7.1.12

ධම්මට්ඨ වග්ගො 10

යො ච සමෙති පාපානී
අණුං ථූලානි සබ්බසො
සමිතත්තා හි පාපානං
සමණොති පවුච්චති

යමෙක් ලොකු කුඩා පව් මුළුමනින් ම සංසිඳුවා ගනී ද, ඔහු පව් සංසිඳ වූ බැවින් මහණෙකැ'යි කියනු ලැබේ..

ධම්මට්ඨ වග්ගො 9

න මුණ්ඩකෙන සමණො
අබ්බතො අලිකම්භණං
ඉච්ඡාලොභ සමාපන්නො
සමණො කිං භවිස්සති


ශීලාදී වෘත ගුණ නැති බොරු කියන පුද්ගලයා හිස මුඬු කළ පමණකින් මහණෙක් නො වේ. ඉච්ඡාවෙන් හා ලෝභයෙන් ද යුත් තැනැත්තා කෙසේ නම් මහණෙක් වන්නෙද .?

5.1.12

ධම්මට්ඨ වග්ගො 8

යස්ස චෙතං සමුච්ඡින්නං
මූලඝච්චං සමූහතං
ස වන්තදොසො මෙධාවී
සාධුරූපොති වුච්චති

යමකු විසින් ඊර්ෂ්‍යා ආදී අකුසල් ගති මුලින් ම උදුරා දමන ලද ද පහකර ගත් කෙලෙස් මල ඇති ඔහු යහපත් ස්වභාව ඇත්තෙකැයි කියනු ලැබේ..

4.1.12

ධම්මට්ඨ වග්ගො 7

න වාක්කරණමත්තෙන
වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපො නරො හොති
ඉස්සුකී මච්ඡරි සඨො

අනුන්ට ඊර්ෂ්‍යා කරන, මසුරුකම් කරන කපටියා ලක්ෂණ මිහිරි වචන කථා කළ පමණකින් වත්, හැඩ වැඩ ඇති පමණින් වත් යහපත් ස්වභාව ඇති මිනිසෙක් නො වේ..

ධම්මට්ඨ වග්ගො 6

යම්හි සච්චං ච ධම්මොච
අහිංසා සංයමො දමො
ස වෙ වන්තමලො ධීරො
ථෙරො ඉති පවුච්චති

යමෙකු තළ සත්‍යයත්, ධර්මයත්, අවිහිංසාවත්, තැන්පත්කමත්, ඉන්ද්‍රීය දමනයත් ඇද්ද, පහ කරන ලද කෙලෙස් ඇති එබඳු බුද්ධිමතා ස්ථවිරයෙකැ'යි කියනු ලැබේ..

3.1.12

ධම්මට්ඨ වග්ගො 5

න තෙන ථෙරො හොති
යෙනස්ස පලිතං සිරො
පරිපක්කො වයො තස්ස
මොඝජිණ්ණොති වුච්චති

හිස කෙස් පැසුණු පමණින් යමෙක් ස්ථවිර නො වේ. වයසින් පමණක් මේරූ ඔහු 'හිස් මහල්ලා' යයි කියනු ලැබේ..

1.1.12

ධම්මට්ඨ වග්ගො 4

න තාවතා ධම්මධරො
යාවතා බහු භාසති
යො ච අප්පම්පි සුත්වාන
ධම්මං කායෙන පස්සති
සවෙ ධම්ම ධරොහොති
යො ධම්මං නප්පමජ්ජතී

බොහෝ සේ කථා කළ පමණිනුත් යමෙක් ධර්මධරයෙක් නො වේ. යමෙක් ස්වල්පයක් නමුත් දහම් අසා දැන නාම කයින් චතුරාර්‍ය සත්‍යය දකී නම් හෙතෙම ඒකාන්තයෙන් ධර්ම ධරයෙක් වේ. ධර්මය ගැන මනා සැලකිල්ල දක්වන එබඳු පුද්ගලයාත් ධර්මධර නම් වේ..

ධම්මට්ඨ වග්ගො 3

න තෙන පණ්ඩිතො හොති
යාවතා බහු භාසති
ඛෙමී අවෙරී අභයො
පණ්ඩිතොති පවුච්චති

යමෙක් බොහෝ සේ කථා කළ පමණිනුත් පණ්ඩිතයෙක් නොවේ.උවදුරු නැති, වෛර නැති, භය නැති පුද්ගලයා පමණක් පණ්ඩිතයෙකැ'යි කියනු ලැබේ..