20.4.12

තණ්හා වග්ගො 10

තසිණාය පුරක්ඛතා පජා
පරිසප්පන්ති සසොව බංධිතො
තස්මා තසිණං විනොදයෙ
භික්ඛු ආකංඛි විරාගමත්තනො

තෘෂ්ණාවෙන් වට වූ සත්වයෝ මල පුඩුවෙන් බැඳුණු සාවකු මෙන් බියෙන් ගැහෙත්.එබැවින් තමහට නිවන් කැමති භික්ෂුව විසින් තණ්හාව දුරු කළ යුතුය..

19.4.12

තණ්හා වග්ගො 9

තසිණාය පුරක්ඛතා පජා
පරිසප්පන්ති සසොව බංධිතො
සංයොජනසංගසත්තා
දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය

තෘෂ්ණාවෙන් වෙළා ගන්නා ලද සත්වයෝ මල පුඩුවෙන් බැඳුණු සාවකු මෙන් බියෙන් තැති ගනිත්. දස සංයෝජනයෙන් හා රාගාදී සත් සංග වලින් ද බැඳුණු ඒ සත්වයෝ බොහෝ කාලයක් ම නැවත නැවතත් දුකට පැමිණෙත්..

17.4.12

තණ්හා වග්ගො 8

සරීතානි සිනෙහිතානි ච
සොමනස්සානි භවන්ති ජන්තුනො
තෙ සාතසිතා සුඛෙසිනො
තෙ වෙ ජාතිජරූපගා නරා

රූපාදී අරමුණුවල විසිර පවත්නා වූ තෘෂ්ණාවෙන් තෙත්වූ සත්වයාට සොම්නස් වේදනාවෝ ඇති වෙත්. ඒ සොම්නස් ඇසුරු කළා වූ සිත කය දෙකට සැප සොයත්. ඔව්හූ ඒකාන්තයෙන් ම ජාති, ජරා ආදියට පැමිණෙන්නෝය..

15.4.12

තණ්හා වග්ගො 7

සවන්ති සබ්බධී සොතා
ලතා ලබ්භිජ්ජ තිට්ඨති
තං ච දිස්වා ලතං ජාතං
මූලං පඤ්ඤාය ඡින්දථ

තෘෂ්ණා නමැති දිය පහරවල් හැම තැන ගලා බසී. තෘෂ්ණා නමැති ලතාව සදොරින් මතු වී සිටී. එසේ හටගත් ඒ තෘෂ්ණා ලතාව බලා එහි මුල නුවණින් සිදිව්..