මාතරං පිතරං හන්ත්වා
රාජානො ද්වෙ ච ඛත්තියෙ
රට්ඨං සානුචරං හන්ත්වා
අනිඝො යාති බ්‍රාහ්මණො
නියම බ්‍රාහ්මණයා තණ්හාව නැමැති මව ද, (තෘෂ්ණාව) මානය නමැති පියා ද, ශාශ්වත උච්ඡේද දෘෂ්ටි නමැති රජුන් දෙදෙනා ද, නන්දිරාග නමැති අනුචරයා සහිත වූ දොළොස් ආයතන නමැති රට ද නසා රහත් තෙමේ නිදුක් ව නිවනට යයි..