12.10.12

බ්‍රාහ්මණ වග්ගො 41

පුබ්බේ නිවාසං යො වෙදි
සග්ගාපායං ච පස්සති
අථො ජාතික්ඛයං පත්තො
අභිඤ්ඤාවොසිතො මුනි
සබ්බවොසිත වොසානං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් පෙර විසූ පිළිවෙල දනී ද, දෙව්ලොව හා අපායත් දකී ද, රහත් බවටත් පැමිණියේ ද, දත යුතු දේ මනාව දැන නිම කළේ ද, මුනි බවට පත්වී ද, බඹසර වැස නිම කළේ ද ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

- - - - - - - - - බ්‍රාහ්මණ වර්ගය නිමි - - - - - - - - -


      රත්නාත්ථි සූධනී නම් වූ ධර්ම පද භාවය නිම   

බ්‍රාහ්මණ වග්ගො 40

උසභං පවරං වීරං
මහෙසිං විජිතාවිනං
අනෙජං නහාතකං බුද්ධං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

අජානීය වෘෂභයකු බඳු වූ, උතුම් වූ වීර්යවත් වූ, මහාර්ෂි වූ, මරුන් දිනූ, අචල වූ, කෙලෙස් මල නැති වූ, චතුරාර්ය සත්‍යය දත් පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 39

යස්ස පුරෙ ච පච්ඡා ච
මඡ්ඣෙ ච නත්ථි කිංචනං
අකිංචනං අනාදානං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමකුගේ සිතේ අතීත, අනාගත, වර්තමාන ස්කන්ධයන් පිළිබඳ හැඟීමක් නැද්ද, ආශාව නැති, ආත්ම ආදී වශයෙන් කිසිවක් නොගන්නා ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 38

යස්ස ගතිං න ජානන්ති
දේවා ගන්ධබ්බ මානුසා
ඛිණාසවං අරහන්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

දෙවියෝත්, ගන්ධර්වයෝත්, මිනිස්සුත් යමකු උපදිනා තැන නොදනිද්ද, කාමාදී ආශ්‍රව නැසූ, රහත් වූ ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 37

චුතිං යො වෙදි සත්තානං
උප්පත්තිං ච සබ්බසො
අසත්තං සුගතං බුද්ධං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් සත්වයන්ගේ ව්‍රතියත්, පිළිසිඳ ගැනීමත් හැම අතින් ම පිරිසිඳ දනී ද, කිසි භවයෙක නොඇලුණු පිළිවෙත් මඟ මනාව ගිය චතුරාර්ය සත්‍යය දත් ඔහු ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

7.10.12

බ්‍රාහ්මණ වග්ගො 36

හිත්වා රතිං ච අරතිං ච
සීතිභූතං නිරූපධිං
සබ්බලෝකාභිභූං විරං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

පංච කාමයෙහි ආශාවත්, මහණකමේ නො ඇල්මක් දුරුකොට, සිහිල් වූ කෙලෙස් රහිත වූ සියලු ස්කන්ධයන් මැඩ පැවැත්වූ වීරයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 35

හිත්වා මානුසකං යොගං
දිබ්බං යොගං උපච්චගා
සබ්බයොගවිසංයුත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් මිනිස් ආයුෂය හා මිනිස් පස් කම් සැපය හැර දමා, දිව්‍ය ආයුෂය හා දිව්‍ය කාම සම්පතත් ඉක්මවී ද, සියලු බැමිවලින් මිදුණු ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 34

යොධ තණ්හං පහත්වාන
අනාගාරො පරිබ්බජෙ
තණ්හාභවපරික්ඛීණං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් මේ ලෝකයෙහි ආශාව හැර දමා ගිහිගෙයින් නික්ම පැවිදි වේ ද, ආශාව හා භවයන් නැති කල ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 33

යොධ කාමෙ පහත්වාන
අනාගාරො පරිබ්බජෙ
කාමභවපරික්ඛීණං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් මේ ලෝකයෙහි කාමයන් හැර දමා ගිහිගෙයින් නික්ම පැවිදි වේ ද, කාමයන් හා භවයන් ද නැති කල ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 32

යො ඉමං පලිපථං දුග්ගං
සංසාරං මොහමච්චගා
තිණ්ණො පාරගතො ඣායී
අනෙජො අකථංකථි
අනුපාදාය නිබ්බුතො
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් මේ කෙලෙස්වලින් පිරුණු දුර්ගයත්, සසර හා මෝහයත් පසුකළේ ද, පීනා පරතෙරට ගියා වූ භාවනා ඇලුණු, ස්ථිර වූ, නිසැක වූ, කිසිම ගැනීමක් බැඳීමක් නැතිව නිවුණා වූ, ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

3.10.12

බ්‍රාහ්මණ වග්ගො 31

චන්දං ව විමලං සුද්ධං
විප්පසන්නමනාවිලං
නන්දිභවපරික්ඛීණං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

සඳු මෙන් නොකැළැල් වූ, පිරිසිදු වූ, පැහැදිලි වූ, නොකැළැඹුණා වූ, බව ආශාව දුරු කළා වූ පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

29.9.12

බ්‍රාහ්මණ වග්ගො 30

යොධ පුඤ්ඤං ච පාපං ච
උභො සංගං උපච්චගා
අසොකං විරජං සුද්ධං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් පින් පව් හා රාගාදී සංගත් ඉක්මවී ද, ශෝක නැති, රජස් නැති, පිරිසිදු වූ ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 29

යස්සාලයා න විජ්ජන්තී
අඤ්ඤාය අකථංකථි
අමතොගධං අනුප්පත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙකුට කිසිවක් ගැන ආශා නැද්ද, යමෙක් නුවණින් කරුණු දැනගෙන නිසැක වේ ද, නිවනට බැස ගත් ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

26.9.12

බ්‍රාහ්මණ වග්ගො 28

ආසා යස්ස න විජ්ජන්ති
අස්මිං ලොකෙ පරම්හි ච
නිරාසයං විසංයුත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙකුට මෙලොව පරලොව දෙකෙහි ම කිසිත් ආශාවක් නැද්ද, ආශා නැති කෙලෙස් බැඳුම් නැති ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

18.9.12

බ්‍රාහ්මණ වග්ගො 27

යොධ දීඝං ච රස්සං වා
අණු ථූලං සුභාසුභං
ලොකෙ අදින්නං නාදියති
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් මේ ලෝකයෙහි දික් වූ හෝ කොට වූ හෝ, කුඩා වූ හෝ ලොකු වූ හෝ, හොඳ වූ හෝ නොහොඳ වූ හෝ, අනුන්ට අයිති වස්තුවක් සොර සිතින් නොගනී ද, ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

14.9.12

බ්‍රාහ්මණ වග්ගො 26

අකක්කසං විඤ්ඤාපනිං
ගිරං සච්චං උදීරයෙ
යාය නාභිසජෙ කංචි
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් නොරළු වූ, දෙලෝ වැඩ හඟවන්නා වූ සත්‍ය වචන කියයි ද, යම් වචනයකින් කිසිවකුත් කෝප නොකරවයි ද, ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

11.9.12

බ්‍රාහ්මණ වග්ගො 25

යස්ස රාගො ච දොසො ච
මානො මක්ඛෙ ච පාතිතො
සාසපොරිව ආරග්ගා
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමකු විසින් රාගයත්, ද්වේෂයත්, මානයත්, ගුණමකු බවත්, ඉඳිකටු අගින් වැටෙන අබ ඇටයක් මෙන් හෙළන ලද ද ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

4.9.12

බ්‍රාහ්මණ වග්ගො 24

අවිරුද්ධං විරුද්ධෙසු
අත්තදණ්ඩෙසු නිබ්බුතං
සාදානෙසු අනාදානං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

විරුද්ධ වූවන් අතරෙහි නිවී සැනහීත්, ආශාවෙන් ඒ ඒ දේ වැළඳ ගන්නන් අතරෙහි එසේ නොගෙනත්, වසන පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 23

නිධාය දණ්ඩං භුතෙසු
තසෙසු ථාවරෙසු ච
යො න භන්ති න ඝාතෙති
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් තැති ගත් නොගත් සියලු සතුන්ට හිංසා කිරීම නවතා, සතුන් මැරීම හා මැරවීමත් අත්හරි ද, ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

30.8.12

බ්‍රාහ්මණ වග්ගො 22

අසංසට්ඨා ගහට්ඨෙහි
අනාගාරෙහි චූභයං
අනොකසාරිං අප්පිච්ඡං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

ගිහියන් සමග මෙන්ම පැවිද්දන් සමගත් මිශ්‍ර වීමක් නැති, ආශාව අඩු කරගත් සුළුවෙන් යැපෙන පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

26.8.12

බ්‍රාහ්මණ වග්ගො 21

ගම්භීරපඤ්ඤං මෙධාවිං
මග්ගාමග්ගස්ස කොවිදං
උත්තමත්ථං අනුප්පත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

ස්කන්ධ පිළිබඳ නැණවත්, විදර්ශනා නුවණත් ඇති මඟ නොමඟ දන්නාවූ රහත් බව ලත් පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

22.8.12

බ්‍රාහ්මණ වග්ගො 20

යො දුක්ඛස්ස පජානාති
ඉධෙව ඛයමත්තනො
පන්නභාරං විසංඤුත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් මේ ආත්මයේ දී ම තමාගේ දුක අවසාන බව වටහා ගනී ද, බහා තැබූ ස්කන්ධ බර හා උනා තැබූ කෙලෙස් රැස ඇති ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

17.8.12

බ්‍රාහ්මණ වග්ගො 19

වාරි පොක්ඛරපත්තෙව
ආරග්ගෙරිව සාසපො
යො න ලිප්පති කාමෙසු
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් නෙළුම් පතෙහි ජලයත්, ඉඳිකටු අග අබ ඇටයත් මෙන් කාමයන්හි නො ඇලේ ද ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

16.8.12

බ්‍රාහ්මණ වග්ගො 18

අක්කොධනං වතවන්තං
සිලවන්තං අනුස්සුතං
දන්තං අන්තිමසාරීරං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

ක්‍රෝධ නොකරන, ව්‍රත පුරන, සිල්වත්, තෘෂ්ණාවෙන් තෙත් නොවූ, දැමුණා වූ, අන්තිම ආත්ම භාවය දරන පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 17

අක්කොසං වධබන්ධං ච
අදුට්ඨො යෙ තිතික්ඛති
ඛන්තීබලං බලාණීකං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

ද්වේෂ රහිත වූ යමෙක් බැණීම් හා වධබන්ධන ඉවසා ද, ඉවසීම බලය කොටත්, නැවත නැවත උපදින එම ඉවසීම බල ඇණිය කොටත් ගත් ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

11.8.12

බ්‍රාහ්මණ වග්ගො 16

ඡෙත්වා නධිං වරත්තං ච
සන්දාමං සහනුක්කමං
උක්ඛිත්තපලිඝං බුද්ධං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් ක්‍රෝධ නැමැති රැහැන කඩා, තණ්හාව නැමැති වරපට ගලවා, මිථ්‍යාදෘෂ්ටිය නමැති අනුශය සහිත මහ දම්වැල පුපුරවා, අවිද්‍යාව නමැති අගුල උපුටා දමා සිටී ද, ධර්‍මාවබෝධයෙන් යුත් ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

බ්‍රාහ්මණ වග්ගො 15

සබ්බසංයොජනං ඡෙත්වා
යො චෙන පරිතස්සති
සාගාතිගං විසඤ්ඤුත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් සියලු බැඳුම් සිඳ තැති නොගන්නකුව සිටී ද, රාගාදි පලිබෝධ ඉක්ම වූ, සංයෝජනවලින් මිදුණු ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

4.8.12

බ්‍රාහ්මණ වග්ගො 14

නචාහං බ්‍රාහ්මණං බ්‍රෑමි
යොනිජං මත්තිසම්භවං
භොවාදී නාම සො හොති
සචෙ හොති සකිංචනො
අකිංචනං අනාදානං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

බමුණු යෝනියෙහි උපන් පමණින් වත්, බැමිණියක මව වූ පමණින් වත්, කෙනෙකු බ්‍රාහ්මණයකු වෙතැයි මම නොකියමි. බමුණු කුලයෙහි උපන්නත් යමෙක් රාගාදී වූ පලිබෝධවලින් යුක්ත නම්, ඔහු දුටු දුටු තැන අනුන්ට හෝ, ( පින්වත, පින්වත ) කියන හේවාදියකු වෙනවා මිස නියම බමුණෙක් නොවේ. රාගාදී පලිබෝධ නැති, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක් නොගන්නා වූ පුද්ගලයා පමණක් බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

1.8.12

බ්‍රාහ්මණ වග්ගො 13

පාංසුකුලධරං ජන්තුං
කීසං ධමනිසන්ථතං
එකං වනස්මිං ඣායන්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

පාංශුකුල සිවුර පොරවමින්, පිළිවෙත් පිරීම නිසා කෙට්ටුව ගිය, නහර වැල් ඉපිලී ගිය ශරීරය ඇතිව, තනිව වනයෙහි හිඳ භාවනා කරන පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

31.7.12

බ්‍රාහ්මණ වග්ගො 12

කිං තෙ ජටාහී දුම්මෙධ !
කිං තෙ අජිනසාටියා !
අබ්භංතරං තෙ ගහණං
බාහිරං පරිමජ්ජසි ?

අනුවණය ඔබගේ ජටාවාලින් හෝ අඳුන් දිවි සමින් හෝ ඇති ඵලය කුමක් ද ? ඔබ තමාගේ ඇතුලත කෙලෙස්වලින් පිරී තිබිය දී පිටත පමණක් පිරිමදිද් ද ?

27.7.12

බ්‍රාහ්මණ වග්ගො 11

න ජටාහි න ගොත්තෙන
න ජච්චා හොති බ්‍රාහ්මණො
යම්හි සච්චං ච ධම්මො ච
සො සුචී සො ච බ්‍රාහ්මණො

හිසෙහි බැඳ තිබෙන ජටාවලින් ( අවුල් සහිත කොණ්ඩයෙන් ) හෝ ගෝත්‍රයෙන් හෝ, ජාතියෙන් හෝ බමුණෙක් නොවේ. යමකු තුළ සත්‍යයත් ධර්මයත් පවතී නම් ඔහු පිරිසිදු කෙනෙකි. ඔහු ම බ්‍රහ්මණයෙකි..

26.7.12

බ්‍රාහ්මණ වග්ගො 10

යම්හා ධම්මං විජානෙය්‍ය
සම්මාසම්බුද්ධදෙසිතං
සක්කච්චං තං නමස්සෙය්‍ය
අග්ගිහුත්තං ව බ්‍රාහ්මණො

යමකු වෙතින් බුදුන්ගේ ධර්මය දත හැකි ද, ගිනි දෙවියා පුදන බමුණා මෙන් ඔහු සකසා ( හරී ගැහී ) වැන්ද යුතුය..

බ්‍රාහ්මණ වග්ගො 9

දිවා තපති ආදිච්චො
රත්තිං ආභාති චන්දිමා
සන්නද්ධො ඛත්තියො තමති
ඣායී තපති බ්‍රාහ්මණො
අථ සබ්බමහොරත්තිං
බුද්ධො තපති තේජසා

දහවල් හිරු දිළිසෙයි. රෑ හඳ බබළයි. ක්ෂත්‍රියා හෙවත් රජු ආභරණ පැළදි කල බබළයි. බ්‍රාහ්මණයා භාවනා කරන කල බබළයි. ඒ එසේ නමුත් බුදුන් වහන්සේ රෑ දාවල් දෙක් හි ම තේජසින් බබළයි..

16.7.12

බ්‍රාහ්මණ වග්ගො 8

න බ්‍රාහ්මණස්සෙතදකිංචි සෙය්‍යො
යදා නිසෙධො මනසො පියෙහි
යතො යතො හිංසමනො නිවත්තති
තතො තතො සම්මතිමෙව දුක්ඛං

පහර දෙන්නකුට පහර නොදීම වැනි ගුණයක් බ්‍රාහ්මණයෙකුට සුළු දෙයක් නොවේ. එය ඉතා උසස් ම ගුණයකි. කුමන ක්‍රමයකින් හෝ හිංසා සහගත සිත එයින් වළකී නම් ඒ හැම ක්‍රමයෙන් ම දුක සංසිඳේ..

15.7.12

බ්‍රාහ්මණ වග්ගො 7

න බ්‍රාහ්මණස්ස පහරෙය්‍ය
නාස්ස මුංචෙථ බ්‍රාහ්මණො
ධී බ්‍රාහ්මණස්ස හන්තාරං !
තතො ධී යස්ස මුංචති !

බ්‍රාහ්මණයකුට පහර නොදිය යුතුය. බ්‍රාහ්මණයා ද පහර දුන්නකු කෙරෙහි නො කිපිය යුතුය. බ්‍රාහ්මණයාට පහර දෙන්නහුට නින්දා වේවා.! තමාට පහර දුන්නහු කෙරෙහි කිපෙන්නාට එයටත් වඩා නින්දා වේවා.!

13.7.12

බ්‍රාහ්මණ වග්ගො 6

බාහිතපාපොති බ්‍රාහ්මණො
සමචරියා සමණෝති වුච්චති
පබ්බාජයත්තනො මලං
තස්මා පබ්බජිතොති වුච්චති

පව් බහා තැබුවකු බ්‍රාහ්මණයෙකැයි ද ( විෂම හැසීරීම් නැතිව ) සම හැසිරීම් ඇතිව වසන්නා ශ්‍රමණයෙකැ'යි ද කියනු ලැබේ. යමකුට ඔහුගේ කෙලෙස් මල දුරලීම නිසා පැවිද්දෙකැයි ද කියනු ලැබේ..

9.7.12

බ්‍රාහ්මණ වග්ගො 5

දිවා තපති ආදිච්චො
රත්තිං ආභාති චන්දිමා
සන්නද්ධො ඛත්තියො තමති
ඣායී තපති බ්‍රාහ්මණො
අථ සබ්බමහොරත්තිං
බුද්ධො තපති තේජසා

දහවල් හිරු දිළිසෙයි. රෑ හඳ බබළයි. ක්ෂත්‍රියා හෙවත් රජු ආභරණ පැළදි කල බබළයි. බ්‍රාහ්මණයා භාවනා කරන කල බබළයි. ඒ එසේ නමුත් බුදුන් වහන්සේ රෑ දාවල් දෙක් හිම තේජසින් බබළයි..

7.7.12

බ්‍රාහ්මණ වග්ගො 4

ඣායිං විරජමාසීනං
කතකිච්චං අනාසවං
උත්තමත්ථං අනුප්පත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

ධ්‍යාන වඩන, තනිව හුන්. කළ යුතු දේ කොට නිම වූ, ආශ්‍රව නැති, රහත් ඵලයට පැමිණියකුට මම බ්‍රාහ්මණයෙකැ'යි කියමි..

6.7.12

බ්‍රාහ්මණ වග්ගො 3

යස්ස පාරං අපාරං වා
පාරාපාරං න විජ්ජති
වීතද්දරං විසංයුත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙකුට එගොඩ ( අධ්‍යාත්මික ආයතන ) වත්, මෙගොඩ ( බාහිර ආයතන ) වත්, එගොඩ මෙගොඩ දෙකමවත් නැද්ද, කෙලෙස් විඩා නැති කෙලෙස් බැමි නැති ඔහුට, මම බ්‍රාහ්මණයෙකැ'යි කියමි..

4.7.12

බ්‍රාහ්මණ වග්ගො 2

යදා ද්වයෙසු ධම්මෙසු
පාරගු හොති බ්‍රාහ්මණො
අථස්ස සබ්බෙ සංයොගා
අත්ථං ගච්ඡන්ති ජානතො

බ්‍රාහ්මණයා ( සිතින් පව් බැහැර කළ රහතන් වහන්සේ ) යම් විටෙක සමථ විදර්ශනා දෙක් හි පරතෙරට ගියේ, එවිට සිව්සස් දන්නා වූ ඔහුගේ සියලු සංයෝගයෝ විනාශයට යති..

30.6.12

බ්‍රාහ්මණ වග්ගො 1

ඡින්ද සොතං පරක්කම්ම
කාමෙ පනුද බ්‍රාහ්මණ
සංඛාරානං ඛයං ඤත්වා
අකතඤ්ඤූ සි බ්‍රාහ්මණ

බ්‍රාහ්මණය, තණ්හාව නමැති දිය පාර සිඳින්න. කාමයන් දුරු කරන්න. සංස්කාරයන්ගේ විනාශය දැනගෙන නිවන ද අවබෝධ කරගන්න..

24.6.12

භික්ඛු වග්ගො 23

යො භවෙ දහරො භික්ඛු
යුංජති බුද්ධ සාසනේ
සො ඉමං ලොකං පභාසෙති
අබ්භාමුත්තොව චන්දිමා

යම් භික්ෂුවක් ළදරු වූවත් බුදු සස්නෙහි මනාව යෙදේ ද ඔහු වළාකුළින් නික්මුණු පුන් සඳ මෙන් මේ ලොව බබුළුවයි..

- - - - - - - - - භික්ඛු වර්ගය නිමි - - - - - - - - -

භික්ඛු වග්ගො 22

පාමොජ්ජ බහුලො භික්ඛු
පසන්නො බුද්ධ සාසනේ
අධිගච්ඡෙ පදං සන්තං
සංඛා රූප සමං සුඛං

අධික වූ ප්‍රීති ප්‍රමෝදයෙන් යුත්, බුදු සස්නෙහි පැහැදුණු භික්ෂුව සංස්කාරයන්ගේ සංසිඳීමෙන් ලබන සැපය වූ නිවනට පැමිණේ..

භික්ඛු වග්ගො 21

අත්තා හි අත්තනො නාථො
අත්තා හි අත්තනො ගති
තස්මා සඤ්ඤමය'ත්තානං
අස්සං භද්‍රං ව වාණිජො

තමාට පිහිට තමා ම ය. තමාට පිළිසරණත් තමා ම ය. ඒ නිසා වෙළෙන්දා හොඳ අශ්වයා රැක ගන්නාක් මෙන් ආත්මය තැන්පත් කමින් දියුණු කර ගන්න..

භික්ඛු වග්ගො 20

අත්තනා චොදයත්තානං
පටිමාසේ අත්තමත්තනා
සො අත්තගුත්තො සතිමා
සුඛංභික්ඛු විහාහිසි

මහණෙනි, තමා විසින් තමාගේ අඩුපාඩු බලා තමාට චෝදනා කරගත යුතුය. තමා විසින් තමා වැඩ කරන පිළිවෙල හරිදැ' යි විමසිය යුතුය. එසේ කරමින් තමා රැකගන්නා වූ මනා සිහිය ඇති භික්ෂුව සුවසේ වසන්නේ ය..

භික්ඛු වග්ගො 19

සන්තකායො සන්තවාචො
සන්තවා සුසමාහිතො
වන්තලොකාමිසො භික්ඛු
උපසන්තොති වුච්චති
ශාන්ත වූ කයත් , ශාන්ත වූ වචනයත්, ශාන්ත වූ සිතත් ඇති ඉතාම තැන්පත් වූ ලෝකාමිෂය ( පස්කම් සුව ) දුරු කල භික්ෂුව උපශාන්තයෙකැයි කියනු ලැබේ..

භික්ඛු වග්ගො 18

වස්සිකා විය පුප්ඵානි
මද්දවානි පමුංචති
එවං රාගං ච දොසං ච
විප්පමුංචෙථ භික්ඛවො

මහණෙනි, යම් සේ දැසමන් වැල පරව ගිය මල් නටුවලින් මුදාලයි ද, එසේ ම රාගයත් ද්වේෂයත් මුදාලන්න..

22.6.12

භික්ඛු වග්ගො 17

පටිසන්ථාර වුත්‍යස්ස
ආචාරකුසලො සියා
තතො පාමොජ්ජ බහුලො
දුක්ඛස්සන්තං කරිස්සසි

යමෙක් මනා පිළිසඳරින් යුක්ත වේ ද, ආචාරයෙහි දක්ෂ වේ ද, එයින් ලබන මහත් ප්‍රීතිය ඇති ඔහු දුක් කෙළවර කර ගන්නේ ය..

21.6.12

භික්ඛු වග්ගො 16

තත්‍රායමාදි භවති
ඉධ පඤ්ඤස්ස භික්ඛුනො
ඉන්ද්‍රියගුත්ති සන්තුට්ඨි
පාතිමොක්ඛෙ ච සංවරො
මිත්තෙ භජස්සු කල්‍යාණෙ
සුද්ධාජීවෙ අතන්දිතෙ

මේ ශාසනයෙහි බුද්ධිමත් භික්ෂුවට ශීලය සෙසු සියල්ලට ම වඩා මුල් වේ. ඉන්ද්‍රීය සංවරය, ආජීවයෙහි පිරිසිදුකම හා ප්‍රතිමොක්ෂ සංවරයත් ඒ ශීලයෙහි ප්‍රධාන ලක්ෂණයයෝ ය. එබඳු ශීල ලක්ෂණ වලින් යුත් පිරිසිදු ආජීවය ඇති කුසීත නො වූ යහපත් මිතුරන් නිතර ඇසුරු කළ යුතුය..

18.6.12

භික්ඛු වග්ගො 15

යතො යතො සම්මසති
ඛන්ධානං උදයබ්බයං
ලභතී පීතිපාමොජ්ජං
අමතං තං විජානතං

යමෙක් යම් විටෙක ස්කන්ධයන්ගේ හටගැන්ම හා විනාශයත් ගැන නුවණින් මෙනෙහි කරයි ද, ඒ හැම විට ම ඔහුට ප්‍රීති ප්‍රමෝදයක් ඇති වේ. කරුණු වැටහෙන්නට එය ම අමෘතයකි..

15.6.12

භික්ඛු වග්ගො 14

සුඤ්ඤාගාරං පවිට්ඨස්ස
සන්තචිත්තස්ස භික්ඛුනො
අමානුසී රතී හොති
සම්මා ධම්මං විපස්සතො

ශූන්‍යාගාරයකට ගිය, සන්සුන් සිත් ඇති මනාවූ දහම් විමසා බලන භික්ෂුවට අමානුෂික වූ රතියක් ( විදර්ශනාව පිළිබඳ ඇල්මක් ) ඇති වේ..

13.6.12

භික්ඛු වග්ගො 13

නත්ථි ඣානං අපඤ්ඤස්ස
පඤ්ඤානත්ථි අජ්ඣායතො
යම්හි ඣානං ච පඤ්ඤා ච
ස වෙ නිබ්බානසන්තිකෙ

අනුවණයාට ධ්‍යානයක් නැත. ධ්‍යානයක් නැත්තාට නුවණ නැත. යමකු තුළ ධ්‍යානයත් නුවණත් ඇද්ද හේ ඒකාන්තයෙන් ම නිවන ළඟ ය..

10.6.12

තණ්හා වග්ගො 12

ඣාය භික්ඛු මා ච පමාදො
මා තෙ කාමගුණෙ භමස්සු චිත්තං
මා ලොහගුලං ගිලී පමත්තො
මා කන්දි දුක්ඛමිදන්තී ඩය්හමානො

මහණෙනි, ධ්‍යාන වඩන්න පමා නොවන්න. ඔබගේ සිත කාමයෙහි නො බමවන්න. පමා වෙමින් අපායෙහි ලෝහ ගුලි නො ගිලින්න.මේක දුක යයි කියමින් නො හඬන්න..

9.6.12

භික්ඛු වග්ගො 11

පංච ඡින්දෙ පංච ජහෙ
පංච චුත්තරි භාවයෙ
පංච සංගාතිගො භික්ඛු
ඔඝතිණ්ණොති වුච්චති

සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, ව්‍යාපාද යන ඕරම්භාගිය සංයෝජන පස සිඳිය යුතුය. රූප රාග ආදී උද්ධර්මභාගිය සංයෝජන පස ද දුරු කළ යුතුය. එසේ කොට ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රීය පස දියුණු කළ යුතුය. රාග ආදී සංග පස ඉක්ම වූ භික්ෂුව සංසාරය නමැති මහ වතුරෙන් ගොඩ වූවෙකැ යි සලකනු ලැබේ..

5.6.12

භික්ඛු වග්ගො 10

සිංච භික්ඛු ඉමං නාවං
සිත්තා තෙ ලහුමෙස්සති
ඡෙත්වා රාගං ච දොසං ච
තතො නිබ්වාණමෙහිසි

මහණෙනි, මේ ශරීර නැවේ පිරී තිබෙන මිථ්‍යා විතර්ක නමැති ජලය ඉස ලන්න. එසේ ඉසීමෙන් නැව සැහැල්ලු වී ඔබගේ නිවන් පුරට යන මඟ ලෙහෙසි වේ. එහෙයින් ඔබගේ නැව බැඳ තබා තිබෙන රාග ද්වේෂ නමැති බැමි ද කඩා දමා නිවන් පුරට යන්න..

3.6.12

භික්ඛු වග්ගො 9

මෙත්තා විහාරී යො භික්ඛු
පසන්නො බුද්ධසාසනෙ
අධිගච්ඡෙ පදං සන්තං
සංඛාරූපසමං සුඛං

මෛත්‍රී විහරණයෙන් යුත් යම් භික්ෂුවක් බුදු සසුන්හි පැහැදුණේ ද, හේ සංස්කාරයන්ගේ සංසිඳීම යයි කියන ලද නිවන් සැපයට පැමිණේ..

31.5.12

භික්ඛු වග්ගො 8

සබ්බසො නාමරූපස්මිං
යස්ස නත්ථි මමායිතං
අසතා ච න සොචති
ස වෙ භික්ඛුති වුච්චතී

යම් භික්ෂුවකට නාම රූප දෙක් හි මම ය. මාගේ ය, යන හැඟීමක් මුළුමනින් ම නැද්ද, නාම රූප නැති වූ කල් හි ශෝක කිරිමකුත් නැද්ද, හේ ඒකාන්තයෙන් ම නියම භික්ෂුවකැ යි කියනු ලැබේ..

27.5.12

භික්ඛු වග්ගො 7

අප්පලාභොපි චෙ භික්ඛු
සලාභං නාති මඤ්ඤෙති
තං වෙ දෙවා පසංසන්ති
සුද්ධාජීවිං අතන්දිතං

යම් භික්ෂුවක් තමා ලබන දෙය සුළු වුවත් එයට අවමන් නො කරයි ද, පිරිසිදු ජීවිකාවක් ඇති, කුසීත නො වූ එබඳු භික්ෂුවට ඒකාන්තයෙන් ම දෙවියෝත් පසසත්..

25.5.12

භික්ඛු වග්ගො 6

සලාභං නාතිමඤ්ඤය්‍ය
නාඤ්ඤෙසං පිහයං චරෙ
අඤ්ඤෙසං පිහයං භික්ඛු
සමාධිං නාධිගච්ඡති

තමාගේ ප්‍රත්‍යය ලාභය සුළු වුවත්, කටුක වුවත් එයට අවමන් නොකළ යුතුය. එසේ ම අනුන්ට ලැබෙන ලාභය ගැන ආශා කරමින් නො හැසිරිය යුතුය. අනුන්ගේ ලාභයට ආශා නො කළ යුතුය..

22.5.12

භික්ඛු වග්ගො 5

ධම්මාරාමො ධම්මරතො
ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු
සද්ධම්මා න පරිහායති

ධර්මය වාස භවනය කොට ඇති, ධර්මයෙහි ඇලුණු, ධර්මය ම නැවත නැවත මෙනෙහි කරන, ධර්මය ම සිහිකරන භික්ෂුව සද්ධර්මයෙන් නො පිරිහේ..

19.5.12

භික්ඛු වග්ගො 4

යො මුඛසඤ්ඤතො භික්ඛු
මත්තභාණී අනුද්ධතො
අත්තං ධම්මං ච දීපෙති
මධුරං තස්ස භාසිතං

කට රැකගත් නුවණින් සලකා පමණ දැන කථා කරන, සංසුන් සිතැති යම් භික්ෂුවක් පාළි අර්ථය හා ධර්මයත් මනාව දැන ප්‍රකාශ කෙරේ නම් ඔහුගේ වචනය ඉතා මිහිරි ය..

16.5.12

භික්ඛු වග්ගො 3

හත්ථසඤ්ඤතො පාදසඤ්ඤතො
වාචාය සවඤ්ඤතුත්තමො
අජ්ඣත්තරතො සමාහිතො
එකො සන්තුසිතො තමාහු භික්ඛුං

අතේ තැන්පත්කම ඇති, පයේ තැන්පත්කම ඇති, හැම අතින් ම තැන්පත්කම ඇති, කර්මස්ථාන භාවනාවෙහි ඇලුණු, සමාධියෙහි පිහිටි, තනිව වසමින් තමා ලත් මඟ පලෙන් සතුටුවන යමෙක් වේ ද, ඔහුට භික්ෂුවය'යි කියත්..

13.5.12

භික්ඛු වග්ගො 2

කායෙන සංවරො සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු සබ්බත්ථ සංවරො
සබ්බත්ථ සංවරො භික්ඛු
සබ්බදුක්ඛා පමුච්චති

කයින් සංවර වීම යහපත් ය. වචනයෙන් සංවර වීම යහපත් ය. සිතින් සංවර වීම යහපත් ය. හැම තන්හි ම සංවර වූ භික්ෂුව සියලු දුකින් මිදේ..

11.5.12

භික්ඛු වග්ගො 1

චක්ඛුනා සංවරො සාධු
සාධු සොතෙන සංවරො
ඝාණෙන සංවරො සාධු
සාධු ජිව්හාය සංවරො

ඇසින් සංවර වීම යහපත් ය. කනින් සංවර වීම යහපත් ය. නැහැයෙන් සංවර වීම යහපත් ය. දිවෙන් සංවර වීම යහපත් ය..

6.5.12

තණ්හා වග්ගො 26

තිණදොසානි ඛෙත්තානි
ඉච්ඡාදොසා අයං පජා
තස්මා හි වීගතිච්ඡෙසු
දින්නං හොති මහප්ඵලං

කෙත් කුඩු මැටි දොසින් යුක්තය. මේ ප්‍රජාව ආශා දෝෂයෙන් යුක්ත ය. ඒ නිසා ආශාව පහ කළ වුන්ට දුන් දේ මහත් ඵලදායක වේ..

- - - - - - - - - තෘෂ්ණා වර්ගය නිමි - - - - - - - - -

තණ්හා වග්ගො 25

තිණ දොසානි ඛෙත්තානී
මොහ දොසා අයං පජා
තස්මා හි වීතමොහෙසු
දින්නං හොති මහප්ඵලං

කෙත් කුඩු මැටි දොසින් යුක්තය. මේ ප්‍රජාව මෝහ දෝෂයෙන් යුක්ත ය. ඒ නිසා මෝහය පහ කළ වුන්ට දුන් දේ මහත් ඵලදායක වේ..

තණ්හා වග්ගො 24

තිණදොසානි ඛෙත්තානි
දෝස දොසා අයං පජා
තස්මා හි වීතදොසෙසු
දින්නං හොති මහප්ඵලං

කෙත් කුඩු මැටි දොසින් යුක්තය. මේ ප්‍රජාව ද්වේෂ දෝෂයෙන් යුක්ත ය. ඒ නිසා ද්වේෂ පහ කළ වුන්ට දුන් දේ මහත් ඵලදායක වේ..

තණ්හා වග්ගො 23

තිණදොසානි ඛෙත්තානි
රාගදොසා අයං පජා
තස්මා හි වීතරාගෙසු
දින්නං හොති මහප්ඵලං

කෙත් කුඩු මැටි දොසින් යුක්තය. මේ මනුෂ්‍ය ප්‍රජාව රාග දෝෂයෙන් යුක්ත ය. ඒ නිසා රාගය පහ කළ වුන්ට දුන් දේ මහත් ඵලදායක වේ..

තණ්හා වග්ගො 22

හනන්ති භොගා දුම්මේධං
නො චෙ පාරගවෙසිනො
භොගතණ්හාය දුම්මෙධො
හන්ති අඤ්ඤා ව අත්තනං

භෝගයෝ ( උපභෝග, පරිභෝග සම්පත් ) අනුවණයා නසත්. එහෙත් නිවන් සොයන්නහුට ඒවායින් අනතුරක් නැත. මෝඩයා වස්තු ආශාව නිසා, අනුන් ලවා නසා ගන්නාක් මෙන් තමා නසා ගනී..

තණ්හා වග්ගො 21

සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බං රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති

ධර්ම දානය සියලු දන් දිනයි. ධර්ම රසය සියලු රස දිනයි. ධර්ම රතිය සියලු රතීන් දිනයි. රහත් ඵලය සියලු දුක් දිනයි..

තණ්හා වග්ගො 20

සබ්බාභිභු සබ්බවිදුහමස්මි
සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො
සබ්බංජහො තණ්හක්ඛයෙ විමුත්තො
සයං අභිඤ්ඤාය සමුද්දිස්‍යෙයං

මම සියලු දේ මැඬලීමි. සියලු දේ දනිමි. සියලු දෙයෙහි නො ඇලෙමි. සියල්ල දුරලීමි. තණ්හාව කෙළවර කරලීමෙන් මිදුනෙමි. මෙසේ කොට සියල්ල තමා විසින් ම අවබෝධ කරගෙන අනික් කවරෙකු ආචාර්ය වශයෙන් දක්වම් ද..?

3.5.12

තණ්හා වග්ගො 19

වීතතණ්හො අනාදානො
නිරුත්තිපද කොවිදො
අක්ඛාරානං සන්නිපාතං
ජඤ්ඤා පුබ්බපරානි ච
ස වෙ අන්තිමසාරීරො
මහාපඤ්ඤොති වුච්චති

යමෙක් ආශාව දුරු කළේ ද, සිවු පිළිසිඹියාවෙහි ( අර්ථ, ධර්ම, නිරුක්ති ප්‍රතිභානයන්හි ) දක්ෂ ද, අකුරු සමුදාය හා පෙර අකුරුත් දනී ද, අන්තිම ආත්ම භාවයෙහි සිටින ඒ පුද්ගලයා මහා නුවණැත්තෙකැ' යි කියනු ලැබේ..

තණ්හා වග්ගො 18

නිට්ඨංගතො අසන්තාසී
වීතතණ්හො අනංගණො
අච්ඡින්දි භවසල්ලානි
අන්තිමොයං සමුස්සයො

යමෙක් ජීවිතයාගේ නිමාවට හෙවත් රහත් බවට පැමිණියේ ද, තැති නො ගන්නේ ද, ආශාව දුරු කළේ ද, රාගාදි අංගන රහිත ද, කෙලෙස් උල් උදුරා දැමී ද, මේ එබන්දාගේ අන්තිම ආත්ම භාවයයි..

30.4.12

තණ්හා වග්ගො 17

විතක්කූපසමෙ ච යො රතො
අසුබං භාවයති සදා සතො
ඵස ඛො ව්‍යන්තිකාහිති
ඵස ඡෙච්ඡති මාරබන්ධනං

යමෙක් විතර්ක සංසිඳවීමෙහි ඇලුණේද, හැමදා හොඳ සිහියෙන් අශුභ භාවනා වඩයි ද හේ ආශාව නසයි. මාරයාගේ බැම්ම කපයි..

තණ්හා වග්ගො 16

විතක්කපමථිතස්ස ජන්තුනො
තිබ්බරාගස්ස සුභානුපස්සිනො
හිය්‍යො තණ්හා පවඩ්ඪති
ඵස ඛො දළ්හං කරොති බන්ධනං

විතර්කවලින් මඬනා ලද සිත් ඇති, දැඩි රාගය ඇති, අරමුණු ශුභ වශයෙන් ගන්නා වූ පුද්ගලයාගේ ආශාව බොහෝ සෙයින් වැඩේ. හේ තමාගේ භව බන්ධනය දැඩි කරයි..

26.4.12

තණ්හා වග්ගො 15

මුචං පුරෙ මුංච පච්ඡතො
මජ්ඣෙ මුංච භවස්ස පාරගු
සබ්බත්ථ විමුත්තමානසො
න පූන ජාහි ජරං උපෙහි සි

පෙර පැවතියා වූත්, ඉදිරියට පවත්නා වූත්, දැනට පවතින්නා වූත්, පඤ්චස්ඛන්දය ගැන ඇති ආශාව දුරලව, භවයෙන් එතරට ගිය ඔබ සැම තන්හි ම මිදුන සිත් ඇත්තෝ නැවත ජාති ජරාවලට පත් නොවෙති..

24.4.12

තණ්හා වග්ගො 14

යෙ රාගරත්තානුපතන්ති සොතං
සයං කතං මක්කටකොව ජාලං
එතම්පි ඡෙත්වාන වජන්ති ධීරා
අනපෙක්ඛිනො සබ්බදුක්ඛං පහාය

රාගයෙන් මත් වූ යම් කෙනෙක් තමා විසින් සාදා ගන්නා ලද දැලෙහි වැටෙන මකුළුවා මෙන් තමාගේ ම තෘෂ්ණා නමැති වතුරට වැටෙති. කම් සැප ගැන බලාපොරොත්තු නැති පණ්ඩිතයෝ ඒ බැම්ම ද කපා දමා සියලු දුක් දුරු කොට නිවනට යති..

22.4.12

තණ්හා වග්ගො 13

එතං දළ්හං බන්ධනමාහු ධීරා
ඔහාරිනං සිථිලං දුප්පමුංචං
එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති
අනපෙක්ඛිනො කාමසුඛං පහාය

එය දැඩි බැම්මකැයි පණ්ඩිතයෝ කියත්. කම් සැපෙහි බලාපොරොත්තු නැත්තෝ සත්ත්වයා පහතට ඇද ලන්නා වූ, ලිහිල් වූ, මිදිය නොහැකි වූ ඒ බැම්ම ද කපා දමා කම් සැප ද හැර මහණ වෙත්..

තණ්හා වග්ගො 12

න තං දළ්හං බන්ධනමාහු ධීරා
යදායසං දාරුජං බබ්බජං ච
සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු
පුත්තෙසු දාරෙසු ච යා අපෙඛා

යකඩින් හෝ ලීයෙන් හෝ බබුස් තණින් හෝ කළා වූ යම් බැම්මෙක් වේ ද එය දැඩි බැම්මෙකැයි පණ්ඩිතයෝ නොකියති. මිණි කොඬොල්හි ද අඹු දරුවන් කෙරෙහි ද යම් දැඩි ඇල්මක් වේ නම්..

තණ්හා වග්ගො 11

යො නිබ්බානථො වනාධිමුත්තො
වනමුත්තො වනමෙව ධාවති
තං පුග්ගලමෙව පස්සථ
මුත්තො බන්ධනමෙව ධාවති

යමෙක් ගිහි ගෙයි ඇල්ම හැර දමා තපෝ වනයෙහි ඇලී, නැවතත් ඒ තපෝ වනයෙන් මිදී ගිහිගෙට ම දුවයි ද, එසේ වරක් බන්ධනයෙන් මිදී නැවත බන්ධනයට ම අසුවන ඒ පුද්ගලයා මෙබඳූ බව දැන ගනුව..

20.4.12

තණ්හා වග්ගො 10

තසිණාය පුරක්ඛතා පජා
පරිසප්පන්ති සසොව බංධිතො
තස්මා තසිණං විනොදයෙ
භික්ඛු ආකංඛි විරාගමත්තනො

තෘෂ්ණාවෙන් වට වූ සත්වයෝ මල පුඩුවෙන් බැඳුණු සාවකු මෙන් බියෙන් ගැහෙත්.එබැවින් තමහට නිවන් කැමති භික්ෂුව විසින් තණ්හාව දුරු කළ යුතුය..

19.4.12

තණ්හා වග්ගො 9

තසිණාය පුරක්ඛතා පජා
පරිසප්පන්ති සසොව බංධිතො
සංයොජනසංගසත්තා
දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය

තෘෂ්ණාවෙන් වෙළා ගන්නා ලද සත්වයෝ මල පුඩුවෙන් බැඳුණු සාවකු මෙන් බියෙන් තැති ගනිත්. දස සංයෝජනයෙන් හා රාගාදී සත් සංග වලින් ද බැඳුණු ඒ සත්වයෝ බොහෝ කාලයක් ම නැවත නැවතත් දුකට පැමිණෙත්..

17.4.12

තණ්හා වග්ගො 8

සරීතානි සිනෙහිතානි ච
සොමනස්සානි භවන්ති ජන්තුනො
තෙ සාතසිතා සුඛෙසිනො
තෙ වෙ ජාතිජරූපගා නරා

රූපාදී අරමුණුවල විසිර පවත්නා වූ තෘෂ්ණාවෙන් තෙත්වූ සත්වයාට සොම්නස් වේදනාවෝ ඇති වෙත්. ඒ සොම්නස් ඇසුරු කළා වූ සිත කය දෙකට සැප සොයත්. ඔව්හූ ඒකාන්තයෙන් ම ජාති, ජරා ආදියට පැමිණෙන්නෝය..

15.4.12

තණ්හා වග්ගො 7

සවන්ති සබ්බධී සොතා
ලතා ලබ්භිජ්ජ තිට්ඨති
තං ච දිස්වා ලතං ජාතං
මූලං පඤ්ඤාය ඡින්දථ

තෘෂ්ණා නමැති දිය පහරවල් හැම තැන ගලා බසී. තෘෂ්ණා නමැති ලතාව සදොරින් මතු වී සිටී. එසේ හටගත් ඒ තෘෂ්ණා ලතාව බලා එහි මුල නුවණින් සිදිව්..

11.4.12

තණ්හා වග්ගො 6

යස්ස ඡත්තිංසති සොතා
මනාපස්සවණා භූසා
වාහා වහන්ති දුද්දිට්ඨං
සංකප්පා රාගනිස්සිතා

දිය පහරවල් සතිසකින් යුක්ත වූ තෘෂ්ණා නදිය යමෙකුගේ අරමුණුවල වේගයෙන් ගලා බසී ද, ඒ නදියට අයත් රාග නිශ්‍රිත වූ විතර්ක නමැති ජල පහරවල් විපරිත බුද්ධිය ඇති ඒ පුද්ගලයා අපායට ගෙන යයි..

තණ්හා වග්ගො 5

යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ
ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති
එවම්පි තණ්හානුසයෙ අනූහතෙ
නිබ්බන්තති දුක්ඛමිදං පුනප්පුනං

මුලට අනතුරක් නැතිව එය දැඩිව ශක්තිමත්ව පවතින කල මුදුනෙන් කැපූ ගස නැවත වැඩෙන්නේ යම් සේ ද එසේ ම තණ්හා අනුශය මුලින් ම නො නැසූ කල මේ දුක නැවත නැවතත් හට ගනී..

10.4.12

තණ්හා වග්ගො 4

තං වො වදාමි භද්දං වො
යාවන්තෙත්ථ සමාගතා
තණ්හාය මූලං ඛණථ
උසීරත්ථොව ඛීරණං
මා වො නළංව සොතොව
මාරො භිංජි පුනප්පුනං

මෙහි රැස් වූ යම් පමණ දෙනා ඇද්ද, ඒ හැමට ම යහපත පතමින් මම අවවාදයක් කරමි. සුවඳ හොව වලින් ප්‍රයෝජන ඇති එකකු බොරු තණ උදුරන්නා සේ තෘෂ්ණාවේ මුල වූ අවිද්‍යාව උදුරා දමව්, දිය පහර බට පඳුරක් පෙලන්නාක් මෙන් මාරයා නැවත නැවත ඔබ නො පෙළවා.!

8.4.12

තණ්හා වග්ගො 3

යො චෙතං සහතී ජම්මං
තණ්හං ලොකෙ දුරච්චයං
සොකා තම්හා පපතන්ති
උදබින්දූව පොක්ඛරා

යමෙක් ලෝකයෙහි දුකසේ ඉක්ම විය යුතු, ළාමක වූ මේ තෘෂ්ණාව මැඬලයි ද නෙළුම් පතකින් ගිලිහෙන දිය බින්දු මෙන්, ඔහු වෙතින් ශෝකයෝ ගිලිහෙත්..

3.4.12

තණ්හා වග්ගො 2

යං එසා සහතී ජම්මි
තණ්හා ලොකෙ විසත්තිකා
සොකා තස්ස පවඩ්ඪන්ති
අභිවට්ඨංව ඛීරණං

ළාමක වූ අතිශයින් ම ඇලීම ස්වභාව කොට ඇති මේ තෘෂ්ණාව ලෝකයෙහි යමකු මැඬලයි ද මහා වැස්සකින් බේරුණ තණකොළ මෙන් ඔහුගේ ශෝකයෝ වැඩෙත්..

30.3.12

තණ්හා වග්ගො 1

මනුජස්ස පමත්තචාරිනො
තණ්හා වඩ්ඪති මාලුවා විය
සොප්ලවති හුරා හුරං
ඵලමිච්ඡං ව වනස්මිං වානරො

නොසැලකිලිමත් මිනිසාගේ ආශාව මාලුවා වැලක් මෙන් වැඩෙයි. හෙතෙම, වනයෙහි ඵල ආශාවෙන් ( ගසින් ගසට ) දිව පැන ඇවිදින වඳුරකු මෙන් භවයෙන් භවයට පනී..

28.3.12

නාග වග්ගො 14

සුඛං යාව ජරා සීලං
සුඛා සද්ධා පතිට්ඨිතා
සුඛො පඤ්ඤාය පටිලාභො
පාපනං අකරණං සුඛං

ජරාව තෙක් සිල් රැකීම සැපයකි. මනාව පිහිටි ශ්‍රද්ධාව ද සැපයකි. නුවණ ලැබීම ද සැපයකි. පව් නොකිරීම ද සැපයකි..

- - - - - - - - - නාග වර්ගය නිමි - - - - - - - - -

නාග වග්ගො 13

සුඛා මත්තෙය්‍යතා ලොකෙ
අථො පෙත්තෙය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලොකෙ
අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා

ලෝකයෙහි මවට උපස්ථාන කිරීම ද සැපයකි. භික්ෂූන්ට සත්කාර කිරීම ද සැපයකි. බුද්ධාදී උතුමන්ට සත්කාර කිරීම ද සැපයකි..

27.3.12

නාග වග්ගො 12

අත්ථම්හි ජාතම්හි සුඛා සහායා
තුට්ඨි සුඛා යා ඉතරීතරෙන
පුඤ්ඤං සුඛං ජීවිතසංඛයම්භි
සබ්බස්සදුක්ඛස්ස සුඛං පහාණං

වැඩක් ඇති කල යහළුවෝ සැප ය. හෙවත් හොඳ ය. තමා වෙත ඇති දෙයකින් සතුටු විමත් සැපයකි. මරණ අවස්ථාවෙහි පින ද සැපයකි. මේ සියල්ලට ම වඩා සියලු සසර දුක් නැතිකර ගැනීම සැපයකි..

25.3.12

නාග වග්ගො 11

එකස්ස චරිතං සෙය්‍යො
නත්ථි බාලෙ සහායතා
එකො චරෙ න ච පාපානි කයිරා
අප්පොස්සුක්කො මාතංගරඤ්ඤච නාගො

මෝඩයන් හා එක්වීමක් නැතිව තනිව හැසිරීම යහපත් ය. කැලෑවේ තනිව වසන මාතංග හස්තියා මෙන් තනිව හැසිරෙන විට පව් ද නො කෙරේ..

24.3.12

නාග වග්ගො 10

නො චෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
රාජාව රට්ඨං විජිතං පහාය
එකො චරෙ මාතගංරඤ්ඤ ව නාගො

යමි විධියකින් බුද්ධිමත් වූ, සමග හැසිරෙන්නා වූ, මනා පැවතුම් ඇති, ධෛය්‍යර්‍ සම්පන්න වූ යහළුවකු ලැබ ගත නො හැකිනම් දිනා ගත් රට හැර ගිය රජු මෙන් ද, කැලෑවේ තනිව වසන මාතංග හස්තියා මෙන්ද තනිව විසිය යුතුය.

23.3.12

නාග වග්ගො 9

සචෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
අභිභූය්‍ය සබ්බානි පරිස්සයානි
චරෙය්‍ය තෙනත්තමනො සතීමා

යමි විධියකින් බුද්ධිමත් වූ, සමග හැසිරෙන්නා වූ, මනා පැවතුම් ඇති, ධෛය්‍යර්‍ සම්පන්න වූ යහළුවකු ලැබ ගත හැකිනම් සියලු උවදුරු මැඩගෙන ඔහු සමග සතුටින් හා හොඳ සිහියෙන් ද යුක්තව විසිය යුතුය..

21.3.12

නාග වග්ගො 8

අප්පමාද රථා හොථ
සචිත්තමනුරක්ඛථ
දුග්ගා උද්ධරථත්තානං
පංකෙ සත්තොව කුංජරො

සිහි නො මුළා වූ බවෙහි ඇලෙව් තම සිත රැකගනිව් හෙවත් පාලනය කරගනිව්. කළල ගිලිණු ඇත් රජෙක් බොහෝ වෑයම් කොට ඉන් ගොඩ නැගෙන්නා සේ කෙලෙස් නමැති දුර්ගයෙන් තමන් ගොඩ ගනිව්..

19.3.12

නාග වග්ගො 7

ඉදං පුරෙ චිත්තමචාරී චාරිකං
යෙනිච්ඡකං යත්ථ කාමං යථාසුඛං
තදජ්ජහං නිග්ගහෙස්සාමි යොනිසො
හත්ථිප්පභින්නං විය අංකුසග්ගහො

පෙර අත් බැව්හි මෙම සිත කැමති පරිදි රිසි රිසි තැන අයුරු සය වූ පරිදි සැරි සැරීය. අද මම ඇත්ගොව්වකු මඳ බිඳුනු ඇතකු මෙල්ල කරන්නා සේ යෝනිසෝ මනසිකාරයෙන් ඒ සිත දමනය කරන්නෙමි. පාලනය කරන්නෙමි..

18.3.12

නාග වග්ගො 6

මිද්ධී යදා හොති මහග්ඝසො ච
නිද්දායිතා සම්පරිවත්තසායි
මහාවරාහො ව නිවාප පුට්ඨො
පුනප්පුනං ගබ්භමුපෙති මන්දො

යම් අවස්ථාවක පුරුෂ තෙම ථිනමිද්ධයෝ වැඩුණේ ද, බොහෝ කොට ආහාර ගන්නේ ද ඒ අනුවණය සූකර අහරින් පෝෂිත වූ මහ සූකරයකු මෙන් නිදන්නේ පෙරැළි පෙරැළි හෝනේ යළි යළිත් හබට වදී හෙවත් නැවත නැවත මව් ගබට පැමිණෙයි. භවයෙහි උපත ලබයි. සසරින් එතර නො වෙයි..

17.3.12

නාග වග්ගො 5

ධනපාලකො නාම කුංජරො
කටුකප්පභෙදනො දුන්නිවාරයො
බද්ධො කබලං න භුංජති
සුමරති නාගවනස්ස කුංජරො

ධනපාලක නම් වූ හස්ති රාජ තෙමේ තියුණු මද ඇත්තේ, වෙනත් අයකු විසින් නවතාලිය නො හැක්කේ ඇත් හලෙහි බඳනා ලද්දේ රාජ භෝජනය පවා නො බුදී. ඒ ඇත් රජ තෙම ඇතුන් වසන වනයම සිහි කෙරෙයි..

15.3.12

නාග වග්ගො 4

න හි එතෙහි යානෙහි
ගච්ඡෙ‍ය්‍ය අගතං දිසං
යථාත්තනා සුදන්තෙන
දන්තො දන්තෙන ගච්ඡති

යමෙක් මනාව දමනය කරගත් ආත්මය උදම් කොට ගෙන කලින් නොගිය දිශාව වූ නිවන් දෙසට යම් සේ යයි ද, කොතරම් දැමුණු කෙනෙකුට කොතරම් හොඳින් හික්මවා ගත් ඇත් අස් ආදී යානාවලින් වූවත් එහි යා නොහැකිය..

13.3.12

නාග වග්ගො 3

වරමස්සතරා දන්තා
ආජානීයා ච සින්ධවා
කුංජරා ච මහානාගා
අත්තදන්තො තතො වරං

හීලෑ වූ අශ්වතරයෝත්, අජානීය අශ්වයෝත්, සෛන්ධවයෝත්, මහා ඇත්තුත් උතුම් ය. එහෙත් ඒ සියල්ලන්ට ම වඩා ආත්මය දමනය කරගත්තා වූ පුද්ගලයා උතුම් වේ..

11.3.12

නාග වග්ගො 2

දන්තං නයන්ති සමිතිං
දන්තං රාජාභිරූහතී
දන්තො සෙට්ඨො මනුස්සෙසු
යොතිවාක්‍යං තිතික්ඛති

දැමුණු - හික්මුණු - ඇතා බොහෝ දෙනා රැස්වන තැනට ගෙන යත්. රජු ද හීලෑ වූ ඇතකු පිට නගී. මිනිසුන් අතරත් අනුන්ගේ පරුෂ වචන ඉවසීමෙහි සමත් හික්මුණු පුද්ගලයා ම ශ්‍රේෂ්ඨ වේ..

10.3.12

නාග වග්ගො 1

අහං නාගොව සංගාමෙ
චාපාතො පතිනං සරං
අතිවාක්‍යං තිතික්ඛිස්සං
දුස්සීලො හි බහුජ්ජනො

ලෝකයෙහි බොහෝ දෙනා දුස්සීල ය, හෙවත් නරක ය. ඒ නිසා යුද බිමෙහි දී දුන්නෙන් ආ ඊ පහර විඳින ඇතකු මෙන් මම ද නොයෙක් දෙනාගේ පරුෂ වචන හා ඇනුම් බැනුම් ද ඉවසන්නෙමි..

9.3.12

නිරය වග්ගො 14

වජ්ජං ච වජ්ජතො ඤත්වා
අවජ්ජං ච අවජ්ජතො
සම්මාදිට්ඨි සමාදානා
සත්තා ගච්ඡන්ති සුග්ගතිං

ඇතැම් සත්ත්වයෝ වරද වරද වශයෙනුත් දකිමින් සම්‍යක් දෘෂ්ටි ගෙන (ඒ හේතුයෙන් නිවනට යති) සුගතියට යති..

- - - - - - - - - නිරය වර්ගය නිමි - - - - - - - - -

7.3.12

නිරය වග්ගො 13

අවජ්ජෙ වජ්ජමතිනො
වජ්ජෙ චාවජ්ජදස්සිනො
මිච්ඡාදිට්ඨි සමාදානා
සත්තා ගච්ඡන්ති දුග්ගති

ඇතැම් සත්ත්වයෝ නිවැරදි දෙය වැරදි යයි ද, වැරදි දෙය නිවැරදි යයි ද දකිමින් මිසදිටු ගෙන (ඒ හේතුයෙන් නිරයට යති) අපායට යති..

4.3.12

නිරය වග්ගො 12

අභයෙ ච භයදස්සිනො
භයෙවා භය දිස්සිනො
මිච්ඡාදිට්ඨි සමාදානා
සත්තා ගච්ඡන්ති දුග්ගතිං

ඇතැම් සත්වයෝ බිය නොවිය යුත්තට බිය වී, බිය විය යුත්තට බිය නො වී මිසදිටු ගැනීමෙන් අපායට යත්..

නිරය වග්ගො 11

අලජ්ජිතායෙ ලජ්ජන්ති
ලජ්ජිතායෙ න ලජ්ජරෙ
මිච්ඡාදිට්ඨි සමාදානා
සත්තා ගච්ඡන්ති දුග්ගතිං

ඇතැම් සත්වයෝ ලජ්ජා නොකට යුත්තෙහි ලජ්ජා කොට, ලජ්ජා කටයුත්තෙහි ලජ්ජා නො කොට මිසදිටු ගැනීමෙන් අපායට යත්..

2.3.12

නිරය වග්ගො 10

නගරං යථා පච්චන්තං
ගුත්තං සන්තරබාහිරං
එවං ගොපෙථ අත්තානං
ඛණො වෙ මා උපච්චගා
ඛණාතීතා හි සොචන්ති
නිරයම්හි සමප්පිතා

ඇතුළතිනුත් පිටතිනුත් රැකවරණය කළ පිටිසර නුවරක් මෙන් තමා රැකගත යුතුය. තමා ලත් උතුම් මොහොත ඉක්මවන්නෝ අපායට වැටී ශෝක කරත්. ඒ නිසා ( බුදුන් උපන් කාලය නමැති උතුම් මොහොත ) ඔබ ඉක්ම නො යේ වා..

1.3.12

නිරය වග්ගො 9

අකතං දුක්කතං සෙය්‍යො
පච්ඡා තපති දුක්කතං
කතං ච සුකතං සෙය්‍යො
යං කත්වා නානුතප්පති

අකුසල් නො කළ යුතුය. අකුසලය කිරීමෙන් පසුතැවෙන්නට වන නිසා එය නො කිරීම හොඳ ය. යමක් කිරීමෙන් පසුතැවිල්ලක් ඇති නොවේ නම් එසේ වූ කුසලයම කිරීම උතුම් ය..

26.2.12

නිරය වග්ගො 8

කයිරා චෙ කයිරාථෙනං
දළ්හමෙතං පරක්කමෙ
සිථිලොහි පරිබ්බාජො
භිය්‍යො ආකිරතෙ රජං

කුසලයක් කළහොත් එය මැනවින් ම කළ යුතුය. දැඩිව ම කළ යුතුය. ලිහිල්ව ආවාට ගියාට කරන මහණකම වඩ වඩාත් කෙලෙස් වගුරුවයි..

නිරය වග්ගො 7

යං කිඤ්චි සිථිලං කම්මං
සංකිලිට්ඨංද් ච යං වතං
සඞකස්සරං බ්‍රහ්මචරියං
නං තං හොති මහප්ඵලං

පසුබට වෙමින් ලිහිල්ව කල කුශලයත්, කිළිටි වූ වෘතයත්, සැක කටයුතු සේ බ්‍රහ්මචර්යාව හෙවත් මහණදමත් මහත් ඵලදායක නො වේ..

24.2.12

නිරය වග්ගො 6

කුසො යථා දුග්ගහිතො
හත්ථමෙවානුකන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං
නිරයායුපකඩ්ඪති

වැරදි විධියට අල්ලා ගන්නා ලද කුසතණ පත එය ඇල්ලුවහුගේ අත කපන්නාක් මෙන් වරදවා ගත් මහණකම පුද්ගලයා අපායට අදී..

නිරය වග්ගො 5

අපුඤ්ඤලාභො ච ගතී ච පාපිකා
භීතස්ස භීතාය රතී ච ථොකිකා
රාජා ච දණ්ඩං ගරුකං පණෙති
තස්මා නරො පරදාරං න සෙවෙ

පරදාර සේවනයෙන් අකුසල් ද සිදු වේ. ළාමක ගතියට ද පත් වේ. ඒ හැර බිය වූවකු සමග බිය වූවහුගේ කාම ආශ්වාදය ද සුළුය. රජහුත් ඔහුට බර දඬුවම් පමුණුවති. මේ නිසා පරඹුවන් නො සෙවිය යුතුය..

22.2.12

නිරය වග්ගො 4

චත්තාරි ඨානානි නරො පමත්තො
ආපජ්ජති පරදාරූපසෙවී
ආපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං
නින්දං තතියං නිරයං චතුත්ථං

පරදාරාවන් සේවනය කරන්නා වූ නො සැලකිලිමත් පුද්ගලයා, අකුසල් සිදුකර ගැනීම ය, හිතේ හැටියට නින්ද නො ලැබීමය, මෙලොව නින්දාව ය, පරලොව අපායට යාමය යන කරුණු හතරකට මුහුණ පායි..

20.2.12

නිරය වග්ගො 3

සෙය්‍යො අයොගුළො භුත්තො
තත්තො අග්ගිසිඛූපමො
යඤ් චෙ භුංජෙය්‍ය දුස්සීලො
රට්ඨපිණ්ඩං අසඤ්ඤතො

තැන්පත්කමක් නැති දුශ්ශීලයා රටවැසියා විසින් දෙන ආහාරය වලඳනවාට වඩා රත් වූ ගිනි සිලුවක් වැනි යකඩ ගුලියක් ගිලීම හොඳය..

19.2.12

නිරය වග්ගො 2

කාසාවකණ්ඨා බහවො
පාපධම්මා අසඤ්ඤති
පාපා පාපෙහි කම්මෙහි
නිරයං තෙ උපපජ්ජරෙ

බෙල්ලෙහි කහ කඩ ඔතාගත් පාප ස්වභාව ඇති, සංයම නැති පුද්ගලයෝ බොහෝය. ඒ පාපීහු සිය පාප ක්‍රියා නිසා අපායෙහි (නිරයෙහි) උපදිති...

18.2.12

නිරය වග්ගො 1

අභූතවාදී නිරයං උපෙති
යො චාපි කත්වා න කරොමීති චාහ,
උභොපි තෙ පෙච්ච සමා භවන්ති
නිහීනකම්මා මනුජා පරත්ථ

බොරු කියන පුද්ගලයා අපායට යයි. යම් පවක් කොට එය නො කළේ යැයි කියන්නාත් අපායට යයි. පහත් ක්‍රියා ඇති ඒ මිනිස්සු දෙදෙනා පරලොව දී ද ගති වශයෙන් සමාන වෙත්

15.2.12

පකිණ්ණ වග්ගො 16

එකාසං එකසෙය්‍යං
එකො චරමතන්දිතො
එකො දමයමත්තානං
වනන්තෙ රමිතො සියා

තනිව ආත්ම දමනය කරන්නා තනිව ම විසිය යුතුය. තනිව ම නිදිය යුතුය. තනිව ම හැසිරිය යුතුය. නොමැළිව වනයෙහි සිත් අලවා විසිය යුතුය...

- - - - - - - - - ප්‍රකීර්ණක වර්ගය නිමි - - - - - - - - -

පකිණ්ණ වග්ගො 15

දූරෙ සන්තො පකාසෙන්ති
හිමවන්තො ව පබ්බතො
අසන්තෙත්ථ න දිස්සන්ති
රත්තිඛිත්තා යථා සරා

සත්පුරුෂයෝ කොතරම් දුර සිටියත් හිමාලය පර්වතය මෙන් ප්‍රකටව පෙනෙත්. අසත් පුරුෂයෝ ලඟ සිටියත් රාත්‍රියෙහි විදින ලද ඊතල මෙන් නොපෙනෙත්.

පකිණ්ණ වග්ගො 14

සද්ධා සීලෙන සම්පන්නො
යසොභොග - සමප්පිතො
යං යං පදෙසං භජති
තත්ථ තත්ථෙව පූජිතො

ශ්‍රද්ධාවත්, සිල්වත්, කීර්තිමත්, භෝග සම්පත් ඇති පුද්ගලයා යම් යම් පෙදෙසකට යයි ද, ඒ හැම තැන දීම (හේ මහජනතාව විසින්) පුදනු ලැබේ..

14.2.12

පකිණ්ණ වග්ගො 13

දුප්පබ්බජ්ජං දූරභිරමං
දුරාවාසා ඝරා දුඛා
දුක්ඛො සමාන සංවාසො
දුක්ඛානුපතිතද්ධගු
තස්මා න චද්ධගු සියා
න දුක්ඛානුපතිතො සියා

පැවිද්ද දුෂ්කර ය. එහි සිත් ඇලවීමත් දුෂ්කර ය. ගිහිගෙයි වාසයත් දුක් සහිත ය. අසමාන අදහස් ඇත්තන් හා එක්ව විසීමත් දුකකි. සසර ද ඉතා දිග හෙයින් දුක් සහිත ය. මේ නිසා සසර මඟට පිළිපන්නෙකු නො විය යුතු ය. දුකින් ලුහුබඳිනා ලද්දකුත් නොවිය යුතු ය..

12.2.12

පකිණ්ණ වග්ගො 12

සුප්පබුද්ධං පබුජ්ඣන්ති
සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච
භාවනාය රතො මනො

යම් කෙනෙකුන්ගේ සිත දිවා රෑ දෙකේහි භාවනාවෙහි ඇලුණේ ද (කරුණා භාවනාව වඩන ලද ), ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමදා සුවසේ නිදා මනාව පුබුදිත්..

11.2.12

පකිණ්ණ වග්ගො 11

සුප්පබුද්ධං පබුජ්ඣන්ති
සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච
අහිංසාය රතො මනො

යම් කෙනෙකුට දිවා රෑ දෙකේහි නිතර අවිහිංසාවෙහි ඇලුණේද (කරුණා භාවනාව වඩන ලද ), ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමදා සුවසේ නිදා මනාව පුබුදිත්..

පකිණ්ණ වග්ගො 10

සුප්පබුද්ධං පබුජ්ඣන්ති
සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච
නිච්චං කායගතා සති

යම් කෙනෙකුට දිවා රෑ දෙකේහි නිතර කය අරමුණු කොට උපන් සිහිය ඇද්ද, ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමදා සුවසේ නිදා මනාව පුබුදිත්..

8.2.12

පකිණ්ණ වග්ගො 9

සුප්පබුද්ධං පබුජ්ඣන්ති
සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච
නිච්චං සංඝගතා සති

යම් කෙනෙකුට දිවා රෑ දෙකේහි නිතර (ආර්ය) සංඝ ගුණය අරමුණු කොට උපන් සිහිය ඇද්ද, ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමදා සුවසේ නිදා මනාව පුබුදිත්..

7.2.12

පකිණ්ණ වග්ගො 8

සුප්පබුද්ධං පබුජ්ඣන්ති
සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච
නිච්චං ධම්මගතා සති

යම් කෙනෙකුට දිවා රෑ දෙකේහි නිතර දහම ගුණ අරමුණු කොට උපන් සිහිය ඇද්ද, ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමදා සුවසේ නිදා මනාව පුබුදිත්..

පකිණ්ණ වග්ගො 7

සුප්පබුද්ධං පබුජ්ඣන්ති
සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච
නිච්චං බුද්ධගතා සති

යම් කෙනෙකුට දිවා රෑ දෙකෙහි නිතර බුදු ගුණ අරමුණු කොට උපන් සිහිය ඇද්ද, ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමදා සුවසේ නිදා මනාව පුබුදිත්..

6.2.12

පකිණ්ණ වග්ගො 6

මාතරං පිතරං හන්ත්වා
රාජානො ද්වෙ ච සොත්ථියෙ
වෙය්‍යග්ඝ පඤ්ච මං හන්ත්වා
අනීඝො යාති බ්‍රාහ්මණො

නියම බ්‍රාහ්මණයා තණ්හා නැමැති මව ද, මානය නමැති (තෘෂ්ණාව) පියා ද, ශාශ්වත උච්ඡේද දෘෂ්ටි නමැති බමුණු රජුන් දෙදෙනා ද, විචිකිච්ඡාව පස්වනු කොට ඇති පංච නීවරණ නමැති ව්‍යාඝ්‍රයන් ද නසා නිදුක්ව නිවනට (රහත් තෙමේ ) යයි..

4.2.12

පකිණ්ණ වග්ගො 5

මාතරං පිතරං හන්ත්වා
රාජානො ද්වෙ ච ඛත්තියෙ
රට්ඨං සානුචරං හන්ත්වා
අනිඝො යාති බ්‍රාහ්මණො

නියම බ්‍රාහ්මණයා තණ්හාව නැමැති මව ද, (තෘෂ්ණාව) මානය නමැති පියා ද, ශාශ්වත උච්ඡේද දෘෂ්ටි නමැති රජුන් දෙදෙනා ද, නන්දිරාග නමැති අනුචරයා සහිත වූ දොළොස් ආයතන නමැති රට ද නසා රහත් තෙමේ නිදුක් ව නිවනට යයි..

පකිණ්ණ වග්ගො 4

යෙසං ච සුසමාරද්ධා
නිච්චං කායගතා සති
අකිච්චං තෙ න සෙවන්ති
කිච්චෙ සාතච්චකාරිනො
සතානං සම්පජානානං
දත්තං ගච්ඡන්ති ආසවා

යමෙකු විසින් නිතර කායගතාසති භාවනාව වඩන ලද ද ඔවුහූ නොකළ යුක්ත නො කරත්. කළ යුත්තෙහි නිතර යෙදෙති. මනා සිහියෙන් හා නුවණින් ද, යුත් එබඳු පුද්ගලයින්ගේ ආශ්‍රවයෝ නැති වෙත්, හෙවත් විනාශයට යෙත්..

2.2.12

පකිණ්ණ වග්ගො 3

යං හි කිච්චං තදපවිද්ධං
අකිච්චං පන කයිරති
උන්නළානං පමත්තානං
තෙසං වඩ්ඪන්ති ආසවා

යමකු විසින් කළ යුතු දේ හැර දමා නො කළ යුතු දේ කරනු ලැබේ, උඬගු වූ, පමා වූ එබඳු පුද්ගලයන්ගේ ආශ්‍රවයෝ වැඩෙත්..

පකිණ්ණ වග්ගො 2

පරදුක්ඛුපදානෙන
අත්තනො සුඛමිච්ඡති
වෙරසංසග්ග - සංසට්ඨො
වෙරා සො න පරිමුච්චති

යමෙක් අනුන්ට දුක් දී තමන් සැප ලබන්නට කැමති වේ ද, වෛරයෙන් බැඳුණු සිත් ඇති ඔහු වෛරයෙන් නො මිදේ..

31.1.12

පකිණ්ණ වග්ගො 1

මත්තා සුඛපරිච්චාගා
පස්සෙ චෙ විපුලං සුඛං
චජෙ මත්තා සුඛං ධීරො
සම්පස්සං විපුලං සුඛං

මඳ සැපයක් හැර දැමීමෙන් මහත් සැපයක් ලැබෙන බව පෙනේ නම් බුද්ධිමතා ඒ විපුල සැපත බලාපොරොත්තුවෙන් සුළු සැපය අත්හරී. (හෙවත් අත් හල යුතුය )

මග්ග වග්ගො 17

එතමත්ථවසං ඤත්වා
පණ්ඩිතො සීලසංවුතො
නිබ්බානගමනං මග්ගං
ඛිප්පමෙව විසොධයෙ

මරණයෙහි දී තමාට පිහිට වන්නට කිසිවකු නැතැයි දැනගෙන නුවණැත්තා ශීල සංවරයෙන් යුක්තව නිවනට යන මඟ වහ වහා පිරිසිදු කර ගනී..

- - - - - - - - - මාර්ග වර්ගය නිමි - - - - - - - - -

මග්ග වග්ගො 16

න සන්ති පුත්තා තාණාය
න පිතා න පි බන්ධවා
අන්තකෙනාධිපන්නස්ස
නත්ථි ඤාතිසු තාණතා

මරුවාගෙන් පහර ලද්දහුගේ රැකවරණය පිණිස එන දරුවන් නැත. මවු පියෝත් නැත. නෑයන්ට ඔහු මරණයෙන් රැකගත නො හැකිය..

28.1.12

මග්ග වග්ගො 15

තං පුත්තපසුසම්මත්තං
ඛ්‍යාසත්තමනසං නරං
සුක්තං ගාමං මහොඝොව
මච්චු ආදාය ගච්ඡති

මහ වතුරක් නිදිගත් ගමක් ගසාගෙන යන්නක් මෙන් මරුවා, දූ දරුවන් හා ගව මහීෂාදීන් ද නිසා මත් වූ ගිජු සිත් ඇති මිනිසා ගෙන යයි..

මග්ග වග්ගො 14

ඉධ වස්සං වසිස්සාමි
ඉධ හෙමන්තගිම්හිසු
ඉති බාලෝ විචින්තෙති
අන්තරායං න බුජ්ඣති

මෝඩයා මෙහි වැසි කාලයෙහි වසන්නෙමි, මෙහි හේමන්ත, ග්‍රිෂ්ම කාලවල වසන්නෙමි යනුවෙන් කල්පනා කරයි. එහෙත් තමාට වන ජීවිත අන්තරාය ගැන නො දනී...

27.1.12

මග්ග වග්ගො 13

උච්ඡින්ද සිනෙහමත්තනො
කුමුදං සාරදිකං ව පාණිනා
සන්තිමග්ගමෙව බ්‍රෑහය
නිබ්බාණං සුගතෙන දෙසිතං

සරත් කාලයෙහි හටගත් මලක් අතින් කඩා දමන්නාක් මෙන් තමා ගැන ඇති ආශාව සිඳ දමව. නිවනට මඟ වූ ආර්ය ආෂ්ටාංගික මාර්ගය ම සිත්හි වඩව. නිවන බුදුන් විසින් දෙසන ලදී..

මග්ග වග්ගො 12

යාවං හි වනථො න ජිජ්ජති
අනුමත්තොපි නරස්ස නාරිසු
පටිබද්ධ මනොව තාව සො
වච්ඡො ඛීරපකොව මාතරී

යම් තාක් කල් පුරුෂයාගේ ස්ත්‍රීන් කෙරෙහි ස්වල්ප මාත්‍රවූ ද ඇල්ම නො සිඳී පවතී ද ඒ තාක් ඔහු මව කෙරේ ඇලේ...

26.1.12

මග්ග වග්ගො 11

වනං ඡින්දථ මා රුක්ඛං
වනතො ජායතී භයං
ඡෙත්වා වනං ච වනථං ච
නිබ්බනා හොථ භික්ඛවො

ගස නොව කෙලෙස් වනය කපව්. කෙලෙස් වනයෙන් භය ඇති වේ. ලොකු කෙලෙස් නමැති වනයත්, කුඩා කෙලෙස් නමැති වනයත් කපා දමා කෙලෙස් නැත්තෝ විය යුතුය..

24.1.12

මග්ග වග්ගො 10

යොගා වෙ ජායතී භූරි
අයොගා භූරිසංඛයො
එතං ද්වෙධාපථං ඤත්වා
භවාය විභවාය ච
තථත්තානං නිවෙසෙය්‍ය
යථා භූරි පවඩ්ඪති

භාවනාවෙන් පුළුල් නුවණ ඇති වේ. භාවනා නො කිරීමෙන් එය වැනසේ. දියුණුවට හා නො දියුණුවට කරුණු වන මේ මාර්ග දෙක ගැන දැනගෙන, යම් පරිද්දෙන් නුවණ පුළුල් වේ ද ඒ පරිද්දෙන් ජීවිතය සකස් කර ගත යුතුය..

මග්ග වග්ගො 9

වාචානුරක්ඛී මනසා සුසංවුතො
කායෙන ච අකුසලං න කයිරා
එතෙ තයො කම්මපථෙ විසොධයෙ
ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිතං

වචනය රැකගත යුතුය. සිත තැන්පත් කර ගත යුතුය. කයින් අකුසල් නො කළ යුතුය. මේ තුන් කර්ම පථය පිරිසිදු කරගත් තැනැත්තාට ඍෂීන් විසින් අනුදත් මාර්ගය වූ නිවන් මඟ ගමන් කළ හැකිය..

22.1.12

මග්ග වග්ගො 8

උට්ඨානකාලම්හි අනුට්ඨහානො
යුවා බලී ආලසියං උපෙතො
සංසත්තසංකප්පමනො කුසීතො
පඤ්ඤාය මග්ගං අලසො න වින්දති

යමෙක් තරුණ වූවත්, බලවත් වූවත්, අලසකමින් යුක්ත නම්, වීර්යයයෙන් කටයුතු කළ යුතු වේලෙහි නො නැඟිට සිටී නම් බොරු විතර්ක නිසා යටපත් වූ යහපත් කල්පනා හා සිත් ඇති ඒ අලසයා නුවණින් දැක්ක යුතු වූ මඟ නො දකියි, හෙවත් නො ලබයි..

21.1.12

මග්ග වග්ගො 7

සබ්බේ ධම්මා අනත්තාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දතී දුක්ඛෙ
එස මග්ගො විසුද්ධියා

යමෙක් යම් විටෙක සියලු ධර්ම අනාත්මය. (වෙනස් වන සුලුය.අස්ථිර ය)යි නුවණින් දැනගනී ද එවිට දුක ගැන කලකිරේ. එය ම පිරිසිදු වීමට - නිවන් ලැබීමට - මඟ ය..

20.1.12

මග්ග වග්ගො 6

සබ්බේ සංඛාරා දුක්ඛාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දතී දුක්ඛෙ
එස මග්ගො විසුද්ධියා

යමෙක් යම් විටෙක සියලු සංස්කාර දුක් යයි නුවණින් දැනගනී ද එවිට දුක ගැන කලකිරේ. එය ම පිරිසිදු වීමට - නිවන් ලැබීමට - මඟ ය..

19.1.12

මග්ග වග්ගො 5

සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දතී දුක්ඛෙ
එස මග්ගො විසුද්ධියා

යමෙක් යම් විටෙක සියලු සංස්කාර වෙනස් වෙතැයි නුවණින් දැනගනී ද එවිට දුක ගැන කලකිරේ. එය ම පිරිසිදු වීම ය. නිවන් ලැබීමට මඟ ය..

18.1.12

මග්ග වග්ගො 4

තුම්හෙ හි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති
ඣායිනො මාරබන්ධනා

තොප විසින් කෙලෙස් තවන වීර්යය කළ යුතු ය. බුදුවරු එයට මඟ කියන්නෝ ය. ඒ මඟට බැස ධ්‍යාන වඩන්නෝ මාර බන්ධනයෙන් මිදෙන්නෝය..

මග්ග වග්ගො 3

එතං හි තුම්හෙ පටිපන්නා
දුක්ඛස්සන්තං කරිස්සථ
අක්ඛාතො වෙ මයා මග්ගො
අඤ්ඤාය සල්ලසන්ථනං

තෙපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සියලු දුක් කෙළවර කර ගනිව්. මා විසින් රාගාදී උල් උදුරා ලන උපාය දැන මේ මාර්ගය නිශ්චය වශයෙන් තොපට ප්‍රකාශ කරන ලදී..

මග්ග වග්ගො 2

එසොව මග්ගො නත්ථඤ්ඤො
දස්සනස්ස විසුද්ධියා
එතං හි තුම්හෙ පටිපජ්ජථ
මාරස්සෙතං පමොහනං

නුවණ පිරිසිදු කරගැනීමට නම් මේ මිස අනික් මඟක් නැත.තෙපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදිව්. මෙය මාරයා මුළා කරන්නකි..

15.1.12

මග්ග වග්ගො 1

මග්ගානට්ඨංගිකො සෙට්ඨො
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨො ධම්මානං
ද්වීපදානං ච චක්ඛුමා

සියලු මාර්ග අතුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨ ය. සියලු සත්වයන් අතුරෙන් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය ශ්‍රේෂ්ඨය, සියලු ධර්ම අතුරෙන් නිවන ශ්‍රේෂ්ඨය..

14.1.12

ධම්මට්ඨ වග්ගො 17

ඵුසාමි නෙක්කම්ම සුඛං
අපුථුජ්ජන සෙවිතං
භික්ඛු විස්සාස මා පාදි
අප්පත්තො ආසවක්ඛයං

ආර්යයන් විසින් ලබන ලද නෙක්ඛම්ම ( පැවිදි ) සැපය ලැබීමෙන් හෝ ආශ්‍රවයන් කෙළවර කර නො ගත් භික්ෂුවක්, තමා දුක් කෙළවර කර ගත්තේය' යි වැරදි විශ්වාසයක් ඇතිකර නොගත යුතුය..

- - - - - - - - - ධම්මට්ඨ වර්ගය නිමි - - - - - - - - -

13.1.12

ධම්මට්ඨ වග්ගො 16

න සීලබ්බත මත්තෙන
බාහුසච්චෙන වා පුන
අථ වා සමාධිලාභෙන
විවිච්චසයනෙන වා

ශීල වෘත මාත්‍රයකින් හෝ බහුශ්‍රැතකමකින් හෝ සමෘද්ධියක් ලැබීමෙන් හෝ විවේක සේනාසනයක විසීමෙන් හෝ,

12.1.12

ධම්මට්ඨ වග්ගො 15

න තෙන අරියො භොති
යෙන පාණානි හිංසති
අහිංසා සබ්බපාණානං
අරියොති පවුච්චති

ප්‍රාණින්ට හිංසා කරන්නා 'ආර්ය' යි නමක් තිබුණු පමණින් ආර්යයෙක් නො වේ. සියලු ප්‍රාණීන්ට හිංසා නොකරන්නෙකුට පමණක් 'ආර්යයෙකැ' යි කියනු ලැබේ..

11.1.12

ධම්මට්ඨ වග්ගො 14

පාපානි පරිවජ්ජෙති
න මුනී තෙන සො මුනි
යො මුනාති උභො ලොකෙ
මුනී තෙන පවුච්චති

යමෙක් පව් දුරු කරයි ද, ඔහු එයින් ම මුනිවරයෙක් වේ. යමෙක් ලෝකයෙහි ආධ්‍යාත්මික, බාහිර සංස්කාරයන් වෙන් වශයෙන් බෙදා දැන ගනී ද ඒ නිසා ඔහු 'මුනිවරයෙකැ' යි කියනු ලැබේ..

10.1.12

ධම්මට්ඨ වග්ගො 13

න මොනෙන මුනී හොති
මුළ්හරූපො අවිද්දසු
යො ච තුලං ව පග්ගය්හ
වරමාදාය පණ්ඩිතො

මෝඩ ස්වභාව ඇති අඥානයා කථා නොකර සිටි පමණින් මුනිවරයෙක් නො වේ.තරාදියක් අතට ගත්තකු මෙන් ලෝකයේ ඇති හොඳ - කුසල් - කිරා බලා තෝරා ගත හැකි පණ්ඩිතයා ම මුනිවරයෙක් වේ..

9.1.12

ධම්මට්ඨ වග්ගො 12

යොධ පුඤ්ඤං ච පාපං ච
බාහෙත්වා බ්‍රහ්මචරිය වා
සංඛාය ලොකෙ චරති
ස වෙ භික්ඛුති වුච්චති

යමෙක් මේ ශාසනයෙහි නියමිත පරිදි පින් පව් දෙක ම දුරු කොට, බඹසරින් යුක්තව සියලු දේ නුවණින් සලකා - විමසා හැසිරෙයි ද ඔහු ම නිශ්චය වශයෙන් භික්ෂුවකැ'යි කියනු ලැබේ..

8.1.12

ධම්මට්ඨ වග්ගො 11

න තෙන භික්ඛු හොති
යාවතා භික්ඛතෙ පරෙ
විස්සං ධම්මං සමාදාය
භික්ඛු හොති න තාවතා

විෂම වූ පාප ධර්ම සමාදන් වූ තැනැත්තා අනුන්ගෙන් පිඬු සිඟා ගත් තරමින් ම භික්ෂුවක් නො වේ..

7.1.12

ධම්මට්ඨ වග්ගො 10

යො ච සමෙති පාපානී
අණුං ථූලානි සබ්බසො
සමිතත්තා හි පාපානං
සමණොති පවුච්චති

යමෙක් ලොකු කුඩා පව් මුළුමනින් ම සංසිඳුවා ගනී ද, ඔහු පව් සංසිඳ වූ බැවින් මහණෙකැ'යි කියනු ලැබේ..

ධම්මට්ඨ වග්ගො 9

න මුණ්ඩකෙන සමණො
අබ්බතො අලිකම්භණං
ඉච්ඡාලොභ සමාපන්නො
සමණො කිං භවිස්සති


ශීලාදී වෘත ගුණ නැති බොරු කියන පුද්ගලයා හිස මුඬු කළ පමණකින් මහණෙක් නො වේ. ඉච්ඡාවෙන් හා ලෝභයෙන් ද යුත් තැනැත්තා කෙසේ නම් මහණෙක් වන්නෙද .?

5.1.12

ධම්මට්ඨ වග්ගො 8

යස්ස චෙතං සමුච්ඡින්නං
මූලඝච්චං සමූහතං
ස වන්තදොසො මෙධාවී
සාධුරූපොති වුච්චති

යමකු විසින් ඊර්ෂ්‍යා ආදී අකුසල් ගති මුලින් ම උදුරා දමන ලද ද පහකර ගත් කෙලෙස් මල ඇති ඔහු යහපත් ස්වභාව ඇත්තෙකැයි කියනු ලැබේ..

4.1.12

ධම්මට්ඨ වග්ගො 7

න වාක්කරණමත්තෙන
වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපො නරො හොති
ඉස්සුකී මච්ඡරි සඨො

අනුන්ට ඊර්ෂ්‍යා කරන, මසුරුකම් කරන කපටියා ලක්ෂණ මිහිරි වචන කථා කළ පමණකින් වත්, හැඩ වැඩ ඇති පමණින් වත් යහපත් ස්වභාව ඇති මිනිසෙක් නො වේ..

ධම්මට්ඨ වග්ගො 6

යම්හි සච්චං ච ධම්මොච
අහිංසා සංයමො දමො
ස වෙ වන්තමලො ධීරො
ථෙරො ඉති පවුච්චති

යමෙකු තළ සත්‍යයත්, ධර්මයත්, අවිහිංසාවත්, තැන්පත්කමත්, ඉන්ද්‍රීය දමනයත් ඇද්ද, පහ කරන ලද කෙලෙස් ඇති එබඳු බුද්ධිමතා ස්ථවිරයෙකැ'යි කියනු ලැබේ..

3.1.12

ධම්මට්ඨ වග්ගො 5

න තෙන ථෙරො හොති
යෙනස්ස පලිතං සිරො
පරිපක්කො වයො තස්ස
මොඝජිණ්ණොති වුච්චති

හිස කෙස් පැසුණු පමණින් යමෙක් ස්ථවිර නො වේ. වයසින් පමණක් මේරූ ඔහු 'හිස් මහල්ලා' යයි කියනු ලැබේ..

1.1.12

ධම්මට්ඨ වග්ගො 4

න තාවතා ධම්මධරො
යාවතා බහු භාසති
යො ච අප්පම්පි සුත්වාන
ධම්මං කායෙන පස්සති
සවෙ ධම්ම ධරොහොති
යො ධම්මං නප්පමජ්ජතී

බොහෝ සේ කථා කළ පමණිනුත් යමෙක් ධර්මධරයෙක් නො වේ. යමෙක් ස්වල්පයක් නමුත් දහම් අසා දැන නාම කයින් චතුරාර්‍ය සත්‍යය දකී නම් හෙතෙම ඒකාන්තයෙන් ධර්ම ධරයෙක් වේ. ධර්මය ගැන මනා සැලකිල්ල දක්වන එබඳු පුද්ගලයාත් ධර්මධර නම් වේ..

ධම්මට්ඨ වග්ගො 3

න තෙන පණ්ඩිතො හොති
යාවතා බහු භාසති
ඛෙමී අවෙරී අභයො
පණ්ඩිතොති පවුච්චති

යමෙක් බොහෝ සේ කථා කළ පමණිනුත් පණ්ඩිතයෙක් නොවේ.උවදුරු නැති, වෛර නැති, භය නැති පුද්ගලයා පමණක් පණ්ඩිතයෙකැ'යි කියනු ලැබේ..