24.2.12

නිරය වග්ගො 6

කුසො යථා දුග්ගහිතො
හත්ථමෙවානුකන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං
නිරයායුපකඩ්ඪති

වැරදි විධියට අල්ලා ගන්නා ලද කුසතණ පත එය ඇල්ලුවහුගේ අත කපන්නාක් මෙන් වරදවා ගත් මහණකම පුද්ගලයා අපායට අදී..

නිරය වග්ගො 5

අපුඤ්ඤලාභො ච ගතී ච පාපිකා
භීතස්ස භීතාය රතී ච ථොකිකා
රාජා ච දණ්ඩං ගරුකං පණෙති
තස්මා නරො පරදාරං න සෙවෙ

පරදාර සේවනයෙන් අකුසල් ද සිදු වේ. ළාමක ගතියට ද පත් වේ. ඒ හැර බිය වූවකු සමග බිය වූවහුගේ කාම ආශ්වාදය ද සුළුය. රජහුත් ඔහුට බර දඬුවම් පමුණුවති. මේ නිසා පරඹුවන් නො සෙවිය යුතුය..

22.2.12

නිරය වග්ගො 4

චත්තාරි ඨානානි නරො පමත්තො
ආපජ්ජති පරදාරූපසෙවී
ආපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං
නින්දං තතියං නිරයං චතුත්ථං

පරදාරාවන් සේවනය කරන්නා වූ නො සැලකිලිමත් පුද්ගලයා, අකුසල් සිදුකර ගැනීම ය, හිතේ හැටියට නින්ද නො ලැබීමය, මෙලොව නින්දාව ය, පරලොව අපායට යාමය යන කරුණු හතරකට මුහුණ පායි..

20.2.12

නිරය වග්ගො 3

සෙය්‍යො අයොගුළො භුත්තො
තත්තො අග්ගිසිඛූපමො
යඤ් චෙ භුංජෙය්‍ය දුස්සීලො
රට්ඨපිණ්ඩං අසඤ්ඤතො

තැන්පත්කමක් නැති දුශ්ශීලයා රටවැසියා විසින් දෙන ආහාරය වලඳනවාට වඩා රත් වූ ගිනි සිලුවක් වැනි යකඩ ගුලියක් ගිලීම හොඳය..

19.2.12

නිරය වග්ගො 2

කාසාවකණ්ඨා බහවො
පාපධම්මා අසඤ්ඤති
පාපා පාපෙහි කම්මෙහි
නිරයං තෙ උපපජ්ජරෙ

බෙල්ලෙහි කහ කඩ ඔතාගත් පාප ස්වභාව ඇති, සංයම නැති පුද්ගලයෝ බොහෝය. ඒ පාපීහු සිය පාප ක්‍රියා නිසා අපායෙහි (නිරයෙහි) උපදිති...