7.7.12

බ්‍රාහ්මණ වග්ගො 4

ඣායිං විරජමාසීනං
කතකිච්චං අනාසවං
උත්තමත්ථං අනුප්පත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

ධ්‍යාන වඩන, තනිව හුන්. කළ යුතු දේ කොට නිම වූ, ආශ්‍රව නැති, රහත් ඵලයට පැමිණියකුට මම බ්‍රාහ්මණයෙකැ'යි කියමි..

6.7.12

බ්‍රාහ්මණ වග්ගො 3

යස්ස පාරං අපාරං වා
පාරාපාරං න විජ්ජති
වීතද්දරං විසංයුත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙකුට එගොඩ ( අධ්‍යාත්මික ආයතන ) වත්, මෙගොඩ ( බාහිර ආයතන ) වත්, එගොඩ මෙගොඩ දෙකමවත් නැද්ද, කෙලෙස් විඩා නැති කෙලෙස් බැමි නැති ඔහුට, මම බ්‍රාහ්මණයෙකැ'යි කියමි..

4.7.12

බ්‍රාහ්මණ වග්ගො 2

යදා ද්වයෙසු ධම්මෙසු
පාරගු හොති බ්‍රාහ්මණො
අථස්ස සබ්බෙ සංයොගා
අත්ථං ගච්ඡන්ති ජානතො

බ්‍රාහ්මණයා ( සිතින් පව් බැහැර කළ රහතන් වහන්සේ ) යම් විටෙක සමථ විදර්ශනා දෙක් හි පරතෙරට ගියේ, එවිට සිව්සස් දන්නා වූ ඔහුගේ සියලු සංයෝගයෝ විනාශයට යති..