19.5.12

භික්ඛු වග්ගො 4

යො මුඛසඤ්ඤතො භික්ඛු
මත්තභාණී අනුද්ධතො
අත්තං ධම්මං ච දීපෙති
මධුරං තස්ස භාසිතං

කට රැකගත් නුවණින් සලකා පමණ දැන කථා කරන, සංසුන් සිතැති යම් භික්ෂුවක් පාළි අර්ථය හා ධර්මයත් මනාව දැන ප්‍රකාශ කෙරේ නම් ඔහුගේ වචනය ඉතා මිහිරි ය..

16.5.12

භික්ඛු වග්ගො 3

හත්ථසඤ්ඤතො පාදසඤ්ඤතො
වාචාය සවඤ්ඤතුත්තමො
අජ්ඣත්තරතො සමාහිතො
එකො සන්තුසිතො තමාහු භික්ඛුං

අතේ තැන්පත්කම ඇති, පයේ තැන්පත්කම ඇති, හැම අතින් ම තැන්පත්කම ඇති, කර්මස්ථාන භාවනාවෙහි ඇලුණු, සමාධියෙහි පිහිටි, තනිව වසමින් තමා ලත් මඟ පලෙන් සතුටුවන යමෙක් වේ ද, ඔහුට භික්ෂුවය'යි කියත්..

13.5.12

භික්ඛු වග්ගො 2

කායෙන සංවරො සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු සබ්බත්ථ සංවරො
සබ්බත්ථ සංවරො භික්ඛු
සබ්බදුක්ඛා පමුච්චති

කයින් සංවර වීම යහපත් ය. වචනයෙන් සංවර වීම යහපත් ය. සිතින් සංවර වීම යහපත් ය. හැම තන්හි ම සංවර වූ භික්ෂුව සියලු දුකින් මිදේ..