9.6.12

භික්ඛු වග්ගො 11

පංච ඡින්දෙ පංච ජහෙ
පංච චුත්තරි භාවයෙ
පංච සංගාතිගො භික්ඛු
ඔඝතිණ්ණොති වුච්චති

සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, ව්‍යාපාද යන ඕරම්භාගිය සංයෝජන පස සිඳිය යුතුය. රූප රාග ආදී උද්ධර්මභාගිය සංයෝජන පස ද දුරු කළ යුතුය. එසේ කොට ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රීය පස දියුණු කළ යුතුය. රාග ආදී සංග පස ඉක්ම වූ භික්ෂුව සංසාරය නමැති මහ වතුරෙන් ගොඩ වූවෙකැ යි සලකනු ලැබේ..

5.6.12

භික්ඛු වග්ගො 10

සිංච භික්ඛු ඉමං නාවං
සිත්තා තෙ ලහුමෙස්සති
ඡෙත්වා රාගං ච දොසං ච
තතො නිබ්වාණමෙහිසි

මහණෙනි, මේ ශරීර නැවේ පිරී තිබෙන මිථ්‍යා විතර්ක නමැති ජලය ඉස ලන්න. එසේ ඉසීමෙන් නැව සැහැල්ලු වී ඔබගේ නිවන් පුරට යන මඟ ලෙහෙසි වේ. එහෙයින් ඔබගේ නැව බැඳ තබා තිබෙන රාග ද්වේෂ නමැති බැමි ද කඩා දමා නිවන් පුරට යන්න..

3.6.12

භික්ඛු වග්ගො 9

මෙත්තා විහාරී යො භික්ඛු
පසන්නො බුද්ධසාසනෙ
අධිගච්ඡෙ පදං සන්තං
සංඛාරූපසමං සුඛං

මෛත්‍රී විහරණයෙන් යුත් යම් භික්ෂුවක් බුදු සසුන්හි පැහැදුණේ ද, හේ සංස්කාරයන්ගේ සංසිඳීම යයි කියන ලද නිවන් සැපයට පැමිණේ..