4.8.12

බ්‍රාහ්මණ වග්ගො 14

නචාහං බ්‍රාහ්මණං බ්‍රෑමි
යොනිජං මත්තිසම්භවං
භොවාදී නාම සො හොති
සචෙ හොති සකිංචනො
අකිංචනං අනාදානං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

බමුණු යෝනියෙහි උපන් පමණින් වත්, බැමිණියක මව වූ පමණින් වත්, කෙනෙකු බ්‍රාහ්මණයකු වෙතැයි මම නොකියමි. බමුණු කුලයෙහි උපන්නත් යමෙක් රාගාදී වූ පලිබෝධවලින් යුක්ත නම්, ඔහු දුටු දුටු තැන අනුන්ට හෝ, ( පින්වත, පින්වත ) කියන හේවාදියකු වෙනවා මිස නියම බමුණෙක් නොවේ. රාගාදී පලිබෝධ නැති, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක් නොගන්නා වූ පුද්ගලයා පමණක් බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

1.8.12

බ්‍රාහ්මණ වග්ගො 13

පාංසුකුලධරං ජන්තුං
කීසං ධමනිසන්ථතං
එකං වනස්මිං ඣායන්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

පාංශුකුල සිවුර පොරවමින්, පිළිවෙත් පිරීම නිසා කෙට්ටුව ගිය, නහර වැල් ඉපිලී ගිය ශරීරය ඇතිව, තනිව වනයෙහි හිඳ භාවනා කරන පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..

31.7.12

බ්‍රාහ්මණ වග්ගො 12

කිං තෙ ජටාහී දුම්මෙධ !
කිං තෙ අජිනසාටියා !
අබ්භංතරං තෙ ගහණං
බාහිරං පරිමජ්ජසි ?

අනුවණය ඔබගේ ජටාවාලින් හෝ අඳුන් දිවි සමින් හෝ ඇති ඵලය කුමක් ද ? ඔබ තමාගේ ඇතුලත කෙලෙස්වලින් පිරී තිබිය දී පිටත පමණක් පිරිමදිද් ද ?