22.6.12

භික්ඛු වග්ගො 17

පටිසන්ථාර වුත්‍යස්ස
ආචාරකුසලො සියා
තතො පාමොජ්ජ බහුලො
දුක්ඛස්සන්තං කරිස්සසි

යමෙක් මනා පිළිසඳරින් යුක්ත වේ ද, ආචාරයෙහි දක්ෂ වේ ද, එයින් ලබන මහත් ප්‍රීතිය ඇති ඔහු දුක් කෙළවර කර ගන්නේ ය..

21.6.12

භික්ඛු වග්ගො 16

තත්‍රායමාදි භවති
ඉධ පඤ්ඤස්ස භික්ඛුනො
ඉන්ද්‍රියගුත්ති සන්තුට්ඨි
පාතිමොක්ඛෙ ච සංවරො
මිත්තෙ භජස්සු කල්‍යාණෙ
සුද්ධාජීවෙ අතන්දිතෙ

මේ ශාසනයෙහි බුද්ධිමත් භික්ෂුවට ශීලය සෙසු සියල්ලට ම වඩා මුල් වේ. ඉන්ද්‍රීය සංවරය, ආජීවයෙහි පිරිසිදුකම හා ප්‍රතිමොක්ෂ සංවරයත් ඒ ශීලයෙහි ප්‍රධාන ලක්ෂණයයෝ ය. එබඳු ශීල ලක්ෂණ වලින් යුත් පිරිසිදු ආජීවය ඇති කුසීත නො වූ යහපත් මිතුරන් නිතර ඇසුරු කළ යුතුය..

18.6.12

භික්ඛු වග්ගො 15

යතො යතො සම්මසති
ඛන්ධානං උදයබ්බයං
ලභතී පීතිපාමොජ්ජං
අමතං තං විජානතං

යමෙක් යම් විටෙක ස්කන්ධයන්ගේ හටගැන්ම හා විනාශයත් ගැන නුවණින් මෙනෙහි කරයි ද, ඒ හැම විට ම ඔහුට ප්‍රීති ප්‍රමෝදයක් ඇති වේ. කරුණු වැටහෙන්නට එය ම අමෘතයකි..