30.12.11

ධම්මට්ඨ වග්ගො 2

අසාහසෙන ධම්මෙන
සමෙන නයතී පරෙ
ධම්මස්ස ගුත්තො මෙධාවී
ධම්මට්ඨොති පවුච්චති

යමෙක් අගතියට නොගොස් නිබොරුවෙන්, නිතියට අනුව වරදට සුදුසු පරිද්දෙන් නඩුවේ දී අනුන් ජය පරාජයට පමුණුවයි ද,ඒ බුද්ධිමතා විනිශ්චය ධර්මයෙන් රැකුණු ධාර්මිකයෙකැ'යි කියනු ලැබේ..

ධම්මට්ඨ වග්ගො 1

න තෙන හොති ධම්මට්ඨො
යෙනත්ථං සහසා නයෙ
යො ච අත්ථං අනත්ථං ච
උභො නිච්ඡෙය්‍ය පණ්ඩිතො

යමකු බොරුවෙන් හිමියන් අහිමියන් කරමින් නඩුවක් විසඳූ තරමින් ධාර්මික විනිශ්චයකාරයෙක් නො වේ..

29.12.11

මල වග්ගො 21

ආකාසෙ ව පදං නත්ථි
සමණො නත්ථි බාහිරෙ
සංඛාරා සස්සතා නත්ථි
නත්ථි බුද්ධානමිංජිතං

අහසෙහි පා සටහන් නැත. බුදු සස්නෙන් පිටත භික්ෂුවක් නැත. නිත්‍ය වූ සදාකාලික වූ සංස්කාරයෝ නැත. බුදුවරයනට තණ්හා, මාන ආදී ඉන්ද්‍රියයෙක් නැත..

- - - - - - - - - මල වර්ගය නිමි - - - - - - - - -

28.12.11

මල වග්ගො 20

ආකාසෙ ව පදං නත්ථි
සමණො නත්ථි බාහිරෙ
පපංචාහිරතා පජා
නිප්පපංචා තථාගතං

අහසෙහි පා සටහන් නැත. බුදු සස්නෙන් පිටත භික්ෂුවක් නැත. සත්වයෝ තණ්හා, මාන සංඛ්‍යාත ප්‍රපංචයෙහි ඇලුණෝ ය. බුදුවරු ප්‍රපංච නැත්තෝ ය..

26.12.11

මල වග්ගො 19

පරවජ්ජානුපස්සිස්ස
නිච්චං උජ්ඣානසඤ්ඤිනො
ආසවා තස්ස වඩ්ඪන්ති
ආරා සො ආසවක්ඛයා

නිතර අනුන්ගේ දොස් සොයන්නා වූ, අනුන් හෙළා තළා කථා කරන්නා වූ පුද්ගලයාගේ ආශ්‍රවයෝ වැඩෙත්. ඔහු රහත් ඵලයෙන් බොහෝ ඈත් ය..

25.12.11

මල වග්ගො 18

සුදස්සං වජ්ජං මඤ්ඤෙසං
අත්තනො පන දුද්දසං
පරෙසං හි සො වජ්ජානි
ඔපුණාති යථාභූසං
අත්තනො පන ඡාදෙති
කලිංච කිතවා සඨො

අනුන්ගේ වරද ලෙහෙසියෙන් දැක්ක හැකිය.තමාගේ වරද දැක්ක නොහැකිය.අනුන්ගේ වැරදි සොයන්නා ඒවා බොල් මෙන් පොළා පෙන්වයි.ඔහු කොළ අතුවලින් සිය සිරුර මුවහ (වසා) කරගන්නා ලිහිණි වැද්දකු මෙන් තමාගේ වරද වසාලයි...

24.12.11

මල වග්ගො 17

නත්ථි රාගසමො අග්ගි
නත්ථි දොසසමො ගහො
නත්ථි මොහසමංජාලං
නත්ථි තණ්හාසමා නදී

රාගය සමාන ගින්නක් නැත. ද්වේෂය සමාන (බැඳි වෛරයෙන්) ගැන්මක් නැත. මෝහය සමාන දැලක් නැත. තෘෂ්ණාව සමාන ගඟක් නැත.

මල වග්ගො 16

යස්ස චෙතං සමුච්ඡින්නං
සූලඝච්චං සමූහතං
ස වෙ දිවා වා රත්තිං වා
සමාධිං අධිගච්ඡති

යමකු විසින් අනික් කෙලෙස් මුලුත් සමග මේ අකුශලය මුලින් ම උපුටා නසන ලද ද හේ දවල් හෝ රෑ හෝ සිතේ එකඟකම ලබයි..

22.12.11

මල වග්ගො 15

දදාති වෙ යථා සද්ධං
යථා පසාදනං ජනො
තත්ථ වේ මංකුයො හොති
පරෙසං පාන භොජනෙ
න සො දිවා වා රත්තිං වා
සමාධිං අධිගච්ඡති

ජනයා ශ්‍රද්ධාවේ හා පැහැදීමේ ද පමණට දන් දෙත්.යමෙක් අනුන්ගේ ඒ කෑම් පීම්හි දොම්නස් උපදවයි නම් හේ දාවල් වත් රෑ වත් සිතේ එකඟකම නො ලබයි..

21.12.11

මල වග්ගො 14

එවං හො පුරිස ජානාහි
පාපධම්මා අසඤ්ඤතා
මා තං ලොභො අධම්මො ච
චිරං දුක්ඛාය රන්ධයුං

පින්වත් පුරුෂය, මෙසේ දැන ගනුව.පාප ස්වහාව ඇත්තෝ සංයමය නැත්තෝ ය.ලෝභයත් ද්වේෂයත් ඔබ බොහෝ කලක් දුකට නො පමුණුවත්වා..!

මල වග්ගො 13

සුරාමෙරය පානං ච
යො නරො අනුයුංජති
ඉධෙව මෙසො ලොකස්මිං
මූලං ඛණති අත්තනො

මත්පැන් පානය කරයි ද, ඔහු මෙලොව දී ම තමාගේ මුල හාර ගනී. හෙවත් වළ කපා ගනී..

20.12.11

මල වග්ගො 12

යො පාණමතිපාතෙති
මුසාවාදං ච භාසති
ලොකෙ අදින්නං ආදියති
පරදාරං ච ගච්ඡති

යමෙක් සතුන් මරයි ද,හොරකම් කරයි ද,පර අඹුවන් කරා යයි ද,බොරු කියයි ද,

18.12.11

මල වග්ගො 11

හිරීමතා ච දුප්ජීවං
නිච්චං සුචිගවෙසිනා
අලීනෙනප්පගබ්භෙන
සුද්ධාජීවෙන පස්සතා

විළි බිය ඇති, නිතර පිරිසිදු ක්‍රියා කිරීමට සොයන බලන, වැරදි දිවි පැවැත්මෙයි නො ඇලුණු, බුහුටි නොවූ, පිරිසිදු දිවිපැවැත්ම ගැන ම වෙහෙසෙන හික්ෂුවට ජීවත්වීම දුෂ්කර ය..

17.12.11

මල වග්ගො 10

සුජීවං අහිරිකෙන
කාකසූරෙන ධංසිනා
පක්ඛන්දිනා පගබ්භෙන
සඞකිලිට්ඨෙන ජීවිතං

කවුඩකු මෙන් ගසා කෑමෙහි ශූර වූ, බුහුටි වූ, ලජ්ජා නැති, අනුන්ගේ ගුණ මකන, ගෙන් ගෙට දුවන, කිළිටි දිවි පැවැත්මක් ඇති භික්ෂුවට ජීවත්වීම ඉතා පහසු ය..

16.12.11

මල වග්ගො 9

තතො මලා මලතරං
අවිජ්ජා පරමං මලං
එතං මලං පහත්වාන
නිම්මලා හොථ භික්ඛවො

ඒ හැම මලයට ම වඩා (මහත්ම මලය අවිද්‍යාව නැමැති ) විශාල මලය දුරලා නිර්මල වව්..

15.12.11

මල වග්ගො 8

මලිත්ථියා දුච්චරිතං
මච්ඡෙරං දදතො මලං
මලා චෙ පාපකා ධම්මා
අස්මිං ලොකෙ පරම්හි ච

ස්ත්‍රියට නරක චරිතය මලයකි. අකුශල ධර්මයෝ මෙලොව පරලොව දෙකෙහි ම මලයෝ ය..

14.12.11

මල වග්ගො 7

අසජ්ඣාය මලා මන්තා
අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං
පමාදො රක්ඛතො මලං

උගත් ධර්ම ශාස්ත්‍රය නැවත නැවත නො පිරවීම ඒ උගත් දෙයට මලයකි. හෙවත් කිලුටකි. කැඩුණු බිඳුණු තැන් අලුත් වැඩියා නො කිරීම ගෙවලට මලයකි. කුසීතකම ශරීර වර්ණයට මලයකි.යමක් රකින්නහුට පමාවීම මලයකි..

මල වග්ගො 6

අයසාව මලං සමුට්ඨිතං
තදුට්ඨායෙ තමෙව ඛාදති
එවං අතිධොන චාරිණං
සකකම්මානි නයන්ති දුග්ගතිං

යකඩින් නැඟුණු මලය එයින් නැගී එයම කා දමයි.(එසේ ම සිවුපසය පස් විකන භික්ෂුව ද ) එසේ ම නුවණින් තොරව වසන භික්ෂුවගේ අකුශල කර්මයෝ ඔහු දුගතියට යවත්..

13.12.11

මල වග්ගො 5

අනුපුබ්බේන මෙධාවි
ථොක ථොකං ඛණෙ ඛණෙ
කම්මාරො රජතස්සෙව
නිද්ධමේ මලමත්තනො

රන්කරුවා (තව තවා තල තලා ) ක්‍රමයෙන් රිදීයෙහි මල හරින්නාක් මෙන් පණ්ඩිතයා ටිකින් ටික පිළිවෙලින් තමාගේ කෙලෙස් මල ඉවත් කරගනී..

11.12.11

මල වග්ගො 4

සො කරොහි දිපමත්තනො
ඛිප්පං වායාම පණ්ඩිතො භව
නිද්ධන්තමලො අනංගණො
න පුන ජාතිජරං උපෙහිසි

ඔබ දැන් ආත්මයට එළියක් දිය යුතුය.හෙවත් කුසල් නමැති පිහිටක් කරගත යුතුය.වහ වහා වෑයම් කරව.තමාට උවමනා පිහිට සාදා ගැනීමට තරම් සමත් බව, රාගාදි කෙලෙස් මල දුරු කොට නිකෙලෙස් තැනැත්තෙක්ව නැවත ජාති ජරා දුකට නොපැමිණීමට උත්සාහ කරව..

10.12.11

මල වග්ගො 3

උපනීත වයො ච දානිසි
සම්පයාතො සි යමස්ස සන්තිකෙ
වාසොපි ච නත්ථි අන්තරා
පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති

ඔබ දැන් ඉක්මුණු වයස ඇත්තෙකි.යමයා ළගට පැමිණියෙකි. (පරලොව යන විට) ඔබට අතරතුර නවතින්නට තැනකුත් නැත.ඔබට මාර්ගෝපකරණ ද නැත..

9.12.11

මල වග්ගො 2

සො කරොහි දීපමත්තනො
ඛිප්පං වායම පණ්ඩිතො භව
නිද්ධන්තමලො අනංගණො
දිබ්බං අරියභූමිමෙහිසි

ඔබ දැන් තමහට එළියක් දිය යුතුය.හෙවත් පිහිටක් ඇතිකර ගත යුටුය.වහ වහා වැයම් කරව.තමාට වුවමනා පිහිට සාදා ගැනීමට තරම් සමත් බව, කෙලෙස් මල හැරගෙන නිකෙලෙස් වූ දිව්‍ය ආර්ය බිමට පැමිණෙව..

මල වග්ගො 1

පණ්ඩුපලාසො ව දානි සි
යමපුරිසාපි ච තමු උපට්ඨිතා
උය්‍යෙගමුඛෙ ච තිට්ඨසි
පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති

ඔබ දැන් ඉපදුණු පඬුවන්ව ගිය කොළයක් බඳු ය.යම දූතයෝත් දැන් ඔබ වෙතට අවුත් ය.ඔබ දැන් ඉන්නේ පිරිහීම් දොරටුවේ ය.ඔබට කුසල් නමැති මාර්ගෝපකරණ ද නැත..

7.12.11

පිය වග්ගො 12

තථෙව කතපුඤ්ඤම්පි
අස්මා ලොකො පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති
පියං ඤාතිංව ආගතං

එසේ ම පුණ්‍ය විපාකයෝ කළ පින් ඇත්තා මෙලොවින් පරලොවට ගිය කළ ප්‍රිය නෑයකු මෙන් පිළිගනිත්..

- - - - - - - - - ප්‍රිය වර්ගය නිමි - - - - - - - - -

6.12.11

පිය වග්ගො 11

චිරප්පවාසිං පුරිසං
දුරතො සොත්ථිමාගතං
ඤාතිමිත්තා සුභජ්ජා ච
අභිනන්දන්ති ආගතං .,

බොහෝ කලක් පිට රටක වාසය කොට සමෘද්ධව සුවසේ පැමිණි පුද්ගලයකු ඔහුගේ නෑදෑ මිත්‍රයෝත්, හිතවත්තුත් ආදරයෙන් පිළිගෙන යම් සේ සතුටු වෙද්ද.,

5.12.11

පිය වග්ගො 10

ඡන්දජාතො අනක්ඛාතෙ
මනසා ච ඵුටො සියා
කාමෙසු ච අප්පටිබද්ධචිත්තො
උද්ධං සොතොකි වුච්චති

යමෙකුට නිවනෙහි හටගත් - යෙදුණු - ඡන්දය ඇද්ද, යමෙක් සිතිනුත් එය ස්පර්ශ කරයි ද, කාමයන්හි නො බැඳුනෙන් ද එබඳු පුද්ගලයා උද්ධං සෝතයෙකැ ( ජල පහරේ ඉහලට යන්නෙකැයි ) කියනු ලැබේ..

4.12.11

පිය වග්ගො 9

සීලදස්සනසම්පන්නං
ධම්මට්ඨං සච්චවාදිනං
අත්තනො කම්ම කුබ්බානං
තං ජනො කුරුතෙ පියං

සිවු පිරිසිදු සීලයෙන් හා සම‍යක් දෘෂ්ටියෙන් යුක්ත වූ, ධර්මයෙහි පිහිටි, ඇත්ත කියන, තමාගේ කටයුතු ( ත්‍රිවිධ ශික්ෂා පිරීම ) කරන පුද්ගලයාට ජනයා ප්‍රිය කරත්..

3.12.11

පිය වග්ගො 8

තණ්හාය ජායතී සොකො
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං ?

ආශාව නිසා ශෝකය උපදී. ආශාව නිසා බිය ද උපදී. ආශාවෙන් වෙන් වූ තැනැත්තාට ශෝකයක් නැත. ( එසේ නම් ) බියක් කොයින්ද ?

පිය වග්ගො 7

කාමතො ජායතී සොකො
කාමතො ජායතී භයං
කාමතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං ?

වස්තුකාම, ක්ලේශකාම දෙක නිසා ශෝක හටගනී. ඒ නිසා බිය ද හටගනී. එයින් වෙන් වූවහුට ශෝකයක් නැත. ( එසේ නම් ) බියක් කොයින්ද ?

පිය වග්ගො 6

රතියා ජායතී සොකො
රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං ?

( පස්කම් සැපෙහි ) ඇල්ම නිසා ශෝක හටගනී. ඇල්ම නිසා බිය හටගනී. පස්කම්හි ඇල්මෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. ( එසේනම් ) බියක් කොයින්ද ?

පිය වග්ගො 5

පෙමතො ජායතී සොකො
පෙමතො ජායතී භයං
පෙමතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං ?

ප්‍රේමය නිසා ශෝකය උපදී. ප්‍රේමය නිසා බිය උපදී. ප්‍රේමයෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. බියක් කොයින්ද ?

පිය වග්ගො 4

පියතො ජායතී සොකො
පියතො ජායතී භයං
පියතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං ?

ප්‍රියයන් නිසා ශෝක හටගනී. ප්‍රියයන් නිසා බිය හටගනී. ප්‍රියයන්ගෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. එසේ නම් බියක් කොයින්ද ?

29.11.11

පිය වග්ගො 3

තස්මා පියං න කයිරාථ
පියාපායො හි පාපකො
ගන්ථා තෙසං න විජ්ජන්ති
යෙසං නත්ථි පියාප්පියං

එහෙයින් කිසි කෙනෙකු හෝ කිසි දෙයක් හෝ ප්‍රිය කොට නොගත යුතුය.ප්‍රියයන්ගෙන් වෙන්වීම දැරිය නො හැකි (ළාමක) කරුණකි.යම් කෙනෙකුට ප්‍රිය අප්‍රිය යන දෙක ම නැද්ද ඔවුන්ට කෙලෙස් ගැට ද නැත..

27.11.11

පිය වග්ගො 2

මා පියෙහි සමාගංඡි
අප්පියෙහි කුදාචනං
පියානං අදස්සනං දුක්ඛං
අප්පියානං ච දස්සනං

ප්‍රියයන් සමග එක් නො වමු.අප්‍රියයන් සමග ද කිසි කලෙකත් එක් නො වමු.ප්‍රියයන්ගේ නො දැක්ම දුකකි.එසේ ම අප්‍රියයන්ගේ දැක්මත් දුකකි..

26.11.11

පිය වග්ගො 1

අයොගෙ යුඤ්ජමත්තානං
යොගස්මිං ච අයොජයං
අත්ථං හිත්වා පියග්ගාහී
පිහෙතත්තානුයොගිනං

තමා නො යෙදිය යුත්තෙහි යොදන, යෙදිය යුත්තෙහි නො යොදන,වැඩ ඇති තුන් ශික්ෂා පිරීම හැර දමා පස්කම් සුවයම ප්‍රියකොට ගන්නා වූ පුද්ගලයා තමාට වැඩක් සිදුකරගන්නා වූ ආත්මානුයෝගියා දැක ඔහු ම කැමති වෙයි..

සුඛ වග්ගො 12

තස්මා හි ධීරං ච පඤ්ඤං ච බහුස්සුතං ච
ධොරය්හසීලං වතවන්තමාරියං
තං තාදිසං සප්පුරිසං සුමෙධං
භජෙථ නක්ඛත්තපථං ව චන්දිමා

ඒ නිසා අහසෙහි චන්ද්‍රයා වැජඹෙන්නාක් මෙන් එබඳු වූ නැණවත්, බහුශ්‍රැත වූ, ප්‍රතිපත්ති ධුර දරන, වෘත සම්පන්න වූ, බුද්ධිමත්, සත්පුරුෂයකු ඇසුරු කළ යුතුය...

- - - - - - - - - සුඛ වර්ගය නිමි - - - - - - - - -

25.11.11

සුඛ වග්ගො 11

බාලසංගතචාරී හි
දීඝමද්ධාන සොචති
දුක්ඛො බාලෙහි සංවාසො
අමිත්තෙනෙ ව සබ්බදා
ධීරො ච සුඛසංවාසො
ඤාතීනං ව සමාගමො

මෝඩයන් හා එක්ව හැසිරෙන තැනැත්තා බොහෝ කලක් ශෝක කරයි.මෝඩයන් හා එක්ව විසීම සතුරකු හා එක්ව විසීමක් මෙන් සැමදා ම දුකකි.නුවණැත්තාට නෑයන් හා එක්වීමක් මෙන් සුචරිතය දියුණු කරන්නන් හා එක්වීම සැපයකි..

24.11.11

සුඛ වග්ගො 10

සාහු දස්සනමරියානං
සන්නිවාසො සදා සුඛො
අදස්සනෙන බාලානං
නිච්චමෙව සුඛී සියා

ආර්යයන්ගේ දැක්ම යහපත් ය.ඔවුන් හා එක්වීම සැමදාම සැපදායක ය.මෝඩයන් නො දැකීමෙන්ද නිතර ම සැප ඇත්තෙකු විය හැකිය..

23.11.11

සුඛ වග්ගො 9

පවිවෙකරසං පීත්වා
රසං උපසමස්ස ච
නිද්දරො හොති නිප්පාපො
ධම්මපීතිරසං පිබං

කාය චිත්ත විවේක සුවයේ රසයත්, දහම් ඇසීමෙන් හෝ දැනීමෙන් හෝ ලබන ප්‍රීති රසයත්, නිවන් සුවයේ රසයත් බොන තැනැත්තා, පීඩා නැත්තෙක් ද වේ...

22.11.11

සුඛ වග්ගො 8

ආරොග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බාණං පරමං සුඛං

නිරෝගිකම උතුම් ම ලාභයයි.සතුට උතුම් ම ධනය යි.හොඳම නෑයා විශ්වාසය යි.නිවන උතුම් ම සැපය යි.

20.11.11

සුඛ වග්ගො 7

ජිගච්ඡාපරමා රොගා
සංඛාර පරමා දුඛා
එතං ඤත්වා යථාභූතං
නිබ්බාණං පරමං සුඛං

සියලු රෝග බඩගින්නට යටය.සියලු දුක්, සංස්කාරයන්ගේ පැවැත්ම වූ දුකට යටය.මෙය ඇති සැටියෙන් දැනගෙන අනික් සියලු ම සැපට වඩා උතුම් සැපත නිවන බව වටහා ගත යුතුය..

සුඛ වග්ගො 6

නත්ථි රාගසමො අග්ගි
නත්ථි දොසසමො කලි
නත්ථි ඛන්ධාදිසා දුක්ඛා
නත්ථො සන්ති පරං සුඛං

රාගය සමාන ගින්නක්වත්, ද්වේෂය සමාන අපරාධයක්වත්, පංචස්කන්ධයන්ගේ පැවැත්ම සමාන දුකක්වත්,නිවනට වැඉ සැපයක්වත් නැත.

19.11.11

සුඛ වග්ගො 5

ජයං වෙරං පසවති
දුක්ඛං සෙති පරාජිතො
උපසන්තො සුඛං සෙති
හිත්වා ජයපරාජයං

දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි.පැරදුන තැනැත්තා දුකින් වෙසෙයි.උපශාන්තයා ජය පරාජය දෙක ම හැර සුවසේ වෙසෙයි..

17.11.11

සුඛ වග්ගො 4

සුසුඛං වත ජීවාම
යෙසං නො නත්ථි කිංචනං
ප්‍රීතිභක්ඛා භවිස්සාම
දෙවා ආභස්සරා යථා

යම් කෙනෙකුන්ට රාගාදි වූ කිසිම පලිබෝධයක් නැද්ද, එබඳු වූ අපි ඒකාන්තයෙන් ම සුවසේ ජීවත් වෙමු.ආභස්සර බඹලොවේ බ්‍රහ්මයන් සේ අපි සමවත් සුවෙන් ඇතිවන ප්‍රීතිය වළඳන්නෝ වන්නෙමු..

සුඛ වග්ගො 3

සුසුඛං වත ජීවාම
උස්සුකෙසු අනුස්සුකා
උස්සුකෙසු මනුස්සෙසු
විහරාම අනුස්සුකා

කම් සැප සෙවීමෙහි උත්සාහවත් වූ මිනිසුන් අතර අපි එබඳු උත්සාහයක් නැතිව ඒකාන්තයෙන් ම ඉතා සුවසේ ජීවත් වෙමු.අපි උත්සුකයන් මැද අනුත්සුකව වෙසෙමු..

16.11.11

සුඛ වග්ගො 2

සුසුඛං වත ජීවාම
ආතුරෙසු අනාතුරා
ආතුරෙසු මනුස්සෙසු
විහරාම අනාතුරා

කෙලෙස්වලින් ආතුරව ලෙඩව ජීවත්වන මිනිසුන් අතර අපි කෙලෙස්වලින් ලෙඩ නොවී ඒකාන්තයෙන් ම ඉතා සුවසේ ජීවත් වෙමු.අපි ආතුරයන් මැද අනාතුරව වෙසෙමු..

15.11.11

සුඛ වග්ගො 1

සුසුඛං වත ජීවාම
වෙරිනෙසු අවෙරිනො
වෙරිනෙසු මනුස්සෙසු
විහරාම අවෙරිනො

වෛර සහිතව ජීවත්වන මිනිසුන් අතර අපි වෛර රහිතව ඒකාන්තයෙන් ම සුවසේ ජීවත් වෙමු.අපි වෛරීන් මැද අවෛරීව වෙසෙමු..

14.11.11

කොධ වග්ගො 14

කායෙන සංවුතා ධීරා
අථො වාචාය සංවුතා
මනසා සංවුතා ධිරා
තෙ වෙ සුපරිසංවුතා

පණ්ඩිතයෝ කයින් සංවර වෙත්. වචනයෙන් සංවර වෙත්. සිතින් සංවර වෙත්.එසේ වූවෝ ඒකාන්තයෙන් මනාව සංවර වූවෝ නම් වෙත්..

- - - - - - - - - ක්‍රෝධ වර්ගය නිමි - - - - - - - - -

13.11.11

කොධ වග්ගො 13

මනොපකොපං රක්ඛෙය්‍ය
මනසා සංවුතො සියා
මනො දුච්චරිතං හිත්වා
මනසා සුචරිතං චරෙ

සිත කිපීම වළක්වා ගත යුතුය. සිතින් සංවර විය යුතුය.සිතින් සිදුවන දුසිරිත් හැර සිතින් සුචරිතයෙහි හැසිරිය යුතුය..

12.11.11

කොධ වග්ගො 12

වචිපකොපං රක්ඛෙය්‍ය
වාචාය සංවුතො සියා
වචිදුච්චරිතං හිත්වා
වාචාය සුචරිතං චරෙ

වචනය කිපීම වළක්වා ගත යුතුය.වචනයෙන් සංවර විය යුතුය.වචනයෙන් සිදුවන දුසිරිත් හැර වචනයෙන් සුචරිතයේ හැසිරිය යුතුය..

10.11.11

කොධ වග්ගො 11

කායප්පකොපං රක්ඛෙය්‍ය
කායෙන සංවුතො සියා
කායදුච්චරිතං හිත්වා
කායෙන සුචරිතං චරෙ

කය කිපීම වළක්වා ගත යුතුය.කයින් සංවර විය යුතුය.කයින් සිදුවන දුසිරිත් හැර කයින් සුචරිතයෙහි හැසිරිය යුතුය..

කොධ වග්ගො 10

නෙක්ඛං ජම්බොනදස්සෙව
කො තං නින්දිතුමරහති
දෙවාපි නං පසංසන්ති
බ්‍රහ්මුනාපි පසංසිතො

දඹ රනින් කළ ආභරණයක් බඳු වූ ඔහුට නින්දා කිරීමට කවරෙක් සුදුසු වේ ද ? දෙවියෝත් එබඳු පුද්ගලයාට පසසත්.ඔහු බ්‍රහ්මයා විසින් ද පසස්නා ලද්දෙකි..

9.11.11

කොධ වග්ගො 9

යං චෙ විඤ්ඤු පසංසන්ති
අන්විච්ච සුවේ සුවේ
අවිච්ඡිද්ද වුත්තිං මෙධාවිං
පඤ්ඤා සීල සමාහිතං

නුවණැත්තෝ සිදුරු රහිත පැවතුම් ඇති බුද්ධිමත් වූ නුවණින් හා ශීලයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙකුට දිනපතා සොයා බලා කරුණු විමසා ප්‍රශංසා කෙරෙද්ද,

8.11.11

කොධ වග්ගො 8

න චාහු න ව භවිස්සති
න චෙතරහි විජ්ජති
එකන්තං නින්දිතො පොසො
එකන්තං වා පසංසිතො

තනිකර ම නින්දා ලැබූ හෝ ප්‍රශංසා ලැබූ හෝ පුද්ගලයෙක් පෙර ද නො වී ය.
මතු ද නො වන්නේ ය.දැනුදු නැත..

6.11.11

කොධ වග්ගො 7

පොරාණමෙතං අතුල
නෙතං අජ්ජතනාමිව
නින්දන්ති කුණ්හිමාසිනං
නින්දන්ති බහුභාණිනං
මිතභාණිනම්පි නින්දන්ති
නත්ථි ලොකෙ අනින්දිතො

අතුලය, ලෝකයා නිශ්ශබ්දව සිටින්නාට ද නින්දා කරත්.බොහෝ සේ කථා කරන්නාට ද, නින්දා කරත්.ලෝකයෙහි නින්දා නොලබන්නෙක් නැත.මෙය අද ඊයෙක ඇති වූ දෙයකුත් නොවෙයි.මෙය පෙර සිට පවතෙන්නකි..

5.11.11

කොධ වග්ගො 6

සදා ජාගරමානානං
අහොරත්තානු සික්ඛිනං
නිබ්බානං අධිමුත්තානං
අත්ථං ගච්ඡන්ති ආසවා

හැම විට ම අවදිව සිටින (කෙලෙස් නින්දෙන් නොනිදන ) දිවා රෑ දෙකේහි ශීල, සමාධි, ප්‍රඥා පුරන, නිවනෙහි ඇලුණු පුද්ගලයන්ගේ ආශ්‍රවයෝ නැති වෙත්..

4.11.11

කොධ වග්ගො 5

අහිංසකා යෙ මුනයො
නිච්චං කායෙන සංවුතා
තෙ යන්ති අච්චුතං ඨානං
යත්ථ අන්ත්වා න සොචරෙ

නිතර කයින් සංවර වූ යම් අහිංසක මුනිවරු වෙද්ද, ඔවුහූ යම් තැනකට ගොස් ශෝක නොකරද්ද, ඒ තැන වූ නිවනට යත්..

කොධ වග්ගො 4

සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය
දජ්ජාපස්මිංපි යාචිතො
එතෙහි තීහි ඨානෙහි
ගච්ඡෙ දෙවාන සන්තිකෙ

ඇත්ත කිව යුතුය.නො කිපිය යුතුය.අනිකකු යමක් ඉල්ලූවිට ටිකක් හෝ දිය යුතුය.මේ තුන් කරුණින් කෙනෙකුට දෙවියන් වෙත යා හැකිය..

3.11.11

කොධ වග්ගො 3

අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං

ක්‍රෝධ කරන්නා අක්‍රෝධයෙන් ද, අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද, තද මසුරා - දීමෙන් හෙවත් ත්‍යාගයෙන් ද,බොරු කියන්නා සත්‍යයෙන් ද දිනිය යුතුය..

2.11.11

කොධ වග්ගො 2

යො චෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො

ඉතා වේගයෙන් දුවන රථයක් වළකා මනාව හසුරුවා ගන්නා දක්ෂ රියැදුරකු
මෙන්, යමෙක් සිතෙහි හටගත් ක්‍රෝධය මැඬපවත්වා ගනී ද, ඔහු නියම රියදුරෙකැ'යි මම කියමි.සාමාන්‍ය රිය එළවන අන් ජනයා නිකම් තෝන් ලනුව අල්ලන්නෝය..

1.11.11

කොධ වග්ගො 1

කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං
සංයොජනං සබ්බමතික්කමෙ‍ය්‍ය
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිංචනං නානුපතන්ති දුක්ඛා

යමෙක් ක්‍රෝධය දුරු කරයි ද, මානය පහ කරයි ද, සියලු සංයෝජන (බැඳුම් ) ඉක්මවයි ද, නාම රූප දෙකෙහි නො ඇලෙන රාගාදී කෙලෙස් නැති ඒ පුද්ගලයා කෙරෙහි කායික චෛතසික දුක් නො පවතී..

30.10.11

බුද්ධ වග්ගො 18

තෙ තාදිසෙ පූජයතො
නිබ්බුතෙ අකුතොභයෙ
න සක්කා පුඤ්ඤං සංඛාතුං
ඉමෙත්තමිති කෙනචිතී

කෙලෙස් ගිනි නිවා ගත්, කිසි ලෙසකිනුත් බියක් නැති එබඳු උතුමන්ට පූජා කරන්නහුට ලැබෙන පින මෙපමණය යි ගණන් කොට කියන්නට කිසිවෙකුටත් නොහැකි ය..

- - - - - - - - - බුද්ධ වර්ගය නිමි - - - - - - - - -

බුද්ධ වග්ගො 17

පූජාරහෙ පූජයතෙ
බුද්ධෙ යදි ව සාවකෙ
පාපංච සමතික්කන්තෙ
තිණ්නසොක පරිද්දවෙ

සියලු පූජාවන්ට සුදුසු වූ,තන්හාමාන ඉක්ම වූ,ශෝක වැළපීම නැති කළා වූ බුදුන්ට හෝ බුදු සව්වන්ට හෝ යමෙක් පුදයි ද,

29.10.11

බුද්ධ වග්ගො 16

සුඛො බුද්ධානං උප්පාදො
සුඛා සද්ධම්මදෙසනා
සුඛා සඞඝස්ස සාමග්ගි
සමග්ගානං තපො සුඛො

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි.සදහම් දෙසීම සැපයකි.සංඝයාගේ සමඟිය
සැපයකි.සමඟියෙන් කල් යවන්නන්ට තපස සැපයකි.

27.10.11

බුද්ධ වග්ගො 15

දුල්ලභො පුරිසාජඤ්ඤා
න සො සබ්බත්ථ ජායති
යත්ථ සො ජායති ධීරො
තං කුලං සුඛමෙධති

පුරුෂ ශ්‍රේෂ්ඨයා දුර්ලභ කෙනෙකි.ඔහු හැම තැනම නූපදී.ඒ වීරයා යම් කුලයක උපදී නම් ඒ කුලය සැපයට පැමිණේ..

26.10.11

බුද්ධ වග්ගො 14

එතං ඛො සරණං ඛෙමං
එතං සරණමුත්තමං
එතං සරණමාගම්ම
සබ්බදුක්ඛා පමුච්චති

ඒ නිසා නිර්භය සේ සැලකිය යුත්තේත්, උතුම් කොට සැලකිය යුත්තේත්, ඒ ත්‍රිවිධ රත්නයේ සරණමය.මිනිසා ඒ සරණයට පැමිණ හෙවත් ඒ සරණ ලබා සියලු දුකින් මිදේ..

බුද්ධ වග්ගො 13

දුක්ඛං දුක්ඛසමුප්පාදං
දුක්ඛස්ස ච අතික්කමං
අරියං චට්ඨංගිකං මග්ගං
දුක්ඛූපසමගාමිනං

දුක, දුක ඇති වීමට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය වූ ආර්යෂ්ටාංගික මාර්ගය යන චතුරාර්ය සත්‍යය යමෙක් දනී ද ඔහු ම දුක නැති කරගනී..

25.10.11

බුද්ධ වග්ගො 12

යො ච බුද්ධං ච ධම්මං ච
සංඝං ච සරණං ගතො
චත්තාරි අරියසච්චානි
සම්මප්පඤ්ඤාය පස්සති

යමෙක් බුදුන්, දහම්, සඟුන් සරණ යයි ද චතුරාර්ය සත්‍ය මනා නුවණින් දකී ද ඔහු ම දුකින් මිදේ..

24.10.11

බුද්ධ වග්ගො 11

නෙතං ඛො සරණං ඛෙමං
නෙතං සරණ මුත්තමං
නෙතං සරණමාගම්ම
සබ්බදුක්ඛා පමුච්චති

මේ ( පර්වතාදිය ) සරණ යාම බිය
රහිත නොවේ.උතුම් ද නොවේ.මේ කිසි සරණයකයට පැමිණ සියලු දුකින් මිදෙන්නට ද නොපිළිවන..

23.10.11

බුද්ධ වග්ගො 10

බහු වෙසරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම - රුක්ඛ - චෙත්‍යානි
මනුස්සා භයතජ්ජිතා

බියෙන් තැතිගත් මිනිස්සු පර්වත,කැලෑ,ආරාම,ගස්,චෛත්‍ය යන මේ දේ බොහෝ සෙයින් සරණ කොට යති..

21.10.11

බුද්ධ වග්ගො 9

අපි දිබ්බෙසු කාමෙසු
රතිං සො නාධිගච්ඡති
තණ්හක්ඛය රතො හොති
සම්මාසම්බුද්ධ සාවකො

( එසේ නුවණින් විමසා දත් තැනැත්තා ) දිව්‍ය කාම සම්පත්වල පවා නො ඇලෙයි.සම්බුද්ධ ශ්‍රාවකයා තණ්හාව නැති කිරීම සංඛ්‍යාත නිවනෙහි ඇලුණෙක් වේ..

20.10.11

බුද්ධ වග්ගො 8

න කහාපණවස්සෙන
තිත්ති කාමෙසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා
ඉති විඤ්ඤාය පණ්ඩිතො

කහවණු වැස්සකිනුත් මිනිසාට කාමයන්හි තෘප්තියක් ඇති නොවේ.මේ නිසා නුවණැත්තා කාමය සැප නැති,දුක් ඇති එකක් බව දැනගත යුතුය.

බුද්ධ වග්ගො 7

අනූපවාදො අනූපඝාතො
පාතිමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤූතා ච භත්තස්මිං
පන්ථං ච සයනාසනං
අධිචිත්තේ ච ආයොගො
එතං බුද්ධාන සාසනං

අනුන්ට හෙළා තළා කථා නො කළ යුතුය.අනුන්ට හිංසා නො කළ යුතුය.ප්‍රතිමෝක්ෂ සංවරය ඇතිකර ගත යුතුය.ආහාරයෙහි පමණ දත යුතුය.විවේක සේනාසනයෙහි ඇලුම් කළ යුතුය.සමවත් වැඩිය යුතුය යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි.

18.10.11

බුද්ධ වග්ගො 6

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතො පරූපඝාතී
සමණො හොති පරං විහෙඨයන්තො

ඉවසීම උතුම් වූ තපස් ගුණයකි.බුදුවරු නිවන උසස් කොට කියත්.අනුන් නසන්නා පැවිද්දෙක් නොවේ.අනුන් පෙළන්නා මහණෙක් නො වේ..

17.10.11

බුද්ධ වග්ගො 5

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

සියලු පව් නො කළ යුතු ය.කුසල් රැස් කළ යුතුය.සිතම පිරිසිදු කරගත යුතුය යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි..

16.10.11

බුද්ධ වග්ගො 4

කිච්ඡො මනුස්ස පටිලාභො
කිච්චං මච්චාන ජිවිතං
කිච්ඡං සද්ධම්මං සවණං
කිච්ඡො බුද්ධානං උප්පාදො

මිනිසත් බව ලැබීම අපහසු ය.මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු ය.බණ ඇසීම දුලබ ය.බුදුවරුන්ගේ ඉපදීම දුලබ ය..

බුද්ධ වග්ගො 3

යෙ ඣානපසුතා ධීරා
නෙක්ඛම්මූපසමෙ රතා
දෙවාපි තෙසං පිහයන්ති
සම්බුද්ධානං සතීමතං

යම් නුවණැත්තෙක් ධ්‍යාන භාවනාවෙහි යෙදුණාහු ද,නිවනෙහි ඇලුණාහු ද මනා සිහිය ඇති ඒ බුදුවරුන්ට දෙවියෝ ද කැමති වෙත්..

15.10.11

බුද්ධ වග්ගො 2

යස්ස ජාලිනී විසත්තිකා
තණ්හා නත්ථි කුහිංචි නෙතවෙ
තං බුද්ධ මනත්ත ගොචරං
අපදං කෙන පෙදෙන නෙස්සථ ?

යමකුට අරමුණු වැළඳගෙන සිටින්නාවූත්,අරමුණුවල ඇලී සිටින්නාවූත්,තෘෂ්ණාව නැද්ද, අනන්ත දේ අරමුණු ඇති,කෙලෙස් පද නැති ඒ බුදු රජු කුමන දෙයකින් මාරයා කරා ගෙන ගිය හැකිද ?

14.10.11

බුද්ධ වග්ගො 1

යස්ස ජිතං නාවජීයති
ජිතමස්ස නො යාති කොචි ලොකෙ
තං බුද්ධමනන්ත ගොචරං
අපදං කෙන පදෙන නෙස්සථ ?

යමකුගේ ජය නැවත කිසිවිටෙක පරාජයක් නො කළ හැකි ද,යමකු විසින් පරදවන ලද කෙලෙස්වලින් එකක්වත් නැවත ඔහු ලුහු නොබඳී ද අනන්ත දේ අරමුණු කොට ඇති, කෙලෙස් පද නැති ඒ බුදුරජ කුමන පදයකින් ( පිළිවෙලකින් ) මාරයා කරා ගෙන ගිය හැකි ද .?

12.10.11

ලොක වග්ගො 12

පථව්‍යා එකරජ්ජෙන
සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චෙන
සොතාපත්ති ඵලං වරං..

මුළු ලොවට ම රජ වීමටත්,දෙව්ලොව යා මටත්,මුළු ලොව අධිපතිකම ලැබීමටත් වඩා සෝවාන් ඵලයෙහි ඵිහිටීම උතුම් ය..

- - - - - - - - - ලෝක වර්ගය නිමි - - - - - - - - -

11.10.11

ලොක වග්ගො 11

න වෙ කදරියා දෙවලොකං වජන්ති
බාලා භවෙ නප්පසංසන්ති දානං
ධීරො ච දානං අනුමොදමානො
තෙනෙව සො හොති සුඛී පරත්ථ

තද මසුරෝ කිසි කලෙකත් දෙව්ලොව නොයත්, මෝඩයෝ කිසිදාක දන්දීම නොපසසත්, නුවණැත්තා අනුන් විසින් දෙන ලද දානයෙහි පින ද අනුමෝදන් ව එයින් ම පරලොව සැප විඳින්නෙක් වේ..

ලොක වග්ගො 10

එකං ධම්මං අතීතස්ස
මුසාවාදිස්ස ජන්තුනො
විතිණ්ණ පරලොකස්ස
නත්ථි පාපං අකාරියං

ඇත්තකීම වැනි එකම ධර්මය ඉක්ම වූ නැතහොත් බොරු කියන්නා වූ, පරලොව ගැන තැකීමක් නැත්තා වූ පුද්ගලයාට නො කළ හැකි පවක් නැත.

10.10.11

ලොක වග්ගො 9

හංසාදිච්චපථෙ යන්ති
ආකාසෙ යන්ති ඉද්ධියා
නීයන්ති ධීරා ලොකම්හා
ජෙත්වා මාරං සවාහිනිං

හංසයෝ අහසෙහි යති.ඍද්මත්හු ඍද්ධිබලයෙන් අහසෙහි යති.නුවණැත්තෝ සේනාව සහිත මාරයා පරදවා ලෝකයෙන් නික්ම යති..

9.10.11

ලොක වග්ගො 8

අන්ධභූතො අයං ලොකො
තනුකෙත්ථ විපස්සති
සකුන්තො ජාලමුත්තොව
අප්පො සග්ගාය ගච්ඡති

මේ ලෝවැසි ජනයා (නුවණැස් නැති හෙයින්) අන්ධ ය.ඔවුන් අතුරින් ටික දෙනෙක් පමණක් යමක් හරියාකාරව දකිත්.දැලෙන් මිදුණු කුරුල්ලකු මෙන් ටික දෙනෙක් ම ස්වර්ගයට ද යති..

7.10.11

ලොක වග්ගො 7

යස්ස පාපං කතං කම්මං
කුසලෙන පිථියති
සො ඉමං ලොකං පභාසෙති
අබ්භා මුත්තොව චන්දිමා

යමකු විසින් කරන ලද පව ඔහුගේ ම කුසලින් වැසේ ද ඔහු වළාකුලින් නිකුත් වූ සඳක් මෙන් මේ ලෝකය බබුළුවයි..

6.10.11

ලොක වග්ගො 6

යො ච පුබ්බෙ පමජ්ජිත්වා
පච්ඡා සො නප්පමජ්ජති
සො ඉමං ලොකං පභාසෙති
අබ්භා මුත්තොව චන්දිමා

යමකු මුලදී පමා වුවත්,පසුව නොපමා වේ ද, ඔහු වළාකුලින් නිකුත් වූ සඳක් මෙන් මේ ලෝකය බබුළුවයි..

ලොක වග්ගො 5

ඒථ පස්සථිමං සෙට්ඨං
චිත්තං රාජරථූපමං
යත්ථ බාලා විසීදන්ති
නත්ථි සඞගො විජානතං

මෙහි එව ! විසිතුරු වූ රාජ මංගල රථයක් බඳු මේ ලෝකය බලව ! අඥානයෝ මේ ලෝකයෙහි ඇලී ගැලී වෙසෙද් ද, නුවණැතියන්ට එහි ඇලෙන්නට දෙයක් නැත..

5.10.11

ලොක වග්ගො 4

යථා බුබ්බුලුකං පස්සෙ
යථා පස්සෙ මරීචිකං
එවං ලොකං අවෙක්ඛන්තං
මච්චුරාජා න පස්සති

ලෝකය දිය බුබුළක් සේ ද මිරිඟුවක් සේ ද නුවණින් දක්නා තැනැත්තා මරුවාට නොපෙනේ.මාරයා එබඳු තැනැත්තා නොදකී..

4.10.11

ලොක වග්ගො 3

ධම්මං චරෙ සුචරිතං
න තං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්හි ච

ධර්මයෙහි මනාකොට හැසිරිය යුතුය.දුශ්චරිතයෙහි නොහැසිරිය යුතුය.ධර්මයෙහි හැසිරෙන්නා මෙලොව පරලොව දෙකහි ම සුවසේ වෙසේ..

3.10.11

ලොක වග්ගො 2

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්හි ච

පිණ්ඩපාතයෙහි පමා නොවිය යුතුය.සුචරිතයෙ හි යෙදිය යුතුය.ධර්මයෙහි හැසිරෙන්නා මෙලොව පරලොව දෙකෙහි ම සුවසේ වෙසේ..

1.10.11

ලොක වග්ගො 1

හීනං ධම්මං න සෙවෙය්‍ය
පමාදෙන න සංවසෙ
මිච්ඡාදිට්ඨිං න සෙවෙය්‍ය
න සියා ලොකවද්ධනො


හීන වූ පස්කම් සැප නො සෙවිය යුතුය.පමාවෙන් නො විසිය යුතුය.මිසදිටුව සේවනය නො කළ යුතුය.සසර වඩන්නකු , දික්කරන්නකු නොවිය යුතුය..

අත්ත වග්ගො 10

අත්තදත්ථං පරත්ථෙන
බහුනාපි න හාපයෙ
අත්ථදත්තමහිඤ්ඤාය
සදත්ථපසුතො සියා

බොහෝ සෙයින් අනුන් සඳහා කරන වැඩ නිසා තමාගේ වැඩ නො පිරිහෙළා ගත යුතුය.තමාගේ වැඩ මේ යයි විශේෂයෙන් දැනගෙන එහි යෙදිය යුතුය..

- - - - - - - - - ආත්ම වර්ගය නිමි - - - - - - - - -

29.9.11

අත්ත වග්ගො 9

අත්තනාව කතං පාපං
අත්තනා සඞකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව අකතං පාපං
අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤාමඤ්ඤො විසොධයෙ

යමකු පව් කළොත් එයින් ඔහුම කෙළෙසෙන්නේ ය.යමකු පව් නොකළොත් එයින් ඔහු පිරිසිදු වන්නේ ය.පිරිසිදුව හා අපිරිසිදුවත් පවතින්නේ තමා කෙරෙහි ම ය.එකෙක් අනිකකු පිරිසිදු නොකරන්නේ ය..

අත්ත වග්ගො 8

යො සාසනං අරහතං
අරියානං ධම්මජීවිනං
පටික්කොසති දුම්මෙධො
දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සෙව
අත්තඝඤ්ඤාය ඵල්ලතී

යම් අඥානයෙක් තමාගේ පාප වැරදි අදහසක් නිසා ධාර්මික දිවි පැවතුම් ඇති රහත් වූ ආර්යයන්ගේ අනුශාසනාවක් වළකාලයි ද හුණ ගසේ පල ගැන්ම මෙන් ඔහුගේ ම විනාශය පිණිස පවතී..

28.9.11

අත්ත වග්ගො 7

සුකරානි අසාධූනි
අත්තනො අභිතානිච
යං චෙ හිතං ච සාධුං ච
තං වෙ පරමදුක්කරං

තමාට අහිත වූ අයහපත් දේ ලෙහෙසියෙන් කරගත හැකිය.යම් දෙයක් තමාට වැඩ දායක හෝ යහපත් හෝ වේ නම් එය කිරීම අමාරුය..

26.9.11

අත්ත වග්ගො 6

යස්ස අච්චන්තදුස්සීල්‍යං
මාලුවා සාලමිවොතතං
කරොති සො තථත්තානං
යථා නං ඉච්ඡතී දිසො

සල් ගසේ එතුණු මාලුවා වැල එය මුළුමණින් ම යට කරගෙන සිටී.කෙනෙකුගේ තද දුස්සීලකම ඔහු යට කරගෙන සිටින්නේත් ඒ අයුරිනි.සතුරා සිය සතුරාට අනර්ථයක් කරන්නා සේ දුස්සීලයාත් දුස්සීලකම නිසා තමහට අනර්ථ කරගනී..

25.9.11

අත්ත වග්ගො 5

අත්තනාව කතං පාපං
අත්තජං අත්තසම්භවං
අභිමන්ථති දුම්මෙධං
වජිරං වස්මමයං මණිං

ගලෙන් ම ඇති වී ඒ ගල ම කා සිදුරුකර දමන දියමන්තිය මෙන් තමා විසින් කරන ලද,තමා තුළ ම උපන්,තමාගෙන් ම ඇතිවූ පාපය අනුවණ වූ තමා, මැඬලයි..

24.9.11

අත්ත වග්ගො 4

අත්තා හි අත්තනො නාථො
කො හි නාථො පරොසියා ?
අත්තනාච සුදන්තෙන
නාතං ලභති දුල්ලභං

තමාට පිහිට තමාම ය.වෙන කවරෙක් තමාට පිහිට වේ ද ?තමා මනාව දැවුණු කල්හි දුර්ලභ වූ නිවන ද ලැබේ..

අත්ත වග්ගො 3

අත්තනං චෙ තථා කයිරා
යථඤ්ඤ මනුසාසති
සුදන්තො වත දම්මෙථ
අත්තා හි කිර දුද්දමො

යම් පිළිවෙලකින් කටයුතු කිරීමට අනුන්ට අනුශාසනා කරයි ද, ඒ පිළිවෙලින් ම තමාත් ක්‍රියා කළ යුතුය.තමා දමනය වී අනුන් දමනය කළ යුතුය.ඉතාමත් අමාරුම කටයුත්ත නම් තමා විසින් තමා දමනය කර ගැනීම ය..

23.9.11

අත්ත වග්ගො 2

අත්තානමෙව පඨමං
පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤ මනුසාසෙය්‍ය
න කිලිස්සෙය්‍ය පණ්ඩිතො

තමාම පළමු කොට සුදුසු ගුණයෙහි පිහිටා ඊළඟට අනුන්ට ඒ ගැන අනුශාසනා කළ යුතුය.එසේ කරන පණ්ඩිතයා නො කෙලෙසෙයි..

22.9.11

අත්ත වග්ගො 1

අත්තානං චෙ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤ තරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො

තමාට තමා ප්‍රිය නම් ආත්මය රැකගත යුතුය.පණ්ඩිතයා බාල විය,මැදුම් විය,මහලු විය යන තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවක දී වත් කුසලින් තමා පෝෂණය කරගත යුතුය..

21.9.11

ජරා වග්ගො 11

අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනෙ ධනං
සෙන්ති චාපාතිඛීණාව
පුරාණානි අනුත්ථුනංති

ඇතැම් අය තරුණ වයසෙහි ලැබගත හැකි ධනයත් නැතහොත් විෂය රසයක් නොලැබ, බඹසරත් නො හැසිර මහලු වූ පසු කලින් කළ යම් යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදීගොස් වැටුණු ඊතල මෙන් ශෝකයෙන් සුසුම් ලමින් සිටිති..

- - - - - - - - - ජරා වර්ගය නිමි - - - - - - - - -

19.9.11

ජරා වග්ගො 10

අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණකොංචාව ඣායන්ති
ඛීණමච්ඡෙව පල්ලලෙ

ඇතැම් අය තරුණ වයසෙහි ලැබගත හැකි ධනයත් නැතහොත් විෂය රසයක් නොලැබ, බ්‍රහ්ම චර්යාවත් නොරැක මහලු වූ පසු මසුන් නැති දිය හිඳුණු විලක තැවෙන නාකි කොස් ලිහිණියන් මෙන් තැවෙත්..

18.9.11

ජරා වග්ගො 9

ගහකාරක දිට්ඨොසි
පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණ්හානං ඛය මජ්ඣගා

වඩුව, මම ඔබ දුටුවෙමි. ඒ නිසා ඔබට නැවතත් ගේ සෑදිය නො හැකිය.ඔබගේ ගෙයි සියලු පරාල බිඳ දමන ලදී.එහි කැණි මඬල ද සුනු විසුනු කරන ලදී.එහි මාගේ සිත නිවනට පිවිසියේ ය.තන්හාව ද කෙළවර කළෙමි..

17.9.11

ජරා වග්ගො 8

අනෙකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො
දුක්ඛා ජාති පුනප්පුනං

නැවත නැවත ඉපදීම දුකකි.ඒ නිසා මේ ආත්ම නාමය නමැති ගෙය සාදන වඩුවා සොයමින් ඔහු සොයාගත නො හැකිව හෙවත් ඒ පිළිබඳ නුවණ නොලබා සසර නොයෙක් ජාතිවල ඔබ මොබ ඇවිද්දෙමි..

ජරා වග්ගො 7

අප්පස්සුතායං පුරිසො
බලිවද්දොව ජීරති
මාංසානි තස්ස වඩ්ඪන්ති
පඤ්ඤා තස්ස න වඩ්ඪති

අල්පශ්‍රැත පුද්ගලයා ගොනකු මෙන් වැඩේ.ඔහු ගේ මස් නම් ලියලයි.එහෙත් නුවණ නො වැඩේ..

16.9.11

ජරා වග්ගො 6

ජිරන්ති වෙ රාජරථා සුචිත්තා
අථො සරීරම්පි ජරං උපෙති
සතං ච ධම්මො න ජරං උපෙති
සන්තො හවෙ සබ්භි පවෙදයන්ති

රජුන්ගේ විසිතුරු කොට සරසන ලද මඟුල් රථ ද ඒකාන්තයෙන් ම දිරයි.ඒ හැර ශරීරයද දිරයි.එහෙත් සත්පුරුෂයන් විසින් දෙසන ලද ධර්මය නම් කිසි කලෙක නො දිරයි..

14.9.11

ජරා වග්ගො 5

අට්ඨිනං නගරං කතං
මංසලොහිත ලෙපනං
යත්ථ ජරා ච මච්චූ ච
මානො මක්ඛො ච ඔහිතො

මේ ශරීරය ජරාවත්,මරණයත්,ඔබ්බවා මස් හා ලේ ගල්වා ඇටවලින් කරන ලද නගරයකි..

13.9.11

ජරා වග්ගො 4

යානිමානි අපත්ථානි
අලාපූනෙව සාරදෙ
කපොතකානි අට්ඨිනි
තානි දිස්වාන කා රති ?

සරත් කාලයෙහි ඉවත දැමූ ලබු කබල් වැනි වූ,කොබෝවන් පැහැයෙන් (අළු පාටින් ) යුක්ත වූ මේ ඇට දැකීමෙන් කවර ඇල්මක් ඇතිවේද ?

ජරා වග්ගො 3

පරිජිණ්ණ මිදං රූපං
රොගනිඩ්ඪං පභංගුරං
භිජ්ජති පූතිසන්දෙහො
මරණන්තං හි ජීවිතං

දිරා ගිය මේ රූපය( කය ) රෝගයන්ට කැදැල්ලක් බඳුය,එය වහා නැසෙන සුලුය.නව දොරකින් කුණු වැගිරෙන මේ ශරීරය වහා බිඳේ.ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය..

12.9.11

ජරා වග්ගො 2

පස්ස චිත්ත කතං බිම්බං
අරුකායං සමුස්සිතං
ආතුරං බහු සඞකප්පං
යස්ස නත්ථි ධුවං ඨිති

ස්ථිර පැවැත්මක් නැති,වණ ගොඩක් වූ,ඇට කටුවලින් ගලපා සිටුවන ලද,ගිලන් වූ නොයෙක් දෙනා විසින් නොයෙක් අයුරින් කල්පනා කරන ලද,ඇඳුම් පැළඳුම්වලින් විසිතුරු කරන ලද මේ ශරීරය දෙස බලව..

10.9.11

ජරා වග්ගො 1

කො නු හාසො කිමානන්දො
නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරෙන ඔනද්ධා
පදීපං න ගවෙස්සථ ?

මිනිසා රාගාදී එකොළොස් ගින්නකින් නිතර ඇවිලගෙන දිළිසෙද්දි කුමන සිනාවක්ද ? කුමන සතුටක්ද ?අවිද්‍යා නමැති අඳුරෙන් වෙළුණු ඔබ නිවන් එළිය නො සොයන්න හු ද ?

9.9.11

දණ්ඩ වග්ගො 17

උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

දියාලුවො තමන් කැමති තැනකට ජලය ගෙන යති.හී වඩුවෝ තමන්ට උවමනා පරිදි හී දඬු නමති.වඩුවෝ තමන්ට කැමති පරිදි ලී නමති.සුවචයෝ ආත්මය රිසි සේ ආත්මය දමනය කර ගනිති..

- - - - - - - - - දණ්ඩ වර්ගය නිමි - - - - - - - - -

8.9.11

දණ්ඩ වග්ගො 16

අස්සො යථා භද්‍රො කසානිවිට්ඨො
ආතාපිනො සංවෙගිනො භවාථ
සද්ධාය සීලෙන ච විරියෙන ච
සමාධිනා ධම්මවිනච්ඡයෙනච
සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා
පහස්සථ දුක්ඛමිදං අනප්පකං

කස පහර ලදුවත් එවේලේ පටන් ඒ ගැන ලජ්ජාවන අශ්වයකු මෙන් කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත විය යුතුය.සංවේගවත් විය යුතුය.ශ්‍රද්ධාව, ශීලය, වීර්යය, අට වැදෑරුම් සමාධිය, ධර්ම විනිශ්චය හෙවත් විදර්ශනා ඥාණය,එලඹ සිටි සිහිය යන මෙයින් යුතුව මේ අනල්ප වූ දුක දුරු කළ යුතුය..

දණ්ඩ වග්ගො 15

හිරී නිසෙධො පුරිසො
කොචි ලොකස්මිං විජ්ජති
යො නින්දං අප්පබොධති
අස්සො භද්‍රො කසාමිව

තමාට වන මදිකම සලකා කසපහරින් වළකින අජානේය අශ්වයකු මෙන් යමෙක් තමාට ඇතිවන නින්දාව දුරුකර ගනී ද,මෙසේ පාපයෙහි ලජ්ජාවෙන් කෙලෙස් දුරු කරන්නා වූ පුද්ගලයෙක් ලොව ඇතිවන්නේ කලාතුරකිනි..

7.9.11

දණ්ඩ වග්ගො 14

අලඞකතො චෙපි සමං චරෙය්‍ය
සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරි
සබ්බෙසු භූතෙසු නිධයා දණ්ඩං
සො බ්‍රාහ්මණො සො සමණො ස භික්ඛු

යමෙක් ඇඳුම් පැළදුම්වලින් අලංකාරව සිටියත්,ශාන්තව,දාන්තව,නියත බ්‍රහ්මචාරියෙකුව සමව හැසිරේ නම්,සියලු දෙනාට ම හිංසා කිරීමෙන් වළකී නම් ඔහු නියම බ්‍රහ්මණයෙකි.ශ්‍රමණයෙකි.භික්ෂුවකි..

5.9.11

දණ්ඩ වග්ගො 13

න නග්ගචරියා න ජටාන පඞකා
නානාසකා ථණ්ඩිලසායිකා වා
රාජො ච ජල්ලං උක්කුටිකප්පධානං
සොධෙන්ති මච්චං අවිතිණ්ණ කං ඛං

නග්නව විසීමේ ව්‍රතය වත්,ජටා දැරීම වත්,මඩගා ගැනීම වත්,ආහාර අත්හැරීම වත්,බිම වැද හෙවීම වත්,ඇඟේ දැලි ධූලි ඇතිව සිටීම වත්,උක්කුටිකයෙන් හිඳීම වත්,සැක දුරු නො කළ ඔහු පිරිසිදු නො කෙරේ..

දණ්ඩ වග්ගො 12

අථ වස්ස අගාරානි
අග්ගි ඩහති පාවකො
කායස්ස භෙදා දුප්පඤ්ඤා
නිරයං සො පපජ්ජති

එසේත් නැතහොත් ඔහුගේ ගෙවල් ගිනි ගනී.ඒ අඥානයා මරණින් මතු නිරයෙහි උපදී..

4.9.11

දණ්ඩ වග්ගො 11

රාජතො වා උපස්සග්ගං
අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ච ඤාතීනං
භොගානං ච පභංගුරං

ඔහු රජුගෙන් වන උවදුරකට හෝ දරුණු දෝෂාරෝපණයකට හෝ (තමාට පිහිට වීමට සිටි ) නෑයන්ගේ පිරිහීමකට හෝ,සම්පත් විනාශයකට හෝ පැමිණේ..

3.9.11

දණ්ඩ වග්ගො 10

වෙදනං ඵරුසං ජානිං
සරීරස්ස ච භෙදනං
ගරුකං වාපි ආබාධං
චිත්තක්ඛෙපං ච පාපුණෙ

ඔහු දරුණු වේදනාවකට හෝ, සිරුර බිඳීමකට හෝ (ඔළු පැළීම් ආදී) බලවත් රෝගාබාධයකට හෝ ඔල්මාදයකට හෝ පැමිණේ..

2.9.11

දණ්ඩ වග්ගො 9

යො දණ්ඩෙන අදණ්ඩෙසු
අප්පදුට්ඨෙසු දුස්සති
දසන්නමඤ්ඤ තරං ඨානං
ඛිප්පමෙව නිගච්ඡති

යමෙක් දඬුවමට නුසුදුස්සන්ට දඬුවම් කරයි ද,ද්වේෂ නොකළ යුත්තන්ට කරයි ද,ඔහු පහත සඳහන් දස වැදෑරුම් දේවලින් එකකට වහා පැමිණේ..

1.9.11

දණ්ඩ වග්ගො 8

අථ පාපානි කම්මානි
කරං බාලො න බුජ්ඣති
සෙහි කම්මෙහි දුම්මෙධො
අග්ගි දඪඪො ව තප්පති

මෝඩයා පව්කම් කරමිනුත් එයින් වන විපාකය තේරුම් නො ගනී.අනුවණයා තමා කළ පාප කර්මයන් නිසා ගින්නෙන් දැවුනකු මෙන් තැවේ..

31.8.11

දණ්ඩ වග්ගො 7

යථා දණ්ඩෙන ගොපාලො
ගාවො පාචෙති ගොචරං
එවං ජරා ච මච්චු ච
ආයුං පාචෙන්ති පාණිනං

ගොපල්ලා දණ්ඩෙන් ගසා ගවයන් ගොදුරට දක්කන්නේ යම් සේ ද, එසේම ජරාවත් මරණයත් සත්වයන්ගේ ආයුෂය කෙලවර කරයි..

29.8.11

දණ්ඩ වග්ගො 6

සචෙ නෙරෙසි අත්තානං
කං සො උපහතො යථා
ඵස පත්තොසි නිබ්බාණං
සාරම්භො තෙ න විජ්ජති


මුව විට කැඩූ ලෝහ භාජනයක් මෙන් තමාට තමා නිශ්ඵල කර ගත හැකි නම් එබඳු වූ ඔබ නිවනට පැමිණියෙක් වෙයි.එබඳු වූ ඔබෙන් එකට එක කියා ගැනීමක්ද සිදු නොවේ..

28.8.11

දණ්ඩ වග්ගො 5

මාවොච ඵරුසං කඤ්චි
වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛා හි සාරම්භකථා
පටිදණ්ඩා ඵුසෙය්‍යු තං

කිසිවෙකුටත් පරුෂ වචන නොකිය යුතුය.එසේ කී කල එයින් කිපෙන්නෝ ඔබට ද පරුෂ වචනයෙන් බණිත්.ඒ අයුරින් එකට එක කියා ගැනීම දුකකි.එසේ කරන්නාට පෙරළා එන පහර වලට ද මුහුණපාන්නට සිදු වේ..

දණ්ඩ වග්ගො 4

සුඛකාමානි භූතානි
යො දණ්ඩෙන න හිංසති
අත්තනො සුඛමෙසානො
පෙච්ච සො ලබතෙ සුඛං

යමෙක් තමාට සැප බලාපොරොත්තුවෙන් (තමාගේ සිතට,කයට සැප බලාපොරොත්තු වන යමෙක් ) සැප කැමති සත්වයන් දණ්ඩයෙන් නො පෙළයි ද ඔහු පරලොව දී සැප ලබයි.

27.8.11

දණ්ඩ වග්ගො 3

සුඛකාමානි භූතානි
යො දණ්ඩෙන විහිංසති
අත්තනො සුඛමෙසානො
පෙච්ච සො න ලබතෙ සුඛං

යමෙක් තමාට සැප බලාපොරොත්තුවෙන් සැප කැමති සත්වයන් දණ්ඩයෙන් පෙළයි ද ඔහු පරලොව දී සැප නොලබයි.

26.8.11

දණ්ඩ වග්ගො 2

සබ්බෙ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ

සියල්ලෝ ම දඬුවමින් තැති ගනිති.සියල්ලන්ට ම ජීවිතය ප්‍රියය.එහෙයින් තමා උපමා කොට සිතා අනුන් නො නැසිය යුතුය.නො නැසවිය යුතුය..

25.8.11

දණ්ඩ වග්ගො 1

සබ්බෙ තසන්ති දණ්ඩස්ස
සබ්බෙ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ

සියල්ලෝ ම දඬුවමින් තැති ගනිති.සියල්ලෝ ම මරණයට බිය වෙති.එහෙයින් තමා උපමා කොට සිතා අනුන් නො නැසිය යුතුය.නො නැසවිය යුතුය..

24.8.11

පාප වග්ගො 13

න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්ථට්ඨිතං නප්පසහෙථ මච්චු

යම් තැනක සිට මරුවාට අසු නොවී සිටිය හැකිද හැකි ද, එබඳු තැනක් අහසෙහි නැත.මුහුද මැදත් නැත.පර්වත කුහරයකත් නැත.එබඳු බිම් පෙදෙසක් කොහේවත් ඇත්තේ නැත..

- - - - - - - - - පාප වර්ගය නිමි - - - - - - - - -

23.8.11

පාප වග්ගො 12

න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්ථට්ඨිතො මුඤ්චෙය්‍ය පාපකම්මා

යම් තැනක සිට පවේ විපාකයෙන් මිදිය හැකි ද, එබඳු තැනක් අහසෙහිත් නැත.පර්වත කුහරයකත් නැත.එබඳු බිම් පෙදෙසක් කොහේවත් ඇත්තේ නැත..

21.8.11

පාප වග්ගො 11

ගබ්භමෙකෙ උප්පජ්ජන්ති
නිරයං පාපකම්මිනො
සග්ගං සුගතිනො යන්ති
පරිනිබ්බන්ති අනාසවා

මැරෙන අයගෙන් සමහරු මව් කුස උපදිති.පව් කළ අය අපායට යති.පින් කළ අය දෙව්ලොව උපදිති.කාමාදී ආශ්‍රව නැත්තෝ පිරිනිවන්පාති..

20.8.11

පාප වග්ගො 10

යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසස්ස අනඞගණස්ස
තමෙව බාලං පච්චෙති ව පාපං
සුඛුමො රජො පටිවාතං ඛිත්තො

යමෙක් අනුන්ට ද්වේශ නො කළ,නිරපරාධ වූ පිරිසිදු පුද්ගලයකුට ද්වේශ කරයිද,උඩු සුලඟට ලූ සියුම් දූවිල්ලක් මෙන් එහි පව එය කළ මෝඩයා කරා ම ආපසු එයි...

19.8.11

පාප වග්ගො 9

පාණිම්හි චෙ වණො නාස්ස
හරෙය්ය පාණිනා විසං
නාබ්බණං විසමන්වෙ තී
නත්ථි පාපං අකුබ්බතො

අල්ලෙහි තුවාලයක් නැත්තම් අතින් ගත් විෂය ශරීරය තුලට ඇදී නොපැතිරෙන්නා සේ පාප චේතනාවක් නැත්නම් (ඔහු කරා) හෙවත් අනුව යන පවකුත් නැත..

18.8.11

පාප වග්ගො 8

වාණිජොව භයං මග්ගා
අප්පසත්ථො මහද්ධනො
විසං ජීවතුකාමොව
පාපානි පරිවජ්ජයෙ

මඳ පිරිවරක් කැටුව යන මහා ධනවත් වෙළෙන්දා බියජනක මඟක් (සොර සතුරු උවදුරු ඇති මඟක් ) හැර යන්නා සේ ද ජීවත්වෙනු කැමැත්තා විෂ අත්හරින්නා සේ ද, නුවණැත්තා සියලු පව් දුරින් ම දුරු කළ යුතුය..

17.8.11

පාප වග්ගො 7

මාප්පමඤ්ඤෙථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති,
උදබින්දු නිපාතෙන
උදකුම්භොපි පූරති,
පුරති ධීරො පුඤ්ඤස්ස
ථොකථොකම්පි ආචිනං

තමා කළ පින ඉතා සුළුය.එහි විපාකය තමා කරා නො ඒයයි සුළුකොට නො සිතිය යුතුය.දිය බිඳු එක් වීමෙන් ක්‍රම ක්‍රමයෙන් කළය පිරෙන්නාක් මෙන් ටිකින් ටික එක්වන පින නිසා නුවණැත්තා පිනින් පිරේ..

16.8.11

පාප වග්ගො 6

මාප්පමඤ්ඤෙථ පාපස්ස
න මං තං ආගමිස්සති,
උදබින්දු නිපාතෙන
උදකුම්භොපි පුරති,
පුරති බාලො පාපස්ස
ථොකථොකම්පි ආචිනං

තමා කළ පාපය ඉතා සුළුය.එහි විපාකය තමා කරා නො ඒයයි සුළුකොට නො සිතිය යුතුය.දිය බිඳු එක් වීමෙන් ක්‍රම ක්‍රමයෙන් කළය පිරෙන්නාක් මෙන් ටිකින් ටික එක්වන පව් නිසා මෝඩයා පවින් පිරේ..

15.8.11

පාප වග්ගො 5

භද්‍රො පි පස්සතී පාපං
යාව භද්‍රං න පච්චති,
යදා ච පච්චති භද්‍රං
අථ භද්‍රො භද්‍රානි පස්සති

පින් කරන්නා ද තමා කළ පින පල නොදෙන තෙක් අයහපත දකී.එම පින මෝරා පල දෙන විට තමා කළ පිනෙහි සැප දකී..

14.8.11

පාප වග්ගො 4

පාපොපි පස්සති භද්‍රං
යාව පාපං න පච්චතී,
යදා ච පච්චති පාපං
අථ පාපො පාපානි පස්සති

පව් කළ තැනැත්තා තමා කළ පව විපාක නොදෙන තෙක් යහපත දකී.යම් විටෙක ඒ පව මෝරා පල දේ ද එවිට එම පාපියා තමා කළ පවෙහි දුක දකී..

13.8.11

පාප වග්ගො 3

පුඤ්ඤං චෙ පුරිසො කයිරා
කයිරාථෙතං පුනප්පුනං,
තම්හි ඡන්දං කයිරාථ
සුඛො පුඤ්ඤස්ස උච්චයො

පින් කරන්නා නිතර නිතර පින් කළ යුතුය.පිනට ආශා කළ යුතුය.පින් රැස් කිරීම සැපයට හේතු වේ.

12.8.11

පාප වග්ගො 2

පාපං චෙ පුරිසො කයිරා
න තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන්දං කයිරාථ
සුඛො පුඤ්ඤස්ස උච්චයො

යමකු බැරිවීමකින් පවක් කළත් නැවත නැවත එය නොකළ යුතුය.පවට ආශා නොකළ යුතුය.පව් රැස් කිරීම දුකට හේතු වේ..

11.8.11

පාප වග්ගො 1

අභිත්ථරෙථ කල්‍යාණෙ
පාපා චිත්තං නිවාරයෙ,
දන්ධං හි කරොතො පුඤ්ඤං
පාපස්මිං රමතී මනො

පින් කිරීමෙහි යුහුසුලු විය යුතුය.සිත පවින් වළකා ගත යුතුය.(මසුරු මලෙන් සිත දැඩිවැ වැඩුණු කල අකුසලයෙහි ඇලෙන්නේ ය. )අතපසු කරමින් පින් කරන්නහුගේ සිත පාපයෙහි ඇලෙන හෙයිනි..

10.8.11

සහස්ස වග්ගො 16

යො චෙ වස්සසතං ජීවෙ
අපස්සං ධම්මමුත්තමං,
එකාහං ජීවිතං සෙ‍ය්‍යො
පස්සතො ධම්මමුත්තමං

උතුම් වූ නවලෝකෝත්තර ධර්මය අවබෝධ කරනොගන්නාහුගේ සියක් අවුරුදු ජීවිතයට වඩා එය අවබෝධ කර ගන්නහුගේ එක දවසක ජීවිතය උසස් ය..

- - - - - - - - - සහස්‍ර වර්ගය නිමි - - - - - - - - -

9.8.11

සහස්ස වග්ගො 15

යො චෙ වස්සසතං ජීවෙ
අපස්සං අමතං පදං,
එකාහං ජීවිතං සෙ‍ය්‍යො
පස්සතො අමතං පදං

නිවන් නොදක්නා, අවබෝධ කරනොගන්නා පුද්ගලයාගේ සියක් අවුරුදු ජීවිතයට වඩා එය අවබෝධ කර ගන්නා පුද්ගලයාගේ එක දවසක ජීවිතය උතුම් ය..

8.8.11

සහස්ස වග්ගො 14

යො චෙ වස්සසතං ජීවෙ
අපස්සං උදයව්‍යයං,
එකාහං ජීවිතං සෙ‍ය්‍යො
පස්සතො උදයව්‍යයං

පංචස්කන්ධයාගේ හටගැනීම හා නැවැත්වීම නුවණින් නොදක්නා පුද්ගලයාගේ සියක් අවුරුදු ජීවිතයට වඩා ඒ දෙක නුවණින් දක්නාහුගේ එක දවසක ජීවිතය උසස්ය..

7.8.11

සහස්ස වග්ගො 13

යො චෙ වස්සසතං ජීවෙ
කුසිතො හීනවීරියො
එකාහං ජීවිතං සෙ‍ය්‍යො
විරියමාරභතො දළ්හං

කම්මැලි වූ,කායික චෛතසික වීර්යයෙන් අඩු පුද්ගලයකුගේ සියක් අවුරුදු ජීවිතයට වඩා දැඩි වීර්යයෙන් යුක්ත වූවකුගේ එක දවසක ජීවිතය උසස් ය..

6.8.11

සහස්ස වග්ගො 12

යො චෙ වස්සසතං ජීවෙ
දුප්පඤ්ඤො අසමාහිතො,
ඒකාහං ජීවිතං සෙය්‍යො
පඤ්ඤාවන්තස්ස ඣායිනො

එකඟ සිතක් නැති අනුවණයාගේ සියක් අවුරුදු ජීවිතයට වඩා ධ්‍යාන වඩන බුද්ධිමතාගේ එක දවසක ජීවිතය උසස් ය..

5.8.11

සහස්ස වග්ගො 11

යො චෙ වස්සසතං ජීවෙ
දුස්සීලො අසමාහිතො,
ඒකාහං ජීවිතං සෙය්‍යො
සීලවන්තස්ස ඣායිනො

එකඟ සිතක් නැති දුශ්ශීලයාගේ සියක් අවුරුදු ජීවිතයට වඩා ධ්‍යාන වඩන සිල්වතාගේ එක දවසක ජීවිතය උසස් ය..

4.8.11

සහස්ස වග්ගො 10

අභිවාදනසීලිස්ස
නිච්චං වද්ධාපචායිනො,
චත්තාරො ධම්මා වඩ්ඪන්ති
ආයු වණ්ණො සුඛං බලං

සීලයෙන් ගුණයෙන් වැඩිහිටියන්ට නිතර වැඳුම් පිඳුම් කරන්නහුගේ ආයුෂය,වර්‍ණය,සැපය හා බලය වැඩේ..

3.8.11

සහස්ස වග්ගො 9

යං කිංචි යිට්ඨං ව හුතං ව ලොකෙ
සංවච්ඡරං යජෙථ පුඤ්ඤපෙඛො,
සබ්බම්පි තං න චතුභාගමෙති
අභිවාදනා උජ්ජුගතෙසු සෙය්‍යො

මේ ලෝකයෙහි පින් කැමැත්තකු අවුරුද්ද මුළුල්ලේ යම් කිසි යාගයක් හෝ හෝමයක් කළත් ඒ සියල්ල ආර්යයකුට කරන වැඳීමෙන් හතරෙන් පංගුවක්වත් නොවටී.ආර්යයන්ට කරන වැඳුම ඒ තරම් උසස් ය..

2.8.11

සහස්ස වග්ගො 8

යො චෙ වස්ස සතං ජන්තු
අග්ගිං පරිචරෙ වනෙ,
එකං ච භාවිතත්තානං
මුහුත්තමපි පූජයෙ,
සායෙව පූජනා සෙ‍ය්‍යො
යං චෙ වස්සසතං හුතං

යමකු අවුරුදු සීයක් වනයෙහි ගිනි පිදුවත් එය උසස් නැත,වඩන ලද ශීල,සමාධි,ප්‍රඥා ඇති ආය්‍යර්‍ පුද්ගලයකුට එක මොහොතක් තුළ කරන පූජාව ඒ හෝමයට වඩා උසස් ය..

සහස්ස වග්ගො 7

මාසෙ මාසෙ සහස්සෙන
යො යජෙත සතං සමං,
එකං ච භාවිතත්තානං
මුහුත්තම්පි පූජයෙ,
සායෙව පූජනා සෙය්‍යො
යං චෙ වස්සසතං හුතං

මාස් පතා දාහ බැගින් වියදම් කොට සියක් අවුරුද්දක් මුළුල්ලෙහි සාමාන්‍ය ලෞකික ජනයාට දෙන දනට වඩා,ශීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන ලද සිත ඇති ආර්ය පුද්ගලයකුට එක් මොහොතක් තුළ කරන පූජාවම ඉතා උතුම් වේ..

31.7.11

සහස්ස වග්ගො 6

නෙව දෙවො න ගන්ධබ්බො
න මාරො සහ බ්‍රහ්මුණා,
ජිතං අපජිතං කයිරා
තථාරූපස්ස ජන්තුනො

ආත්මය දිනාගත්තහුගේ දිනීම පැරදීමක් කරන්නට දෙවියෙක්වත්,ගන්ධර්වයෙක්වත්,බ්‍රහ්මයා සමඟ පැමිණි මාරයාවත් සමත් නො වේ..

30.7.11

සහස්ස වග්ගො 5

අත්තා හවෙ ජිතං සෙය්‍යො
යා චායං ඉතරා පජා,
අත්ත දන්තස්ස පොසස්ස
නිච්චං සඤ්ඤතචාරිනො

දූ කෙළි ආදියෙන් අනුන් දිනීමට වඩා තමා විසින් තමා දිනාගැනීම ඒකාන්තයෙන් ම ඉතා උසස් ය.නිතර තැන්පත් හැසිරීම් ඇති ආත්මය දමනය කරගත් පුරුෂයාගේ ඒ දිනීම් පැරදවීමක් කරන්ම්නට කිසිවකුටත් නොපිළිවන..

29.7.11

සහස්ස වග්ගො 4

යො සහස්සං සහස්සෙන
සංගාමෙ මානුසෙ ජිනෙ,
එකං ච ජෙය්‍ය අත්තානං
ස වෙ සංගාම ජුත්තමො

යමකු යුද්ධයක දී මිනිසුන් ලක්ෂයක් පරදවා දිනුවත් තමාගේ එකම ආත්මය දිනාගැනීම එයට වඩා උතුම් ය.ආත්මය දිනාගත් පුද්ගලයා සෙසු දිනුම් කරුවන්ට වඩා ඉතා උසස්ය..

28.7.11

සහස්ස වග්ගො 3

යො චෙ ගාථාසතං භාසෙ
අනත්ථපද සංහිතා,
එකං ධම්මපදං සෙය්‍යො
යං සුත්වා උපසම්මති

යමකු අනර්ථය සිදුකරන පදවලින් යුත් ගාථා සියයක් කීවත් එයින් වැඩක් නැත.යම් ගාථා පදයක් ඇසීමෙන් මිනිසා සංසිඳීමට පැමිණේ නම් එසේ වූ එක ධර්ම පදය පවා ඉතා උතුම් ය..

27.7.11

සහස්ස වග්ගො 2

සහස්සම්පිං චෙ ගාථා
අනත්ථපද සංහිතා,
එකං ගාථා පදං සෙය්‍යො
යං සුත්වා උපසම්මති

අනර්ථ සිදුකරන පදවලින් යුත් ගාථා දාහක් වූවත් උසස් නැත.මිනිසා සංසිඳීමට පත් කරවන එක ගාථා පදය පවා ඉතා උසස් ය..

26.7.11

සහස්ස වග්ගො 1

සහස්සම්පි චෙ වාචා
අනත්ථපද සංහිතා,
එකං අත්ථපදං සෙය්‍යො
යං සුත්වා උපසම්මති

අනර්ථ සිදුකරන පදවලින් යුත් වචන දාහක් වුවත් උසස් නැත.යම් වචනයක් ඇසීමෙන් මිනිසා සන්සිඳීමට පත්වේ නම් එබඳු අර්ථවත් එක පදය පවා ඉතා උතුම්ය..

25.7.11

අරහත්ත වග්ගො 10

රමණීයානි අරඤ්ඤානි
යත්ථ න රමතී ජනො
වීතරාගා රමෙස්සන්ති
න තෙ කාමගවෙසිනො

සාමාන්‍ය ජනයාගේ සිත් නොගන්නා රමණීය කැලෑ ඇත.රහතුන් වහන්සේලා කම්සැප නොසොයන හෙයින් එබඳු තැන්වල සිත් අලවා වාසය කරති..

- - - - - - - - - අර්හත් වර්ගය නිමි - - - - - - - - -

24.7.11

අරහත්ත වග්ගො 9

ගාමෙ වා යදි වා රඤ්ඤෙ
නින්නෙ වා යදි වා ථලෙ,
යත්ථ අරහන්තො විහරන්ති
තං භූමිං රාමණෙය්‍යකං

ගමේ හෝ වනයේ හෝ වළක හෝ ගොඩක හෝ වෙන යම් තැනක හෝ (නොහොත් ආරණ්‍යක හෝ )රහතුන් වහන්සේලා නම් ඒ බිම ඉතා රමණීය ය..

23.7.11

අරහත්ත වග්ගො 8

අස්සද්ධො අකතඤ්ඤූ ච
සන්ධිච්ඡෙදො ච යො නරො'
හතාවකාසො වන්තාසො
ස වෙ උත්තමපොරිසො

යමෙක් සිය නුවණින් වටහාගන්නාතෙක් යමක් නො අදහයි ද,අනිකකුගේ මැවීමක් හෝ යෙදීමක් හෝ නොවූ නිවන ඒ අයුරින් ම අවබෝධ කරගනී ද,සසර ඇති සියලු සන්ධි සිඳ දමයි ද,නැවත ඉපදීමට ඇති ඉඩකඩ නැති කරයි ද,සියලු ආශා වමාරා දමයි ද,ඔහු ඒකාන්තයෙන් ම උතුම් පුරුෂයෙකි..

22.7.11

අරහත්ත වග්ගො 7

සන්තං තස්ස මනං හොති
සන්ති වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස
උපසන්තස්ස තාදිනො


චතුරාර්ය සත්‍යය මනාව දැනගෙන කෙළෙසුන් කෙරෙන් මිදුණු,නො සැලෙන ගුණැති,උපශාන්ත වූ රහතුන් වහන්සේගේ සිත ද,වචනය ද,ක්‍රියාව ද එක සේ ම ශාන්තය..

21.7.11

අරහත්ත වග්ගො 6

පඨවීසමො නො විරුජ්ඣති
ඉන්දඛීලූපමො තාදි සුඞඛතො
රහදොව අපෙතකද්දමො
සංසාරා න භවන්ති තාදිනො

පොළොව මෙන් හොඳ නොහොඳ දෙකේ දී ම සමව සිටින,නුවර දොර තද කිරීම පිණිස හිඳුවන ලද කණුවක් මෙන් නොසෙල් වී පවතින,මනාව්‍රත ඇති නො කිපෙන,මඩනැති විලක්සේ පහන් වූ රහතුන් වහන්සේගේ සසර සැරිසැරීමත් නැත..

20.7.11

අරහත්ත වග්ගො 5

යස්සින්ද්‍රියානි සමථං ගතානි
අස්සා යථා සාරථිනා සුදන්තා
පහීණමානස්ස අනාසවස්ස
දෙවාපි තස්ස පිහයන්ති තාදිනො

රියැදුරකු විසින් මනාව හීලෑ කරන ලද අසුන් මෙන්,දැමුණු ඉඳුරන් ඇති මානය හා කාමාදී ආශ්‍රවයන් දුරුකළා වූ,අටලෝ දහම් විෂයෙහි නො සැලෙන පැවතුම් ඇති රහතුන් වහන්සේට දෙවියෝත් කැමති වෙති..

19.7.11

අරහත්ත වග්ගො 4

යස්සාසවා පරික්ඛීණා
ආහාරෙ ච අනිස්සිතො,
සුඤ්ඤතො අනිමිත්තො ච
විමොක්ඛො යස්ස ගොචරො,
ආකාසෙව සකුන්තානං
පදං තිස්ස දුරන්නයා

කාමාදී ආශ්‍රවයන් දුරුකළා වූ,ආහාරයෙහි තෘෂ්ණා වශයෙන් නො ඇලුණා වූ ,රාගාදියෙන් මිදුණාවූත්,රාගාදී නිමිති රහිත වූ නිවන අරමුණු කොට වසන්නා වූ රහතුන් වහන්සේගේ ඉපදීම නොදත හැකිය.අහසෙහි කුරුල්ලන් ගිය මඟ නොදත හැකිවාක් මෙනි..

18.7.11

අරහත්ත වග්ගො 3

යෙසං සන්නිචයො නත්ථි
යෙ පරිඤ්ඤාතභොජනා
සුඤ්ඤතො අනිමිත්තො ච
විමොක්ඛො යස්ස ගොචරො
ආකාසෙව සකුන්තානං
ගති තෙසං දුරන්නයා

යම් කෙනෙක් කර්මය හෝ සිව්පසය රැස් කිරීමක් නැද්ද,තමන්ගේ භෝජන සීමාව හොඳහැටි දනී ද,රාගාදියෙන් මිදුණාවූත්,රාගාදී නිමිති රහිත වූත්,නිවන අරමුණු කොට වසන එබඳු රහතන් වහන්සේ මරණින් මතු ගිය මඟ හෝ යන මඟ නොදත හැකිය.අහසෙහි කුරුල්ලන් ගිය මඟ නොදත හැකිවාක් මෙනි..

17.7.11

අරහත්ත වග්ගො 2

උය්‍යුංජන්ති සතීමන්තො
න නිකෙතෙ රමන්ති තෙ
හංසාව පල්ලලං හිත්වා
ඔකමොකං ජහන්ති තෙ

මනා සිහියෙන් යුක්තවූවෝ උනන්දුවෙන් ධ්‍යාන භාවනාවෙහි යෙදෙති.ඔවුහූ කිසිම තැනක හෝ කිසිම දෙයක හෝ කිසිම කෙනෙකු කෙරෙහි නො ඇලෙති.විල හැර යන හංසයන් මෙන් ඔවුහූ වසන හැම තැනක්ම හැර දමා යති..

16.7.11

අරහත්ත වග්ගො 1

ගතද්ධිනො විසොකස්ස
විප්පමුත්තස්ස සබ්බධී
සබ්බගන්ථප්පහීණස්ස
පරිළාහො න විජ්ජති

සසර ඉපදීම නැතිකල,ශෝක දුරුකළ, සියලු තැන්හි නො ඇලී ඉන් මිදුණා වූ,සියලු කෙලෙස් ගැට සිඳලූ රහතුන් වහන්සේට දැවිල්ලක් නැත.කෙලෙස් නැසූ නිසා සිත් තැවුලක් හෝ දැවිල්ලෙක් ඇති නොවේ..

15.7.11

පණ්ඩිත වග්ගො 14

යෙසං සම්බොධි අංගෙසු
සම්මා චිත්තං සුභාවිතං
ආදානපටිනිස්සග්ගෙ
අනුපාදාය යෙ රතා,
ඛීණාසවා ජූතීමන්තො
තෙ ලොකෙ පරිනිබ්බුතා

සප්තසම්බෝධි අංගයන්හි ( සති,ධම්ම,විචය,වීරිය,පීති,සස්සද්ධි,සමාධි,උපෙක්ඛා ) මනාකොට වඩන ලද සිත් ඇති,කිසිවක් ආශාවෙන් දැඩිසේ නොගෙන නිවනෙහි ඇලුණා වූ ආනුභාව සම්පන්න රහත්හු ලෝකයහි පිරිනිවියෝ නම් වෙති...

- - - - - - - - - පණ්ඩිත වර්ගය නිමි - - - - - - - - -

14.7.11

පණ්ඩිත වග්ගො 13

තත්‍රාභිරතිමිච්ඡෙය්‍යෙ
හිත්වා කාමෙ අකිංචනො
පරියොදපෙය්‍ය අත්තානං
චිත්තක්ලෙසෙහි පණ්ඩිතො

නිවනෙහි සිත ඇලවිය යුතු ය.වස්තුකාම,ක්ලෙශකාම දුරුකොට කිසිම දෙයක අයිතියක් නැත්තකු විය යුතුය.එසේම සිත කිලුටු කරන අකුසල්වලින් මිදී සිත පිරිසිදු කරගත යුතුය..

13.7.11

පණ්ඩිත වග්ගො 12

කණ්හං ධම්මං විප්පහාය
සුක්කං භාවෙථ පණ්ඩිතො
ඔකා අනොකං ආගම්ම
විවෙකෙ යත්ථ දූරමං,

පණ්ඩිතයා ගිහිගෙයින් නික්ම පැවිදිව අකුසල් දුරුකොට කුසල් වැඩිය යුතුය.ගිහිගෙය හැර පැවිදි වූ පුද්ගලයා දුක සේ සිත් ඇලවිය යුතු තැන වූ.,

12.7.11

පණ්ඩිත වග්ගො 11

යෙ ච ඛො සම්මදක්ඛාතෙ
ධම්මේ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති
මච්චුධෙය්‍යං සුදුත්තරං

යම් කෙනෙක් බුදුන් විසින් මනා කොට දෙසන ධර්මය දැන ඒ අනුව පවතිද්ද,ඔවුහූ ඉතා අමාරුවෙන් තරණය කළ යුතු සංසාර සාගරය තරණය කොට නිවනට පැමිණෙති..

11.7.11

පණ්ඩිත වග්ගො 10

අප්පකා තෙ මනුස්සෙසු
යෙ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා
තීරමෙවානුධාවති

මිනිසුන් අතුරෙන් පරතෙරට ( නිවනට ) යන්නෝ ටික දෙනෙකි.සෙස්සො මෙතෙරට ( භවයටම ) දුවති..

පණ්ඩිත වග්ගො 9

න අත්තහෙතු න පරස්ස හෙතු
න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො
න සීලවා පඤ්ඤවා ධම්මිකො සියා

යමෙක් තමා නිසා හෝ අනුන් නිසා හෝ පවක් නොකරයි ද,වැරදි පිළිවෙලකින් පුතකු හෝ ධනය හෝ,රටක් හෝ නොපතයි ද,අධර්මයෙන් තමාගේ වැඩි දියුණුවක් බලාපොරොත්තු නොවෙයි ද,එවැනි පුද්ගලයා සිල්වතෙකි,නුවණැතියෙකි,දැහැමියෙකි..

9.7.11

පණ්ඩිත වග්ගො 8

සබ්බත්ථ වෙ සප්පුරිසා වජන්ති
න කාමකාමා ලපයන්ති සන්තො
සුඛෙන පුට්ඨා අථ වා දුඛෙන
න උච්චාවචං පණ්ඩිතා දස්ස යන්ති

උතුම් පුරුෂයෝ කිසිම දෙයක නො ඇලෙති.ඒ ඒ දේ ගැන ආශාවෙන් කථා නොකරති.නොකරවති.පණ්ඩිතයෝ සැපෙහි දී මෙන් ම දුකෙහි දීත් උස් පහත් ගතියක් නො දක්වති..

7.7.11

පණ්ඩිත වග්ගො 7

යථාපි රහදො ගම්භිරො
විප්පසන්නො අනාවිලො
එවං ධම්මානි සුත්වාන
විපස්සීදන්ති පණ්ඩිතා

පැහැදිලි ජලය ඇති නො කැළඹුණු ගැඹුරු මහ සයුර යම් සේ ද,බණ අසා පැහැදුණු පණ්ඩිතයෝත් එසේමය..

පණ්ඩිත වග්ගො 6

සෙලො යථා එකඝනො
වාතෙන න සමීරති
එවං නින්දා පසංසාසු
න සමිජ්ඣන්ති පණ්ඩිතා

ඝන ගල් පර්වතයක් සුළඟින් නොසෙල්වෙන්නා සේ නින්දා ප්‍රශංසා දෙකේ දී ම පණ්ඩිතයෝ නො සැලෙති..

6.7.11

පණ්ඩිත වග්ගො 5

උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

දියාලුවෝ(ජලය ගෙන යන්නෝ) තමන් කැමති තැනකට ජලය ගෙන යති.හී වඩුවෝ තමන් කැමති ලෙසට හී දඩු නමති.එමෙන් නුවණැත්තෝ තමන්ට උවමනා පිළිවෙලට ආත්මය දමනය කර ගනිති..

5.7.11

පණ්ඩිත වග්ගො 4

ධම්මපීති සුඛං සෙති
විප්පසන්නේන චෙතසා
අරියප්පවෙදිතෙ ධම්මෙ
සදා රමති පණ්ඩිතො

දහම් රසය බොන තැනැත්තා ප්‍රසන්න වූ සිතින් යුතුව සුවසේ වසයි.පණ්ඩිතයා ආර්යයන් විසින් ප්‍රකාශ කරන ලද ධර්මයෙහි සැමදා ඇලේ..

4.7.11

පණ්ඩිත වග්ගො 3

න භජෙ පාපකෙ මිත්තෙ
න භජෙ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ
භජෙථ පුරිසුත්තමෙ

පවිටු මිතුරන් ඇසුරු නො කළ යුතුය.අධම මිනිසුන් ඇසුරු නො කළ යුතුය.කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුය.උතුම් මිනිසුන් ඇසුරු කළ යුතුය.

පණ්ඩිත වග්ගො 2

ඔවදෙය්‍යානුසාසෙය්‍ය
අසබ්භා ච නිවාරයෙ
සතං හි සො පියො හොති
අසතං හොති අප්පියො

පණ්ඩිතයා අනුන්ට අවවාද අනුශාසනා කළ යුතුය.අනුන් අසභ්‍ය දෙයින් අකුසලයෙන් වැළැක්විය යුතුය.එසේ කරන තැනැත්තා සත්පුරුෂයාට ප්‍රිය වේ.අසත්පුරුෂයන්ට අප්‍රිය වේ..

2.7.11

පණ්ඩිත වග්ගො 1

නිධීනං ච පවත්තාරං
යං පස්සෙ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මෙධාවිං
තාදිසං පණ්ඩිතං භජෙ
තාදිසං භජමානස්ස
සෙය්‍යො හොති න පාපියො

නිධානයක් දක්වන්නකු මෙන් යමෙක් කෙනෙකුගේ ඇති වරද පෙන්වයි ද,එයට තරවටු කරයි ද,එබඳු වූ බුද්ධිමත් පඬුවකු සේවනය කල යුතුය.එබඳු කෙනෙකු ඇසුරු කරන්නාට වැඩක්ම වේ.අවැඩක් සිදු නො වේ..

1.7.11

බාල වග්ගො 16

අඤ්ඤා හි ලාභුපනිසා
අඤ්ඤා නිබ්බාණගාමිනි
එවමෙතං අභිඤ්ඤාය
භික්ඛු බුද්ධස්ස සාවකො
සක්කාරං නාහිනන්දෙය්‍ය
විවෙක මනුබ්‍රෑහයෙ

ලාභ සත්කාර උපදවන පිළිවෙත එකකි.නිවන කරා ලංවන පිළිවෙත අනිකකි.බුද්ධ ශ්‍රාවක වූ භික්ෂුව මෙය මෙසේ දැන ලාභ සත්කාරවලට සතුටු නොවිය යුතුය.විවේකය වැඩිය යුතුය..

- - - - - - - - - බාල වර්ගය නිමි - - - - - - - - -

30.6.11

බාල වග්ගො 15

මමෙව කතමඤ්ඤන්තු
ගිහී පබ්බජිතා උභො
මමෙව අතිවසා අස්සු
කිච්චාකිච්චෙසු කිස්මිචි.
ඉති බාලස්ස සංකප්පො
ඉච්ඡා මානොව වඩ්ඪති

ගිහි පැවිදි දෙපක්ෂයට ම පන්සලේ සියලු වැඩ කටයුතු මා විසින් කරන ලද්දේ යැයි ද,සියලු කටයුතු නොකටයුතු වලදී ඔවුහූ මට පක්ෂ වෙත්වා යැයි ද සිතයි.මේ අයුරින් මෝඩයාගේ මෝඩ කල්පනාව ද,ආශාවද,මානයද වැඩේ..

29.6.11

බාල වග්ගො 14

අසතං භාවන මිච්ඡෙය්‍ය
පුරෙක්ඛාරං ච භික්ඛුසු
ආව සෙසු ච ඉස්සරියං
පූජා පරකුලෙසු ච

අයහපත් හිස් භික්ෂුව අනුන්ගේ ගරු බුහුමන් කැමති වේ.භික්ෂූන් අතර පෙරටු බව කැමති වේ.ආවාසයන්හි අධිපතිකම කැමති වේ.නො නෑ කුලයන්හි පුද සැලකිලි කැමති වේ..

28.6.11

බාල වග්ගො 13

යාවදෙව අනත්ථාය
ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කං සං
මුද්ධමස්ස විපාතයං

මෝඩයා දත් යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල ඔහුගේ අනර්ථය පිණිස පවතී.එය ඔහුගෙ නුවණ නමැති හිස පොඩි කර කුසල් නමැති යහපත් ගතිගුණ නසාලයි..

බාල වග්ගො 12

න හි පාපං කතං කම්මං
සජ්ජු බීරං ව මුච්චති
ඩහන් තං බාලමන් වෙති
භස්මච්ඡන්නොව පාවකො

දෙවූ වහා ම කිරි නොමිදෙන්නාක් මෙන් කෙනෙකු විසින් කරන ලද පව් කළ වහා නො මෝරයි.එය අළු යට වූ ගින්නක් මෙන් මෝඩයා දවමින් ඔහු ලුහුබඳී..

26.6.11

බාල වග්ගො 11

මාසෙ මාසෙ කුසග්ගෙන
බාලො භුඤ්ජෙථ භොජනං
න සො සංඛතධම්මානං
කලං අග්ඝති සොළසිං

මෝඩයා මසක් පාසා කුස තණ අතින් ගෙන බොජුන් වළදයි.එහෙත් ඔහු චතුරාය්‍ය්ර්‍ සත්‍යය පිරිසිඳ දත් ආර්යයන්ගේ සොළොස් වන කලාව තරම්වත් නො වටනේය..

25.6.11

බාල වග්ගො 10

මධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති

පව් මෝරා විපාක දෙන තෙක් මෝඩයා එය මී පැණි මෙන් සලකයි.යම් විටෙක පව මෝරා විපාක දෙයි ද එවිට උහු දුකට වැටේ..

24.6.11

බාල වග්ගො 9

තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීනො සුමනො
විපාකං පටිසෙවති

යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නොවේ ද,යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකි වේ ද එබඳු දේ කිරීම යහපත්ය..

23.6.11

බාල වග්ගො 8

න තං කම්මං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං
විපාකං පටිසෙවති

යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදුවේ ද,යමක විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව අඬමින් විඳින්නට සිදු වේ ද එබඳු දේ නොකිරීම හොදය..

22.6.11

බාල වග්ගො 7

චරන්ති බාලා දුම්මෙධා
අමිත්තෙනෙ ව අත්තනා
කරොන්තා පාපකං කම්මං
යං හොති කටුකප්ඵලං

නුවණ මඳ වූ දෙලෝ වැඩ නොදත් අනුවණයෝ කටුක විපාක දෙන පව්කම් කරමින් තමාට ම සතුරු වූ ආත්මයක් සමග හැසිරෙත්..

21.6.11

බාල වග්ගො 6

මුහුත්තමපි චෙ විඤ්ඤු
පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති
ජිව්හා සූපරසං යථා

දිවට මාළුපිණිවල රස දැනෙන්නා සේ බුද්ධිමතාට මොහොතක් වුවත් පණ්ඩිතයකු ඇසුරු කිරීමෙන් වහා ධර්මය දැනගත හැකිය..

20.6.11

බාල වග්ගො 5

යාවජීවම්පි චෙ බාලො
පණ්ඩිතං පයිරුපාසති
න සො ධම්මං විජානාති
දබ්බි සූපරසං යථා

හැන්දට මාළු පිණිවල රස නො දැනෙන්නා සේ මෝඩයාට දිවි පවත්නා තෙක් පණ්ඩිතයකු ඇසුරු කළත් ධර්මය දැනගත නො හැකිය...

19.6.11

බාල වග්ගො 4

යො බාලො මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතො වාපි තෙන සො
බාලො ච පණ්ඩිතමානී
ස වෙ බාලොති වුච්ච තී

යම් මෝඩයකුට තමාගේ මෝඩකම ගැන හැඟේ නම් එයින් මත් ඔහු පණ්ඩිතයෙක් වේ.'තමා පණ්ඩිතයෙකැ'යි සිතන මෝඩයා ඒකාන්තයෙන්ම මෝඩයෙකි..

18.6.11

බාල වග්ගො 3

පුත්තා මත්ථි ධනම්මත්ථි
ඉති බාලො විභඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං ?

මෝඩයා මට දරුවෝ ඇත, ධනය ඇත කියා සිතමින් වෙහෙසෙයි.තමාට තමාත් නැති කල කුමන පුත්තුද ? කුමන ධනයද ?

17.6.11

බාල වග්ගො 2

චරං චෙ නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසමත්තනො
ඵනචරියං දළ්හං කයිරා
නත්ථි බාලෙ සහායතා

කළ්‍යාණ මිත්‍රයකු සොයා ඇවිදින්නකුට තමාට වඩා උසස් කෙනෙක් හෝ තමාට සමාන කෙනෙක් හෝ නොලැබෙන්නේ නම් තනිව හැසිරීමේ අදහස දැඩි කරගත යුතුය.බාලයන් හෙවත් මෝඩයන් හා එක්වීම හොඳ නැත..

16.6.11

බාල වග්ගො 1

දීඝා ජාගරතො රත්ති
දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලානං සංසාරො
සද්ධම්මං අවිජානතං

නිදි මරන්නාට රාත්‍රිය දිග ය.ගමන් ගොස් වෙහෙසුන අයට යොදුන දිග ය.බණ නොදන්නා වූ මෝඩයන්ට සසර දිගය.

14.6.11

පුෂ්ප වග්ගො 16

එවං සංකාරභූතෙසු
අන්ධභූතෙ පුථුජ්ජනෙ
අතිරොචති පඤ්ඤාය
සම්මා සම්බුද්ධසාවකො

එසේම,කසළ ගොඩවල් වැනි වූ අන්ධ බාල මිනිසුන් අතර බුද්ධ ශ්‍රාවකයා නුවණින් බබළයි..

- - - - - - - - - පුෂ්ප වර්ගය නිමි - - - - - - - - -

පුෂ්ප වග්ගො 15

යථා සංකාරධානස්මිං
උජ්ඣිතස්මිං මහාපථෙ
පදුමං තත්ථ ජායෙථ
සුචිගන්ධං මනොරමං

මහ මඟ දැමූ කසළ ගොඩකත් මනා සුවඳින් යුත් නෙළුම් මලක් පිපෙන්නේ යම් සේද..,

13.6.11

පුෂ්ප වග්ගො 14

තෙසං සම්පන්න සීලානං
අප්පමාද විහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං
මාරො මග්ගං න වින්දති

පිරිපුන් සීලයෙන් හා අප්‍රමාද විහරණයෙන් යුක්ත වූ,චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කොටගෙන කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ උතුමන් ගිය මඟ මාරයා නොදනියි..

12.6.11

පුෂ්ප වග්ගො 13

අප්පමත්තො අයං ගන්ධො
යායං තගර චන්දනී
යො ච සීලවතං ගන්ධො
වාති දෙවසු උත්තමො

තුවරලා සඳුන් ආදියෙහි යම් සුවඳක් වේ නම් එය ඉතා ස්වල්පය.එය සුළු තැනෙක විහිදෙන්නකි.සිල්වතුන්ගේ සුවඳ දෙව් ලෝවල පවා විහිදේ..

පුෂ්ප වග්ගො 12

චන්දනං තගරං වාපී
උප්පලං අථ වස්සිකී
එතෙසං ගන්ධජාතානං
සීලගන්ධො අනුත්තරො

සඳුන්,තුවරලා,මහනෙල්,දෑසමන් යන සියලු මල් ජාතීන්ගේ සුවඳට වඩා සිල් සුවඳ උසස් වේ..

11.6.11

පුෂ්ප වග්ගො 11

න පුප්ඵගන්ධො පටිවාතමෙති
න චන්දනං තගරමල්ලිකාවා
සතංච ගන්ධො පටිවාතමෙති
යබ්බා දිසා සප්පුරිසො පවාති

සාමාන්‍ය මල් සුවඳක් හෝ සඳුන් තුවරලා ඉද්ද වැනි මල් වල සුවඳක් හෝ උඩු සුළඟට නො යයි.එහෙත් සත් පුරුෂයන්ගේ සිල් සුවඳ සුළඟට ද යයි.සත් පුරුෂයා සියලු දිසාවල ම සිල් සුවඳ පතූරුවයි..

9.6.11

පුෂ්ප වග්ගො 10

යථාපි පුප්ඵරාසිම්භා
කයිරා මාලාගුණෙ බහූ
එවං ජාතෙන මච්චෙන
කත්තබ්බං කුසලං බහුං

මල් රැසකින් බොහෝ මල් දම් ගොතන මල් කරුවෙකු මෙන් උපන්නා වූ මිනිසා විසින් බොහෝ පින් කළ යුතුය..

8.6.11

පුෂ්ප වග්ගො 9

යථාපි රුචිරං පුප්ඵං
පුණ්ණවන්තං සගන්ධකං
එවං සුභාසිතා වාචා
සඵලා හොති සකුබ්බතො

මනහර වර්ණයෙන් හා සුවඳින් යුත් මලක් ප්‍රයෝජනවත් වන්නේ යම් සේ ද එසේම පිළිපදින්නාට යහපත් වචනයෙන් පල ලැබේ..

7.6.11

පුෂ්ප වග්ගො 8

යථාපි රුචිරං පුප්ඵං
වණ්ණවන්තං අගන්ධකං
එවං සුභාසිතා වාචා
අඵලා හොති අකුබ්බතො

මනහර වර්ණවත් මලක් වුව ද සුවඳ නැත්නම් පලක් නැත්තා සේ නො පිළිපදින්නාට හොඳ වචනයෙන් පලක් නැත..

6.6.11

පුෂ්ප වග්ගො 7

න පෙරසං විලොමානි
න පෙරසං කතාකතං
අත්තනොව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානි ච

අනුන්ගේ රළු පරළු කතා හා කළ නොකළ දේ ගැන නොසෙවිය යුතුය.තමා ම කළ නොකළ දේ ගැන සෙවිය යුතුය..

5.6.11

පුෂ්ප වග්ගො 6

යථාපි භමරො පුප්ඵං
වණ්ණගන්ධං අහෙඨයං
ඵලෙති රසමාදාය
එවං ගාමෙ මුනී චරෙ

මලටත් එහි පැහැයට හා සුවඳටත් හානියක් නොකොට මල් රොන් ගන්නා බමරකු මෙන් භික්ෂුව ගම නොපෙලා ගමෙහි හැසිරෙන්නේය..

4.6.11

පුෂ්ප වග්ගො 5

පුප්ඵානි හෙව පචිනන්තං
ඛ්‍යාසත්තමනසං නරං
අතිත්තං යෙව කාමෙසු
අන්තකො කුරුතෙ වසං

ගිජු සිතින් පස් කම් නමැති මල්ම සොයන, එහිම ඇලුණු සිත් ඇති,එයින් සෑහීමකට පත් නොවූ මිනිසා මරුට වසඟ වේ..

පුෂ්ප වග්ගො 4

පුප්ඵානි හෙව පචිනන්තං
ඛ්‍යාසත්තමනසං නරං
සුත්තංගාමං මහොඝො ව
මච්චු ආදාය ගච්ඡති

මහ වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මෙන්,මරුවා පස්කම් නමැති මල්ම රැස් කරන,එහිම ඇලුණු සිත් ඇති මිනිසා ඇද ගෙන යයි..

2.6.11

රත්නමාලි ගාථා රත්නය

සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිලෙන තුම් සඳහම් දෙසන ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සඳ

සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
නමිදිමි බැතින් සිරි සඳහම් මිණි පහන

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන
ලත සැප දමා පර තෙර වෙත නෙත යොමන
වදිනෙමි නිති පතා පින්සරු මහ සඟන

පුෂ්ප වග්ගො 3

ඵෙණූපමං කායමිමං විදිත්වා
මරීචිධම්මං අභිසම්බුධානො
ඡෙත්වාන මාරස්ස පපුප්ඵකානි
අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙ

මේ ශරීරය පෙණ පිඩකි,මිරිඟුවකි.මේ බව අවබෝධ කොට ගත් තැනැත්තා මරුට හිමි පස් කම් බැමි කපා හැර, මරණින් මිදුණ නිවන ලබන්නේය..

1.6.11

පුෂ්ප වග්ගො 2

සෙඛො පඨවිං විජෙස්සති
යමලොකං ච ඉමං සදෙවකං
සෙඛො ධම්මපදං සුදෙසිතං
කුසලො පුප්ඵමිව පචෙස්සති

ත්‍රිවිධ ශික්ෂායෙන් හික්මෙමින් සෝවාන් මග පටන් රහත් මග තෙක් පැමිණි සප්ත ආර්යය පුද්ගලයා මේ ආත්මභාව සංඞඛ්‍යාත පොළොව ද සතර අපාය හා දෙව්ලෝ සහිත මිනිස් ලොව ද පිළිවිද දැනගන්නේය.දක්ෂ මාලාකාරයකු මල් තෝරා රැස්කරන්නාක් මෙන් ත්‍රිවිධ ශික්ෂායෙන් හික්මෙමින් සෝවාන් මග පටන් රහත් මග තෙක් පැමිණි සප්ත ආර්යය පුද්ගලයා මනාව දෙසන ලද සත්තිස් බෝධි පාක්ෂික ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නේය..

31.5.11

පුෂ්ප වග්ගො 1

කොඉමං පඨවිං විචෙස්සති
යමලොකංච ඉමං සදෙවකං ?
සෙඛො ධම්මපදං සුදෙසිතං
කුසලො පුප්ඵමිව පචෙස්සති ?

ආත්මභාව සඞඛ්‍යාත පොළොවත්,යමලොව හා දෙව්ලොව සහිත මේ මිනිස් ලොවත් කවරෙක් පිළිබද දැනගන්නේද ?
දක්ෂ මාලාකාරයකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්තිස් බෝධි පාක්ෂික ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නේද ?

30.5.11

චිත්ත වග්ගො 11

න තං මාතා පිතා කයිරා
අඤ්ඤ වා'පිච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං
සෙය්‍යසො නං තතො කරෙ

මනා කොට පිහිටුවන ලද සිත මව් පිය නෑදෑයන් විසින් පවා නොකළ හැකි යහපතක් කරන්නේය.ඒ පුද්ගලයා උතුමකු කරන්නේ ය..

- - - - - - - - - චිත්ත වර්ගය නිමි - - - - - - - - -

29.5.11

චිත්ත වග්ගො 10

දිසො දිසං යං තං කයිරා
වෙරී වා පන වෙරිනං
මිච්ඡාපණිහිතං චිත්තං
පාපියො නං තතො කරෙ

සොරෙක් තවත් සොරෙකුට හෝ වෛර කාරයෙක් තවත් වෛර කාරයකුට හෝ යම් නපුරක් කරන්නේද,එයට වඩා මහ නපුරක් වරදෙහි යෙදූ සිත ඒ පුද්ගලයාට කරන්නේය.ඔහු පාපියෙකු කරන්නේය..

චිත්ත වග්ගො 9

අචිරං වතයං කායො
පඨවිං අධියෙස්සති
ඡුද්ධො අපෙතවිඤ්ඤාණො
නිරත්ථං ව කලිංගරං

ඉවත දැමූ වැඩකට නැති දර කැබැල්ලක් මෙන් මේ කයද පහවූ සිත් ඇතිව නොබෝ කලකින් පොළොව මත හෝනේය..

28.5.11

චිත්ත වග්ගො 8

කුම්භුපමං කායමිමං විදිත්වා
නාගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යොධෙථ මාරං පඤ්ඤාවුධෙන
ජිතං ච රක්ඛෙ අනිවෙසනො සියා

මේ කය මැටි බදුනක් යයි දැන,මේ සිත නගරයක් යැයි සිතාගෙන,නුවණ නැමැති ආයුධයෙන් කෙලෙස් මරුට පහර දිය යුතුය.එසේ පහර දී දිනාගත් දේ රැකගත යුතුය..

27.5.11

චිත්ත වග්ගො 7

අනවස්සුත චිත්තස්ස
අනන්වාහතචෙතසො
පුඤ්ඤපාප පහීනස්ස
නත්ථි ජාගරතො භයං

රාගයෙන් තෙත් නොවූ, ද්වේෂයෙන් දැඩි නොවූ සිතක් ඇති,පින් පවූ නැසූ,කෙලෙස් නින්දෙන් නොනිදන්නාට භයක් නැත..

26.5.11

චිත්ත වග්ගො 6

අනවට්ඨිත චිත්තස්ස
සද්ධම්මං අවිජානතො
පරිප්ලවපසාදස්ස
පඤ්ඤා න පරිපූරති

අස්ථිර සිත් ඇති,සදහම් නොදත්,ඉල්පෙන සැදැහැ ඇති තැනැත්තාගේ නුවණ නොපිරේ හෙවත් සම්පූර්ණ නොවේ..

චිත්ත වග්ගො 5

දුරංගමං එකචරං
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සංයමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා

දුර ගමන් යන,තනිව හැසිරෙන,ශරීරයක් නැති,රූප නමැති ගුහාවෙහි නිදන සිත යම් කෙනෙක් සංවර කර ගනිද්ද ඔව්හූ මාර බන්ධනයෙන් මිදෙති..

24.5.11

චිත්ත වග්ගො 4

සුදුද්දසං සුනිපුණං
යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්ඛෙථ මෙධාවී
චිත්තං ගුත්තං සුඛාවහං

නුවණැත්තා දැක්මට ඉතා අපහසු වූ ද,ඉතා සියුම් වූ ද,කැමති හැමතැනකම හැසිරෙන්නා වූ ද සිත රැක ගන්නේය.රක්නා ලද සිත සුව ගෙන දේ..

23.5.11

චිත්ත වග්ගො 3

දුන්නිග්ගහස්ස ලහුනො
යත්ථ කාමනිපාතිනො
චිත්තස්ස දමතො සාධු
චිත්තං දන්තං සුඛාවහං

අල්ලා ගැනීමට අපහසු වූ,වහ වහා ඉපිද නැසෙන සුලු වූ,කැමති හැම අරමුණකට ම වැටෙන සුලු වූ මේ සිත දමනය කිරීම යහපත් ය.දමනය කරන ලද සිත සුව ගෙනදේ..

22.5.11

චිත්ත වග්ගො 2

වාරිජො'ව ථලෙ ඛිත්තො
ඔකමොකත උබ්භතො
පරිප්ඵන්දතිදං චින්තං
මාරධෙය්‍යං පහාතවේ

කෙලෙස් පහ කිරීමට වෑයම් කරන කල මේ සිත දියෙන් ගොඩගත් මසකු සේ හැම අතින් ම සැලෙයි.එහෙයින් කෙලෙස් නැසිය යුතුය..

21.5.11

චිත්ත වග්ගො 1

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරොති මෙධාවී
උසුකාරො'ව තෙජනං

චංචල වූ,චපල වූ,රැකීමට අපහසු,දුසිරිතෙන් වෙන් කොට ගැනීම අසීරුවන සිත නුවණැත්තා,වඩුවකු හී දණ්ඩක් ඍජු කරන්නාක් මෙන් ඍජු කරයි..

අප්පමාද වග්ගො 12

අප්පමාද රතො භික්ඛූ
පමාදෙ භයදස්සී වා
අභබ්බො පරිහාණාය
නිබ්බාණස්සෙ ව සන්තිකෙ

නොපමාවෙහි ඇලුණු,පමාවෙහි බිය දන්නා වූ භික්ෂුව පිරිහීමට බැරි කෙනෙකි.නිවන ඔහු සමීපයෙහි වෙයි..

- - - - - - - - - අප්පමාද වග්ගය නිමි- - - - - - - - -

අප්පමාද වග්ගො 11

අප්පමාද රතො භික්ඛූ
පමාදෙ භයදස්සී වා
සංයොජනං අණුං ථුලං
ඩහං අග්ගී' ව ගච්ඡති

නොපමා බවෙහි ඇලුණු,පමාවෙහි බිය දන්නා වූ භික්ෂුව,ගින්න ලොකු කුඩා දර සියල්ල දවාලන්නාක් මෙන් ලොකු කුඩා සසර බැමි විනාශ කොට නිවන් පුර වදී..

19.5.11

අප්පමාද වග්ගො 10

අප්පමාදෙන මඝවා
දෙවානං සෙට්ඨතං ගතො
අප්පමාදං පසංසන්ති
පමාදො ගරහිතො සදා

නොපමා බව නිසා ශක්‍රයා දෙවියන් අතර ශ්‍රේෂ්ඨ වූයේය.පණ්ඩිතයෝ නොපමා බව පසසති.පමාව හැමදා ගරහති..

අප්පමාද වග්ගො 9

අප්පමතො පමත්තෙසු
සුත්තෙසු බහුජාගරො
අබලස්සං'ව සීඝස්සො
හිත්වා යාති සුමෙධසො

පමා වූවන් අතුරෙහි නොපමාවූත්,නිදන්නවුන් අතුරෙහි බොහෝ නිදි මරන්නාවූත්,යහපත් නුවණැත්තා,වේගයෙන් දුවන අශ්වයා අබලන් අශ්වයා පසුකොට යන්නාක් මෙන්,පමා වූවන් හැර යයි..

18.5.11

අප්පමාද වග්ගො 8

පමාදං අප්පමාදෙන
යදා නුදති පණ්ඩිතො
පඤ්ඤා පාසාදමාරුය්හ
අසොකො සොකිනිං පජං
පබ්බතට්ඨො'ව භුම්මට්ඨෙ
ධීරො බාලේ අවෙක්ඛ්ති

යම් කලෙක පණ්ඩිතයා නොපමාවෙන් පමාව මග හරවා ගනීද,එවිට ඔහු නුවණ නමැති පහයට නැගී ශෝක රහිතව ශෝකී ජනයා දෙස බලයි.ඔහු ඔවුන් දෙස බලන්නේ කදු මුදුනක සිටින නුවණැත්තකු බිම සිටින අඥානයින් දෙස බලන්නාක් මෙනි..

අප්පමාද වග්ගො 7

මා පමාදමනුයුඤ්ජෙථ
මා කාමරතිසන්ථවං
අප්පමත්තො හි ඣායන්තො
පප්පොති විපුලං සුඛං

පමාවෙන් කල් නොයවවු.කාමයෙහි ඇලී ගැලී නොවසවු.නොපමාව ම ධ්‍යාන භාවනා කරන්නා මහත් සැපතට පැමිණේ..

අප්පමාද වග්ගො 6

පමාදමනුයුඤ්ජන්ති
බාලා දුම්මෙධිනො ජනා
අප්පමාදං ව මෙධාවී
ධනං සෙට්ඨං'ව රක්ඛති

දෙලෝ වැඩ නොදත් අනුවණ ජනයා පමාවෙන් හෙවත් නොසැලකිල්ලෙන් කල් යවත්.ප්‍රඥාවන්තයා නොපමා බව උසස් ධනයක් මෙන් රකී..

17.5.11

අප්පමාද වග්ගො 5

උට්ඨානෙනප්පමාදෙන
සංයමෙන දමෙන ච
දීපං කයිරාථ මෙධාවි
යං ඔඝො නා භිකීරති

නැගී සිටි වීර්යයෙන්,අප්‍රමාදයෙන්,මනා සංයමයෙන් හා
ඉන්ද්‍රීය දමනයෙන් ද,යුක්ත වූ පණ්ඩිතයා කෙලෙස් වතුරින් යට නොවන දිවයිනක් හෙවත් උස් තැනක් තනා ගන්නේය..

අප්පමාද වග්ගො 4

උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො
අප්පමත්තස්ස යසො භිවඩ්ඪති

නැගී සිටි වීර්යයෙන්ද,මනා සිහියෙන් යුතු,නිදොස් දේ කරන, විමසා බලා කටයුතු කරන,තැන්පත් දැහැමි දිවි පැවතුම් ඇති නොපමා වූ පුද්ගලයාගේ කීර්තිය මනාව වැඩේ..

16.5.11

අප්පමාද වග්ගො 3

තෙ ඣායිනො සාතතිකා
නිච්චං දළ්හ පරක්කමා
ඵූසන්ති ධීරා නිබ්බාණං
යොගක්ඛෙමං අනුත්තරං

ධ්‍යාන භාවනා කරන,නිරතුරුව පවත්නා වීර්ය හා දැඩි උත්සාහය ඇති ඒ පණ්ඩිතයෝ,කාමාදී යෝගයන්ගෙන් නිර්භය වූ දුකින් වෙන්වූ නිවන ලබති..

15.5.11

අප්පමාද වග්ගො 2

එතං විසෙසතො ඤත්වා
අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදෙ පමොදන්ති
අරියානං ගොචරෙ රතා

මේ කරුණු වෙසෙසින් දැන ආර්ය‍යන්ටම විෂය වන නොපමා බවෙහි ඇලුණ පණ්ඩිතයෝ තමන් නොපමා බවෙහි බෙහෙවින් සතුටු වෙති..

14.5.11

අප්පමාද වග්ගො 1

අප්පමාදො අමත පදං
පමාදො මච්චුනො පදං
අප්පමත්තා න් මීයන්ති
යෙ පමත්තා යථා මතා

නොපමාව,එලඹ සිටි සිහි ඇති බව නිවනට කරුණු වේ.පමාව,සිහි මුලා බව මරණයට කරුණු වේ.නොපමාව වූවෝ නොමැරෙත්.පමාවූවෝ නොමළත් මළවුන් වැනිය..

යමක වග්ගො 20

අප්පම්පි චෙ සහිතං භාසමානො
ධම්මස්ස හොති අනුධම්මචාරී
රාගං ච දොසං ච පහාය මොහං
සම්මප්පජානො සුවිමුත්තචිත්තො
අනුපා දියානො ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හොති

යමෙක් තුන් පිටකය ස්වල්පයක් කියතත්,ධර්මය පිළිපදී නම් ධර්මයට අනුව හැසිරේ නම්,ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොද නුවණින් හා මිදුණු සිතින් යුක්තව මෙලොව පරලොව කිසිම බැදීමක්,කිසිවක් දැඩිව ගැනීමක් නැතිව මහණ දමේ ඵලයට හිමිකරුවෙක් වේ..

- - - - - - - - - යමක වග්ගය නිමි- - - - - - - - -

යමක වග්ගො 19

බහුම්පි චෙ සහිතං භාසමානො
න තක්කරො හොති නරො පමත්තො
ගොපො'ච ගාවො ගණයං පරෙසං
න භාගවා සමාඤ්ඤස්ස හොති

යමෙක් තුන්පිටකයම ඉගෙන බොහොම බණ කියතත් තමා ඒ ධර්මය නොපිළිපදී නම්,අනුන්ගේ ගවයින් රකින ගොපල්ලා මෙන් මහණ දමේ ඵලයට හිමිකරුවෙක් නොවේ..

යමක වග්ගො 18

ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤා උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කතන්ති නන්දති
භිය්‍යො නන්දති සුග්ගතිං ගතො

පින් කල තැනැත්තා මෙලොවත් සතුටු වෙයි.පරලොවත් සතුටු වෙයි.දෙලොවම සතුටු වෙයි.මා විසින් පින් කරන ලදැයි සිතා සතුටු වෙයි.සුගතියට ගියේ වඩාත් සතුටු වෙයි..

යමක වග්ගො 17

ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
පාපං මෙ කතන්ති තප්පති
භිය්‍යො තප්පති දුග්ගතිං ගතො

පව් කරන්නා මෙලොවත් තැවෙයි.පරලොවත් තැවෙයි.දෙලොවම තැවෙයි.මා විසින් පව් කරන ලදැයි සිතා තැවෙයි.දුගතියට ගියේ වඩාත් තැවෙයි..

යමක වග්ගො 16

ඉධ මොදති පෙච්ච මොදති
කතපුඤ්ඤා උභයත්ථ මොදති
සො මොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනො

පින් කල තැනැත්තා මෙලොවත් සතුටු වෙයි.පරලොවත් සතුටු වෙයි.දෙලොවම සතුටු වෙයි.ඔහු තමාගේ පිරිසිදු කර්මය දැක සතුටු වෙයි.ඉතාමත් සතුටු වෙයි..

යමක වග්ගො 15

ඉධ සොචති පෙච්ච සොචති
පාපකාරී උභයත්ථ සොචති
සො සොචති සො විහඤ්ඤති
දිස්වා කම්මකිලිටඨ මත්තනො

පව් කරන්නා මෙලොවත් ශෝක කරයි.පරලොවත් ශෝක කරයි.දෙලොවම ශෝක කරයි.ඔහු තමාගේ කිලිටි ධර්මය දැක ශෝක කරයි.වැනසෙයි..

13.5.11

යමක වග්ගො 14

යථා අගාරං සුඡ්චන්නං
වුට්ඨි න සමතිවිජ්ඣති
එවං සුභාවිතං චිත්තං
රාගො න සමති විජ්ඣති

හොදින් සෙවිලි කල ගෙය වැස්සෙන් නොතෙමෙන්නා සේ යන්නා සේ භාවනාවට පුරුදු පුහුණු කල සිත රාගයෙන් තෙත් නොවේ..

යමක වග්ගො 13

යථා අගාරං දුඡ්චන්නං
වුට්ඨි සමති විජ්ඣති
එවං අභාවිතං චිත්තං
රාගො සමති විජ්ඣති

හොදින් සෙවිලි නොකල ගෙය වැස්සෙන් තෙමී යන්නා සේ භාවනාවට පුරුදු පුහුණු නොකල සිත රාගයෙන් තෙත් වේ..

යමක වග්ගො 12

සාරං ච සාරතො ඤත්වා
අසාරංච අසාරතො
තෙ සාරං අධිගඡ්චන්ති
සම්මා සංකප්ප ගොචරා

සරු දේ සරු ලෙසත්,නිසරු දේ නිසරු ලෙසත් සලකන යහපත් සිතුවිලි ඇති පුද්ගලයෝ සරු දෙයක්ම ලබති..

යමක වග්ගො 11

අසාරෙ සාරමතිනො
සාරෙ චාසාරදස්සිනො
තෙ සාරං නාධිගඡ්චන්ති
මිඡ්චාසංකප්ප ගොචරා

නිසරු දේ සරු දේ ලෙසත්,සරු දේ නිසරු ලෙසත් සලකමින් නිතරම වැරදි කල්පනාවල එල්බුනු පුද්ගලයෝ සරු දහමක් නොලබති..

11.5.11

යමක වග්ගො 10

යො ච වන්ත කසාවස්ස
සීලෙසු සුසමාහිතො
උපෙතො දම සච්චෙන
ස වෙ කාසාව මරහති

කෙලෙස් කහට රහිත වූ,මනා කොට සීලයෙහි පිහිටි,ඉන්ද්‍රිය දමනයෙන් හා ඇත්ත කීමෙන් යුක්ත වූ යමෙක් සිවුරක් දරන්නේ නම් ඔහු ඒකාන්තයෙන්ම සිවුරට සුදුසුය..

යමක වග්ගො 9

අනික්කසාවො කාසාවං
යො වත්ථං පරිදෙහෙස්සති
අපෙතො දමසච්චේන
න සො කාසාවමරහති

කෙලෙස් කහට සහිත වූ ඉන්ද්‍රිය දමනයෙන් හා ඇත්ත කීමෙන් තොර වූ යමෙක් සිවුරක් දරන්නේ නම් ඔහු කිසි සේත් සිවුරට සුදුසු නැත..

10.5.11

යමක වග්ගො 8

අසුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්හි මත්තඤ්ඤුං
සද්ධං ආරද්ධ වීරියං
තං වෙ නප්පසහති මාරො
වාතො සෙලං ව පබ්බතං

යමෙක් රූපාදී අරමුණු අශුභයි සලකමින්, ඉන්ද්‍රීය සංවරයකින් යුතුව,කෑමෙහි පමණ දැන සැදැහැතිව, සම්පූර්ණ වීර්ය ඇතිව වසන පුද්ගලයා,වාතයට ගල් පර්වතයක් නොසෙල්විය හැක්කා සේ කෙලෙස් මාරයාටද සෙලවිය නොහැක..

9.5.11

යමක වග්ගො 7

සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීනවීරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං ව දුබ්බලං

යමෙක් රූපාදී අරමුණු ශුභයි සලකමින්, ඉන්ද්‍රීය සංවරයකින්ද තොරව පමණ ඉක්මවා ආහාර ගනිමින්, කම්මැලිව,වීර්යයෝ හීනව වෙසෙත් නම් කෙලෙස් මාරයා ඔහු මැඩලන්නේ,සුලග දුර්වල ගසක් මුලිනුපුටා හෙළන්නාක් මෙනි..

යමක වග්ගො 6

පරෙ ච න විජානන්ති
මය මෙත්ථ යමාමසෙ
යෙ ච තත්ථ විජානන්ති
තතො සම්මන්ති මෙධගා

මාගේ අවවාද නොපිලිගන්නෝ, අපි මේ කලහයෙන් වැනසෙන්නම්හ යි යන බව නොදනිති.යමෙක් එය දනිත් නම් ඒ නිසා කලහ සන්සිදේ..


lankablogger

8.5.11

යමක වග්ගො 5

නහි වෙරෙන වෙරානි
සම්මන්තී ධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති
එස ධම්මො සනත්තනො

මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිදේ.අවෛරයෙන්ම වෛරයෝ සන්සිදේ.මෙය සදාකාලික වූ ධර්මතාවයකි.

යමක වග්ගො 4

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසූපසම්මතී

අසවලා මට බැන්නේය.මට පහර දුන්නේය.මා පැරද වූයේය.මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යලි යලි සිතමින් ක්‍රෝධ නොබදී නම් ඔවුන්ගේ වෛරය සන්සිදේ..

යමක වග්ගො 3

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති

අසවලා මට බැන්නේය.මට පහර දුන්නේය.මා පැරද වූයේය.මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යලි යලි සිතමින් ක්‍රෝධ බදී නම් ඔවුන්ගේ වෛරය නොසන්සිදේ..

7.5.11

යමක වග්ගො 2

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නේන
භාසතිවා කරොතිවා
තතො නං සුඛමන්වෙති
ඡායාව අනපායිනි

සිතේ ඇතිවන කුසලාදී ධර්මයන්ට හෙවත් චෛතසිකයන්ට සිත පෙරටු කොට ඇත්තාහ.සිත අධිපති කොට ඇත්තාහ.සිත මුල්ය.ඒවා සිතම ශ්‍රේෂ්ඨ කොට පවතී.සිතින්ම උපදී.එහෙයින් යමෙක් හොද පහන් සිතින් යමක් කියයි නම්, කරයි නම් සිරුර නොහැර යන සෙවනැල්ල සේ සැපය ඔහු ලුහුබදී..

යමක වග්ගො 1

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරොතිවා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං

සිතේ ඇතිවන කුසලාදී ධර්මයන්ට හෙවත් චෛතසිකයන්ට සිත පෙරටු කොට ඇත්තාහ.සිත අධිපති කොට ඇත්තාහ.සිත මුල්ය.ඒවා සිතම ශ්‍රේෂ්ඨ කොට පවතී.සිතින්ම උපදී.එහෙයින් යමෙක් නරක ගතිවලින්, කිලිටි වූ සිතින් යමක් කියයි නම්, කරයි නම් ගැල අදින ගොනාගෙ පාදය අනුව ඇදෙන රෝදය සේ ඔහු පසුපස දුක ලුහුබදී..

ධම්ම්පදය

රත්නාර්ථ සූධනී නම් වූ..
ධම්ම්පදය
අද පටන්
පිලිවෙලින් ඔබ සැම වෙතට..



2600 වන ශ්‍රි සම්බුද්ධජයන්තිය වෙනුවෙන්.....

අද සිටම පිළිවෙතින් පෙලගැසෙමු..!