11.5.12

භික්ඛු වග්ගො 1

චක්ඛුනා සංවරො සාධු
සාධු සොතෙන සංවරො
ඝාණෙන සංවරො සාධු
සාධු ජිව්හාය සංවරො

ඇසින් සංවර වීම යහපත් ය. කනින් සංවර වීම යහපත් ය. නැහැයෙන් සංවර වීම යහපත් ය. දිවෙන් සංවර වීම යහපත් ය..

6.5.12

තණ්හා වග්ගො 26

තිණදොසානි ඛෙත්තානි
ඉච්ඡාදොසා අයං පජා
තස්මා හි වීගතිච්ඡෙසු
දින්නං හොති මහප්ඵලං

කෙත් කුඩු මැටි දොසින් යුක්තය. මේ ප්‍රජාව ආශා දෝෂයෙන් යුක්ත ය. ඒ නිසා ආශාව පහ කළ වුන්ට දුන් දේ මහත් ඵලදායක වේ..

- - - - - - - - - තෘෂ්ණා වර්ගය නිමි - - - - - - - - -

තණ්හා වග්ගො 25

තිණ දොසානි ඛෙත්තානී
මොහ දොසා අයං පජා
තස්මා හි වීතමොහෙසු
දින්නං හොති මහප්ඵලං

කෙත් කුඩු මැටි දොසින් යුක්තය. මේ ප්‍රජාව මෝහ දෝෂයෙන් යුක්ත ය. ඒ නිසා මෝහය පහ කළ වුන්ට දුන් දේ මහත් ඵලදායක වේ..

තණ්හා වග්ගො 24

තිණදොසානි ඛෙත්තානි
දෝස දොසා අයං පජා
තස්මා හි වීතදොසෙසු
දින්නං හොති මහප්ඵලං

කෙත් කුඩු මැටි දොසින් යුක්තය. මේ ප්‍රජාව ද්වේෂ දෝෂයෙන් යුක්ත ය. ඒ නිසා ද්වේෂ පහ කළ වුන්ට දුන් දේ මහත් ඵලදායක වේ..

තණ්හා වග්ගො 23

තිණදොසානි ඛෙත්තානි
රාගදොසා අයං පජා
තස්මා හි වීතරාගෙසු
දින්නං හොති මහප්ඵලං

කෙත් කුඩු මැටි දොසින් යුක්තය. මේ මනුෂ්‍ය ප්‍රජාව රාග දෝෂයෙන් යුක්ත ය. ඒ නිසා රාගය පහ කළ වුන්ට දුන් දේ මහත් ඵලදායක වේ..

තණ්හා වග්ගො 22

හනන්ති භොගා දුම්මේධං
නො චෙ පාරගවෙසිනො
භොගතණ්හාය දුම්මෙධො
හන්ති අඤ්ඤා ව අත්තනං

භෝගයෝ ( උපභෝග, පරිභෝග සම්පත් ) අනුවණයා නසත්. එහෙත් නිවන් සොයන්නහුට ඒවායින් අනතුරක් නැත. මෝඩයා වස්තු ආශාව නිසා, අනුන් ලවා නසා ගන්නාක් මෙන් තමා නසා ගනී..

තණ්හා වග්ගො 21

සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බං රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති

ධර්ම දානය සියලු දන් දිනයි. ධර්ම රසය සියලු රස දිනයි. ධර්ම රතිය සියලු රතීන් දිනයි. රහත් ඵලය සියලු දුක් දිනයි..

තණ්හා වග්ගො 20

සබ්බාභිභු සබ්බවිදුහමස්මි
සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො
සබ්බංජහො තණ්හක්ඛයෙ විමුත්තො
සයං අභිඤ්ඤාය සමුද්දිස්‍යෙයං

මම සියලු දේ මැඬලීමි. සියලු දේ දනිමි. සියලු දෙයෙහි නො ඇලෙමි. සියල්ල දුරලීමි. තණ්හාව කෙළවර කරලීමෙන් මිදුනෙමි. මෙසේ කොට සියල්ල තමා විසින් ම අවබෝධ කරගෙන අනික් කවරෙකු ආචාර්ය වශයෙන් දක්වම් ද..?