූ යමෙක් බැණීම් හා වධබන්ධන ඉවසා ද, ඉවසීම බලය කොටත්, නැවත නැවත උපදින එම ඉවසීම බල ඇණිය කොටත් ගත් ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..